Pages

Friday, September 5, 2014

රැඩිකල් ඉස්ලාමිකයින් බි‍්‍රතාන්‍යයෙන් පිටමං කළ යුතුයි | මුසලු අන්තවාදයට විශ්ව ප්‍රතිවිරෝධය

රැඩිකල් ඉස්ලාමීකරණය වේගවත් වීම සමග එවැනි පුද්ගලයන්ට බි‍්‍රතාන්‍යයේ දොර කවුළු වසා දැමිය යුතු බව කැන්ටර්බරිහි හිටපු ආච්බිෂොප්වරයා වූ ශ‍්‍රීමත් කේරි පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක නැගීම මගින් බටහිර ප‍්‍රජාවන් මුස්ලිම් ප‍්‍රජාවන් සහ එම දර්ශනය සමග විරසකවීම වැළැක්විය යුතු බවයි.

රැඩිකල් ඉස්ලාම් අන්තවාදීන් විසින් ඉරාකය තුළ ආගමික හා වාර්ගික ශුද්ධියක් අරඹා ඇති මුත් බහුතරයක් ෂියා මුස්ලිම්වරුන් සහ මෙවැනි රැඩිකල්කරණයන්ට එරෙහි සුන්නි මුස්ලම්වරුන් පවා මෙම මූලධර්මවාදීන්ගේ කඩු පහරට ලක්වන බව ඔහුගේ අදහසයි.

මෙම අන්තවාදී සටන්කාමීන් අතර බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලැබූ බි‍්‍රතාන්‍ය සංස්කෘතික පසුබිමක හැදී වැඩුණු තරුණයින් 500ක් මෙන්ම වෙනත් යුරෝපීය රාජ්‍යයන්වල වැසියන් 1500ක් සිටීම බරපතල තත්වයක් බව කේරි සාමිවරයා පවසා ඇත.

ඔහු යෝජනා කර ඇත්තේ එවැනි පුද්ලයන් බි‍්‍රතාන්‍ය ජාතිකයන් ලෙස පිළිගැනීමට ලක්වීම සහ බි‍්‍රතාන්‍ය රාජ්‍යතාන්ත‍්‍රික සේවයේ ආරක්ෂාව මත ත‍්‍රස්ත ක‍්‍රියාවන් සඳහා සංචාරය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඔවුන්ගේ විදෙස් ගමන් බලපත‍්‍ර අහෝසි කළ යුතු බවයි.

බි‍්‍රතාන්‍ය සමාජය ලෙස සියවස් ගණනාවක් සටන් වැද ස්ථාපනය කර ගත් වටිනාකම් සහ ඇගයීම් පසුගිය කාලසීමාව තුළ පසෙක දැමීම මෙම තත්වයට හේතුවී ඇතැයි කේරි සාමිවරයා පවසා ඇත.

ඔහු අවධාරණය කර ඇත්තේ බහුවාර්ගික සමාජයක් ලෙස පිළිගැනීම මගින් බි‍්‍රතාන්‍ය කිතුණු සංස්කෘතික ආභාෂයන් අතහැර දමා ඇති බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/121186/

Pic Source

0 comments: