Pages

Saturday, August 16, 2014

දේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවර

වකුගඩු රෝගය සුව කිරීම සඳහා දේශීය ආයුර්වේද වෛද්‍යවරියක විසින් සොයාගත් ප්‍රතිකාර ක්‍රම උපයෝගී කර ගෙන රජරට ප්‍රදේශය ඇතුළුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබා දී වකුගඩු රෝගය නිසා මියයන රෝගීන් ගණන අඩු කිරීමට පියවර ගනු ලබන බව දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ දේශීය ආයුර්වේද වෛද්‍යවරියක වන උත්පලා පෙරේරා මහත්මිය විසින් සොයා ගනු ලැබූ වකුගඩු රෝග නිවාරණයට උපකාරී වන වෛද්‍ය ප්‍රතිකාර උපයෝගී කර ගෙන මැදවච්චිය ආයුර්වේද සෞඛ්‍ය මධ්‍යස්‌ථානයේදී ඉකුත් 12 වැනිදා ආරම්භ කළ සායනික ප්‍රතිකාර සේවාවේ සමාරම්භක උළෙලට එක්‌වෙමිනි.

මෙම සායනික ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට අමතරව රුපියල් දස ලක්‍ෂ 53.8 ක වියදමින් වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ රෝහලක්‌ සෑදීම සඳහා මූලික පියවර ගැනීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්‌ථාවට අමාත්‍යවරුන් වන තිස්‌ස කරලියද්ද, දුමින්ද දිසානායක, නියෝජ්‍ය ඇමැති පණ්‌ඩු බණ්‌ඩාරනායක, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පර්ල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

මෙදින පැවැති වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ සායනයේදී රෝගීන් 750 ක්‌ පමණ පිරිසකට ප්‍රතිකාර ලබා දෙන ලදී.

එහිදී වැඩිදුරටත් උත්සව සභාව ඇමැතූ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.

රජරට ප්‍රදේශයෙන් මතු වී දැන් මුළු රටේම තැන තැන පැතිර ඇති කාලීන වකුගඩු රෝගයේ සැබෑ ඛේදවාචකය හඳුනා ගැනීමට මේ සත්‍ය උදාහරණය මණක්‌ ප්‍රමාණවත්ය. නරක්‌ වූ වකුගඩුව වෙනුවට නිරෝගී වකුගඩුවක්‌ බද්ධ කිරීම හැර වෙනත් විකල්පයක්‌ අපට නැහැ. එය තවත් නිරෝගී ජීවිතයක්‌ අනතුරේ දැමීමක්‌. අනෙක්‌ අතට අසරණ දුප්පත් රෝගීන්ට වකුගඩුවක්‌ බද්ධ කිරීමට මහ මුදලක්‌ වැයවනවා. දේපළ, ඉඩකඩම්, කනකර උකස්‌ කර වකුගඩුවක්‌ බද්ධ කළත් එය සැබෑ විසඳුමක්‌ නොවේ. දවසින් දවස රෝගීන් මිය යනවා. ජනාධිපතිවරයා කීවේ කෙසේ හෝ අසරණ රෝගීන් බේරා ගන්න කළ හැකි දෙයක්‌ ඉක්‌මනින් කරන්න කියායි. අපේ දේශීය වෛද්‍යවරියක්‌ වන උත්පලා පෙරේරා, කුරුණෑගල මටළුවාව ප්‍රදේශයේ කරපු සායනික ප්‍රතිකාර පර්යේෂණවලින් ඉතා හොඳ ප්‍රතිඵල අරගෙන තිබෙනවා. මරණාසන්නව සිටි රෝගීන් සුවපත් කර තිබෙනවා. වකුගඩු බද්ධ කරන්න සිටි රෝගීන් පවා සුවපත් කළා. රෝගීන් 150 ක්‌ පමණ මේ වන විටත් සුව වී අවසන්. ඔවුන් පිළිබඳ තොරතුරු අප ළඟ තිබෙනවා. තවත් රෝගීන් සුව වෙමින් සිටිනවා. ඉතින් ඒ නිසා අප අමාත්‍යාංශ මට්‌ටමින් නිල වශයෙන් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට තීරණය කළා. ඒක මුළු මහත් ජාතියේම නිරෝගීභාවය උදෙසා සිදු කරන මහා පුණ්‍යකර්මයක්‌. වකුගඩු රෝගය බහුලව තිබෙන අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ මැදවච්චිය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්‌ථාන අප මුලින්ම ඒ සඳහා තෝරා ගත්තා. අපේ හිටපු දේශීය වෛද්‍ය ඇමැති තිස්‌ස කරලියද්ද. එතුමාට කරන ගෞරවයක්‌ හැටියටත් අප මේ සායනය මැදවච්චියට රැගෙන ආවා. අපේ වෙදකම ගැන අපට විශ්වාසයි. අපේ වෛද්‍යවරු පිළිබඳ අපට විශ්වාසයි. ඒ නිසා රජරටින් මතු වූ වකුගඩු රෝගය රජරටින්ම වළලා දැමීමට කටයුතු කරනවා. 

හුඟාක්‌ අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර කළ යුතුයි. මේ තත්ත්වය තේරුම් ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා කඩිනමින් වකුගඩු නිවාරණ පර්යේෂණ රෝහලක්‌ සෑදීමට අපට උපදෙස්‌ ලබා දුන්නා. එහි මුලික අදියර කාන්තා හා පිරිමි වාට්‌ටු දෙකකින් සමන්විත ඇඳන් 50 ක රෝහලක්‌. ඒ සඳහා වියදම රු. මිලියන 53.8 ක්‌. මේ රෝහල ඉදිකිරීමට තීන්දු කළේ මේ භූමියේමයි. මැදවච්චියේමයි. අපි මාස තුනක්‌ ඇතුළත මේ රෝහල සෑදීමට හැකි සෑම උත්සාහයක්‌ම ගන්නවා. ආයුර්වේදයට අනුව නිරෝගිභාවය උදෙසා කරුණු තුනක්‌ වැදගත්. ඒ කරුණු තුන තමයි ආහාර, විහරණ සහ ඖෂධ. අපි ගන්නා ආහාර, පානය කරන ජලය තමයි අපව නිරෝගි කරන මෙන්ම රෝගීන් බවට පත් කරන ප්‍රධාන සාධකය. අද අපේ ආහාරවලට වස විෂ එකතු වෙලා. රසායනික පොහොර හරිත විප්ලවය අපට දුන්න දේවල්වල ප්‍රතිඵල තමයි ඒ. දැන්වත් මේක තේරුම් ගත යුතුයි. අපේ පැවැත්ම, ජීවන රටාව නිවැරැදි කර ගත යුතුයි. එතකොට රෝග වලින් මිදෙන්න අපට පුළුවන්. මේ ප්‍රතිකාරවලදී නිසි උපදෙස්‌ මත මේ ඖෂධ ගැනීම හරියට නොකළොත් ප්‍රතිඵල ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා කැපකිරීමක්‌ අත්‍යවශ්‍යමයි. අපේ මේ ඖෂධවලට මුදලක්‌ වැය වෙන්නේ නෑ. දුප්පත් අසරණ ඕනෑම කෙනෙකුට මේ අපේ විදිහට බෙහෙත් ගන්න එක කිසිම ප්‍රශ්නයක්‌ වෙන්නේ නෑ. ඒ නිසා දේශීය ඖෂධ ප්‍රතිකාරත් සමඟ අපට මහා ජාතික ධනයක්‌ ඉතිරි කර ගන්නත් පුළුවන්.

ඔබ අමතක කරන්න එපා. ඔබට මේ ලෙඩ ගෙනත් දුන්නේ හරිත විප්ලවය. හරිත විප්ලවයෙන් කරන්නෙත් අපව සූරගෙන කන එක. දැන් ලෙඩ හදල කරන්නෙත් ඒකමයි. කල්පනා කරලා බලන්න අද ඖෂධ මිල. බෙහෙත් පෙතිවල මිල. ඒවා හදන්නේ අපි නොවේ. ඔක්‌කොම හදන්නේ පිටරට. ඉතින් අපි අපේ වෙදකම ගැන විශ්වාස කරමු.

http://www.divaina.com/2014/08/16/news24.html

Pic Source

සබැඳි ලිපි -
[

පර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: