පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වී ගලාබසිනා උමා ඔයේ අතිරික්‌ත ජලය උපයෝගී කරගනිමින් ජල හිඟයකින් පෙළෙන මොණරාගල හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලනු පිණිස මෙන්ම එම ජලයෙන් විදුලිය බලය උත්පාදනය කිරීමේ අරමුණ ඇතිව වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ මෙසේ උමා ඔය හැරවුම, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැගේ.
නුවරඑළිය සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවල ඉහළ කඳුකර නිම්නවලින් ආරම්භව පළමුව නැගෙනහිර දිශාවටද, ඉන්පසු උතුරු දෙසටද ගලායන උමා ඔය, පසුව රන්ටැඹේ ජලාශයට එකතු වේ. එනිසා උමාඔය මහවැලි ගංගාවේ අතු ගඟක් සේ සැලකේ. කිලෝ මීටර් 720 ක ධාරා ප්‍රදේශයක් සහිත උමා ඔය වාර්ෂිකව ජලය ඝන මීටර් 420 ක් පමණ මහවැලියට එකතු කරන බව ගණන් බලා තිබේ. මෙම ජලය නිසි ප්‍රයෝජනයකට නොගෙන මුහුදට ගලා බසිද්දී රටේ දකුණු දිග ප්‍රදේශයේ මොණරාගල, හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවල ජනයා දැඩි ජල හිඟයකින් පෙළේ. එබැවින් මෙම ජල කඳ ජාතික සංවර්ධන කාර්යයේ යොදවා ගැනීමේ අරමුණින් මෙසේ මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ විය.
ඒ අනුව උමා ඔයේ ශාඛාවක් වන දල්ගොල්ල ඔය හරස් කර පුහුල්පොලදී මුහුදු මට්‌ටමේ සිට මීටර් 990 ක් ඉහළින් ඉදිකෙරෙන ජලාශයේ රැස්‌වන ඝන මීටර් 1,104873 ක ජල ධාරිතාව ඩයරබා ජලාශය වෙත ගෙන යන්නේ මීටර් 3975 ක උමගක් තුළිනි. මෙසේ ඉදිවන පුහුල්පොල ජලාශයේ වේල්ලේ උස මීටර් 32.6 කි. දිග මීටර් 182 කි.
ඩයරබා ජලාශය ඉදිවන්නේ මහතැටිල්ල ඔය හරස් කරමිනි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 980 ක් උසින් ඉදිවන මෙම ජලාශයෙහි ධාරිතාව ඝන මීටර් 1,370.505 කි. මෙම වේල්ලේ උස මීටර් 50 ක් හා දිග මීටර් 196 ක් වේ. මේ අනුව පුහුල්පොල හා ඩයරබා ජලාශ මගින් එකතු කරගන්නා ජලය එතැන් පටන් දකුණු දිසාවට ගෙන යන්නේ පසුගිය සතියේදී අප කියූ පරිදි වැල්ලවායේ රක්‌කිතා කන්දේ කුරුල්ලන්ගල නමැති ස්‌ථානය දක්‌වා කිලෝ මීටර් 15 1/2 ක් දිගින් යුතුව හැරෙනු ලබන උමගක් තුළිනි. පසුගිය සතියේ අපේ උමං සංචාරය යෙදුණේ එම ස්‌ථානය දක්‌වාය.
මෙසේ කුරුල්ලන්ගලට ගෙනයන ජලය පසුව මීටර් 760 ක් දිගු සිරස් උමගකින් පොළෝ ගර්භය තුළට ගෙනයන බවද අපි පසුගිය සතියේ සඳහන් කළෙමු. එම ස්‌ථානය දක්‌වා ප්‍රවිශ්ඨ වන භූගත මාර්ගය ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයෙනි. එම ස්‌ථානය දැන් හඳුන්වන්නේ ඉපන්අරාව යන නමිනි. දැනටමත් එහි ඉරාන "µdරබ්" සමාගමට අයත් කඳවුරු බිම් සංකීර්ණය ක්‍රියාවට නැගේ. මෙහි සිට පොළෝ ගර්භයේ කිලෝ මීටර් 2 ක පමණ දුරකින් ඉදිවන විදුලි බලාගාර පරිශ්‍රය නැරඹීමට යැම අද අපේ කාර්යය වේ. කෙසේ හෝ මෙසේ ඉදිවන භූගත විදුලි බලාගාරයෙන් මෙගාවොට් 60 බැගින් වන ටර්බයින දෙකක් කරකවා මෙගාවොට් 120 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරගනී. එය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම අරමුණයි.
මෙසේ විදුලිය නිපදවීමෙන් මුදාහරින ජලය වැල්ලවායේ අලිකොටආරට මුදාහැරෙන්නේ එහිද ජලාශයක් තැනීමෙන් අනතුරුවය. පහළ නිම්නය ලෙස හැඳින්වෙන මෙම ප්‍රදේශයේ වාරි කටයුතු සැලසුම් කිරීම සහ සංවර්ධනය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිතය. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 9000 ක් ලෙස ගණන් බලා ඇත. ශ්‍රී ලංකා රජය මගින් මෙම මුදල වැය කෙරේ. මෙලෙස උමාඔයේ ජලය හරවා හැරීම නිසා පහළ උමාඔය නිම්නයේ ජනතාවට සහ රන්ටැඹේ ජලාශයට පහළින් ජලය භාවිත කරන සිදුවන බලපෑම අවම කිරීම සඳහා ජලය ගබඩා කිරීමට තල්පිටිගල ජලාශය යනුවෙන්ද වෙනම ජලාශයක් ඉදිවේ. එසේම වැල්ලවායේදී අලිකොටආර ජලාශය මෙන්ම, කුඩාඔය ජලාශද ඉදිවන අතර, හඳපානාගල වැව පුළුල් කිරීමද සිදුකෙරේ. අනතුරුව ලුණුගම්වෙහෙර දක්‌වා උමා ඔය ජලය ගෙනයැම ව්‍යාපෘතියේ අභිප්‍රායයි. එබැවින් මෙම ව්‍යාපෘතිය යෝධ සංවර්ධන කාර්යයක් සේ සැලකේ. ඉහළ නිම්නයේ සංවර්ධන කටයුතු සඳහා ඉරාන රජය සමග ශ්‍රී ලංකා රජය ගිවිසුම් ගතවී අත්වැල් බැඳගත් ව්‍යාපෘතියක් සේ කටයුතු කරන අතර සමස්‌ථ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල එනම්, මුල් පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 529 ක් ලෙස ගණන් බලා තිබේ. ඉරාන රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් ණය ආධාරයක් ලෙස මේ සඳහා යොදවන අතර, ඉතිරිය ලක් රජයෙන් යෙදවේ. 2008 වසරේ අප්‍රේල් මස 28 වැනිදා ඉරාන රජය සමග ගිවිසුම්ගතව 2011 වසරේදී උමා ඔය සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද අතර, දැන් එහි වසර තුනක ප්‍රගතියක් අත්කරගෙන ඇත. කිලෝ මීටර් 25.5 ක් වන මෙහි සමස්‌ත උමග කැණීම් දැන් ආරම්භව පවතී.
අප මෙසේ ව්‍යාපෘතියේ තෙවසරක ප්‍රගතිය විමර්ශනය කරනු ලබන්නේ ක්‍රියාවට නැගෙන උමග තුළ සංචාරයේ යෙදෙමිනි. වත්මන් රජයේ යෝධ සංවර්ධන කටයුත්තක් වන මෙය 2008 වසරේදී එවක වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චමල් රාජපක්‍ෂ මහතාගේ සමයේදී ආරම්භ වූයේ මහින්ද චින්තන වැඩසටහනක් ලෙසිනි. පසුව මෙම අමාත්‍යාංශය භාරගත් නිමල් සිරිපාලද සිල්වා මහතා කටයුතු අධීක්‍ෂණය කරමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙනයනු පෙනේ.
කෙසේ හෝ මේ වනවිට උමඟ දෙකක් නිරීක්‍ෂණය කර සිටින අප කුරුල්ලන්ගල ටී. බී. එම්. වැඩබිමේදී ඒ දක්‌වා ජලය ගෙනවිත් සිරස්‌ව පහළට මීටර් 760 ක් එම ජලය මුදාහරිනු ලබන උමගය තනන අයුරුද විග්‍රහ කරන ලද්දේ එසේ උමග සිරස්‌ව බිඳිනු ලබන සුවිශේෂ යන්ත්‍රය ද දැකගැනීමෙන් පසුවය. දැනටමත් එම විදීම් කටයුතු කරගෙන යනු ලබන අතර, එහි කෙළවර දක්‌වා වූ උමග වැල්ලවායේ සිට මෙහි පැමිණ ඇත. අඩි දෙකකට ආසන්න සුවිශේෂ විදීම් කටුවක් භාවිත කරමින් නළ ළිං කණිනු ලබන ක්‍රමයට බිඳින මෙම සිරස් උමග ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් වට ප්‍රමාණය වැඩිකරනු ලැබ පුළුල් විවරයක් සහිත උමගක් බවට පත්කරන බව ඉරාන "µdරබ්" සමාගමේ කැණීම් ඉංජිනේරුවෝ මෙහිදී අප සමග පැවසූහ.
මෙහි කෙළවර මීටර් 760 ක් ගැඹුරේදී පොළෝ ගැබතුළ විදුලි බලාගාරය ඉදිකෙරේ. එහි පිවිසුම් මග ඇත්තේ පෙරකී පරිදි වැල්ලවාය දෙසිනි. එසේම මෙහි ජලය මගින් විදුලිය නිපදවා යළිත් එම ජලය මුදාහරිනු ලබන්නේ වැල්ලවායේ අලි කොටආර "ටේල්රේස්" වෙතය. ඒද උමගයක් තුළිනි. එම උමගයද දැන් ලහි ලහියේ යෝධ ටී.බී.එම්. යන්ත්‍රයක් මගින් කණිනු ලැබේ. මේ සියලු කටයුතු මෙසේ සිදුවෙද්දී අප අද සංචාරය කිරීමට සැරසෙන්නේ විදුලි බලාගාරය ඉදිවන ස්‌ථානය නිරීක්‍ෂණය සඳහාය. ව්‍යාපෘතියේ මාධ්‍ය සම්බන්ධීකාරක ඩේවිඩ් අතුකෝරළ මහතා ප්‍රමුඛ නිලධාරීන් සමග ඉකුත් දිනෙක සන්ධ්‍යාවේ අප මෙම විදුලි බලාගාර පරිශ්‍රය දැක බලා ගැනීමට ඉපන්අරාව නම් ස්‌ථානයේ වැඩබිමෙන් උමං කටට සේන්දු වූයෙමු. ජලය ගෙනයන උමගයකට වඩා පුළුල් විවරයකින් සමන්විත මෙම විදුලි බලාගාර ප්‍රවිශ්ඨ උමං මාර්ගය තවමත් මූලික කැණීම් අවධියේ ඇත. වටා ගල් බිත්ති තවමත් රළු පරළු ලෙස දිස්‌වන අතර, ඉහළ උල්පත්වලින් රූරා හැලෙන ජලය උමගය තුළට කාන්දු වේ. මේ නිසා තැන තැන වතුර වළවල් හා දියපාරවලින්ද සමන්විත වේ. ව්‍යාපෘතියේ කැබ් රථයක නැගගත් මා ඇතුළු කැමරාකරුවන් උමගයේ අසිරිමත් දසුන් පෙළ ගසද්දී ව්‍යාපෘති නිලධාරීන් අප අනුගමනය කරමින් උමගය තුළට පැමිණියේ වෑන් රථයකිනි. අනෙකුත් උමං තුළට ප්‍රවිශ්ඨ වූ අයුරෙන්ම මෙම උමග තුළටද අප ආවේ සියලු ආරක්‍ෂක ඇඟලුම් ඇඟලාගෙනය.
ගල්තොප්පි, ගන්බූට් මෙන්ම, ආරක්‍ෂිත කබායකින්ද සැරසිය යුතු අතර ආරක්‍ෂාව සහතික කර ගැනීම තමන්ට භාර කටයුත්තකි. එසේ හෙයින් අප කම්කරුවන් හා එක්‌ව මද වේලාවකින් විදුලි බලාගාර පරිශ්‍රය ඉදිවන වැඩබිමේ මූලික කැණීම් කෙරෙන අයුරු නිරීක්‍ෂණය කළෙමු. මෙම පොළෝ ගර්භය තුළ දිගින් මීටර් 70 ක්‌ද, පළලින් මීටර් 18 ක්‌ද උසින් මීටර් 35 ක්‌ද ලෙස වන භූගත කුටීරයක් සැකසෙන්නේ තනිකරම කලුගල නොහොත් පාෂාණය හෑරීමෙනි. එම කටයුතු දැන් අවසන් අදියරට පැමිණ තිබේ.
එසේම විදුලි බලාගාරයේ අවශේෂ මාර්ග පද්ධතිය, විදුලිය නිපදවීමෙන් පසු මුදාහරින ජලය විදුලි ජනක යන්ත්‍රවලින් පසුව ද්විත්ව උමගක් මගින් පිටවුම් උමගකට සම්බන්ධ කිරීම වැනි ඉතා සංකීර්ණ උමං පද්ධතියක් දැනටමත් එහි කණිනු ලබමින් පවතී. තවමත් සියයට 40 ක පමණ කටයුතු අවසන්ව ඇති මෙහි කටයුතු පිළිබඳව හරිහැටි එහි ගිය අපට තේරුම් ගත නොහැකි වූයේ එම කටයුතු එතරම්ම සංකීර්ණ ස්‌වභාවයක් ගත් නිසාය. එහෙත් උමං පද්ධතියේ වැඩකටයුතු කරන කම්කරුවන් සමග එක්‌ව එහි යන්ත්‍ර සූත්‍ර අතරින් රිංගා යමින් අප මෙම ඓතිහාසික වූත්, විශ්මිත හා ආශ්චර්යාත්මක වූත් ඉදිකිරීම් කටයුතු පිළිබඳව අත්දැකීම් බෙදා ගන්නේ පොළෝ ගර්භය තුළ "ත්‍රාසජනක සංචාරයකට" එක්‌වෙමිනි. එහිදී අප උත්සාහ ගනු ලැබුවේ මෙහි අවසන් නිමැවුම සිතින් මවාගෙන ව්‍යාපෘතිය ක්‍රියාවට නැගෙන අයුරු නිර්මාණය කර ගැනීමටය. මෙම කැණීම් කටයුතු කටුක හා ඉතා දුෂ්කර වූවකි. මඳ අඳුරේ, විදුලි ආලෝක ධාරා භාවිතයට ගනිමින් වසර කිහිපයක් තිස්‌සේ උමං හෑරීම සැබෑම දුෂ්කර ක්‍රියාවකි. ඉහින් කණින් නැහැවෙන උණුසුම් දහදිය සමග දැවෙන ගතට ඇති සිසිලක් වන්නේ විටෙක උමං වහළය තුළින් රූරා වැවෙන දිය බිඳක සිහිලස පමණි. එවන් දුෂ්කරතාවක් විඳ ගනිමින්ද, කඪෝර යන්ත්‍ර සූත්‍රවල හඬ දරා ගනිමින්ද කම්කරුවෝ ඉලක්‌කයක් හඹා යමින් සිටිති.
ඒ උමාඔය දකුණට හරවන ඉලක්‌කය පමණක් නොවේ. එම ජලයෙන් කෙත්වතු සරු සාරවී අටුකොටු පුරවා ගනු ලබන ඉලක්‌කයයි. මේ විදුලි බලාගාරයෙන් රටට ආලෝකය ලබා ගන්නා ඉලක්‌කයයි. ඔවුන් අතර සිට අප දුටුවේද ඇසුවේද ඒ ඉලක්‌කය සැබෑවන දිනයේ ප්‍රීතියට පත්වන වෙල්ලස්‌සේ ජනතාවගේ ප්‍රීති ඝෝෂා හඬ මේ කලුගල් බිත්තිවල වැදී රාව ප්‍රතිරාව නංවන අයුරුය.
සටහන/ ඡායාරූප : ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2014/08/05/feature03.html
පෙර ලිපි -
[උමා ඔය හරවන ඩයරබා උමග දිගේhttp://denethharinna.blogspot.com/2014/07/blog-post_29.html
]

0 comments:
Post a Comment