සති පිරිත් දෙසුම් මාලාව 24 වැනිදා අවසන් වන අතර 25, 26, 27 දිනවලදී මල් පෙරහැර පැවැත්වේ. අනතුරුව 28 වැනිදා පාවාඩ පෙරහැර පැවැත්වෙන අතර කුඹල් පෙරහැර සහ රන්දොලි පෙරහැර 29 සහ 30 යන දිනවලදී පැවැත්වෙයි.
31 වැනිදා අලුයම දිය කැපීමේ පෙරහැර බොරලැස්‌ගමුව තොටුපල දක්‌වා ගමන් ගෙන අනතුරුව දේව දානය පැවැත්වීමෙන් බෙල්ලන්විල ඇසළ උළෙල නිමාවට පත්වෙන බවද විමලරතන නාහිමියෝ සඳහන් කරති. මෙම පින්කම් උත්සවවලට සහභාගී වන අතිවිශාල ජනතාව සඳහා පහසුකම් සැලසීමට විමලරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විවිධ සංවිධාන රැසක් දැනටමත් ඉදිරිපත්වී සිටිති.
http://www.divaina.com/2014/08/11/news09.html
Pic Source
0 comments:
Post a Comment