Pages

Friday, August 15, 2014

බොදුනුවන්ට තද වන නීතිය, මුසලුවන්ට ලිහිල් ඇයි? - හෙළ උරුමය

අධිකරණ නියෝග කඩකළ තවුහිඞ් ජමාද් සංවිධානයට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙෂ ජාතික හෙළ උරුමය ඉල්ලයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධය නිවේදනය මෙසේය.

පසුගිය 13 වෙනිදා බොදුබල සේනා, සිහළ රාවය හා තවුහිඞ් ඡුමාද් යන සංවිධාන වලට කොටුව හා පිටකොටුව ප‍්‍රදේශවල පෙළපාලි හා රැස්වීම් පැවැත්වීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. එම තහනම් නියෝගය පිළිබඳව එම සංවිධාන දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කර තිබිණි. එහෙත් එම උසාවි තහනම් නියෝගය කඩකරමින් තවුහිඞ් ඡුමාද් සංවිධානය පෙළපාලියක් හා විරොධතා රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙය පැහැදිලිවම රටේ නීතියත් අධිකරණය පැනවූ තහනම් නියෝගයත් අමු  අමුවේ  උල්ලංඝනය  කිරීමකි.  අනෙක් සංවිධාන දෙක අධිකරණ නියෝගයට අවනත වෙමින් රටේ නීතියට හා අධිකරණ නියෝගයට ගරු කරමින් කටයුතු කළ බව දැකගත හැකිවිය. නීතිය සියලූදෙනාට සමාන විය යුතුය. සියලූ සංවිධානවලට ද එකහා සමාන කි‍්‍රයාත්මක විය යුතුය. තහුහිඞ් ඡුමාද් සංවිධානය එම නීති කඩමින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් පෙළපාලි ගියා පමණක් නොව රැස්වීමක් පවත්වමින් ඊශ‍්‍රාලය පලස්තිනයට එල්ල කරන ප‍්‍රහාර වලට විරෝධය පළකරනවා වෙනුවට භික්‍ෂූන්වහන්සේලාට එරෙහිවත් බෞද්ධ සංවිධාන වලට එරෙහිවත් වෛරසහගත කථා පවත්වමින් සරදම් ප‍්‍රකාශ හරහා මහජනයා කුපිත කරන ප‍්‍රකාශ එම විරෝධතා රැස්වීමේ කථිකයින්ගේ කතා තුළින් දැකගත හැකිවිය.

මේ ආකාරයට කටයුතු කරද්දි නීතිය කි‍්‍රයාත්මක නොකොට පොලීසිය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් පැහැදිලි වන්නේ රටේ නීතිය දෙයාකාරයට කි‍්‍රයාත්මක වන බවයි. අලූත්ගම දර්ගා නගරයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුවද මෙවැනිම තත්වයක් දැකගතහැකි වූ අතර බෞද්ධයන්ටත් බෞද්ධ සංවිධාන වලටත් මුඛමාඩම් බඳිමින් නීතිය බෞද්ධයන්ට එරෙහිව තීවුර කර ආකාරය දැකගත  හැකිවිය. සිංහල බෞද්ධයන්  නිහඩ  කිරීමට  පොලීසියත්  නීතියත් අධිකරණයත් දක්වන උනන්දුව අනෙක් කණ්ඩායම් වල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් දක්වන ලිහිල් පිළිවෙත තුළින් නීතිය පිළිබඳවත් අධිකරණය පිළිබඳවත් පොලීසිය පිළිබඳවත් තිබෙන විශ්වාසය පඵදුවීමට ඉඩ ඇත. දැනටමත් එය සිදුවී ඇත. එම තත්වය රටේ යහපතට, සාමයට, සහජීවනයට හේතු නොවනු ඇත. එබැවින් අධිකරණ නියෝගය හා නීතිය උල්ලංඝනය කළ තවුහිඞ් ඡුමාද් සංවිධානයටත් එහි වගකිවයුත්තන්ටත් එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස පොලීසියෙන් අප ඉල්ලා සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, ජාතික සංවිධායක, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/120635/

Pic Source

0 comments: