Pages

Thursday, August 7, 2014

අලූත් පනත නිසා හාමුදුරුවරු පන්සල් තුල හිරකාරයෙන් වෙනවා - අස්ගිරි මහානාහිමි

අලූත් පනතක් නිසා හාමුදුරුවරුන් පන්සල් තුල හිරකාරයෙන් වීමේ අනතුරක් මතුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහානාහිමි අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවසුවේ රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑපානේ සද්තිස්ස හිමියන් ඇතුළු රාවණා බලයේ හිමිවරු පිරිසක් මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ඉල්ලිම් පහක් පිළිබද සංදේශයක් පාරදීමට ගොස් සිටි අවස්ථවේදීය.

උන් වහන්සේ එහිදී මෙසේද කීය.

‘ජනාපතිතුමාට අගමැතිතුමාට ලිපියක් යෑවුවට ඒ අදාළ තැනැත්තට යන්නේ නෑ. බොහෝදුරට ඒක ලැබුණ කෙනා එක කඩල පැත්තකට දානවා. අපිත් මේ ගැන කොපමණ කීවත් ඒවා ක‍්‍රියාත්මක වෙනවා අඩුයි. නමුත් අනෙක් ආගම්වල වෑඩකටයුතු සිදුවෙනවා. බුදධ ශාසන කටයුතු අමාත්‍යංශයේ වැඩකටයුතු මන්දගාමීවයි සිදුවන්නේ. අද බිම් සවිය පනත නිසා පන්සල් දේවාල වල ඉඩම් වලට ප‍්‍රශ්න මතුවෙනවා. අනෙකුත් සිදධස්ථාන වලට නිවේදනයක් නිකුත්කර තිබෙනවා පන්සල් වලට අධාර දෙනවිට ඉදිකිරීමක් සිදුකරනවානම් ඒ බිම්කොටස රජයට දෙන්න කියලා. එවිට පන්සල් භූමියේ ඈති දහම්පාසල් ගොඩනෑගිලි පොදු කටයුතු කරන ස්ර්ඝාන රජයට අයත් වෙනවා. මම මේ ගෑන ඇමතිතුමා එක්ක කතාකළා. එතුමා කිවුවා එහෙම දෙයක් වෙන්නේ නෑ කියලා. රජවරු එදා පන්සල් වලට පූජා කළ ඉඩම් මේවා. එහෙම වුණොත් යම් දිනක කියන්න පුළුවන් මේ ඉඩම් රජයේ කියලා. ඒ ඉඩම් විහාරස්ථානයක නොව රජයේ ඉඩමක් බවට පත්වෙන්න පුළුවන්. එවිට පන්සලේ හාමුදුරුවෝ හිරකාරයෙක් බවට පත්වෙනවා’

http://lankacnews.com/sinhala/news/120277/

0 comments: