Pages

Saturday, August 9, 2014

කුච්චවේලි ප‍්‍රාදේශීය සභාපති මුබාරක් රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකිරීම සහ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුනු එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කුච්චවේලි ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අත්අඩංගුවට ගත් ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී.එල්.පී. මුබාරක් අද කුච්චවේලි සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස  රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ. පසුගිය මස 31 වැනිදා හිස් වැසුමක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කිරීම නිසා පුල්මුඬේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් ඔහුට අවවාද කර තිබෙනවා. එම අවස්ථාවේදී සභාපතිවරයා එම පොලිස් නිලධාරියාට බැන තර්ජනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම කුච්චවේලි ප‍්‍රදේශයේදී පසුගිය 2 වැනිදා ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට පුල්මුඬේ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.  

http://www.hirunews.lk/sinhala/88940

Pic Source

0 comments: