Pages

Thursday, September 18, 2014

කුරුණෑගල ප්‍රාකාරයේ කැණීම් කටයුතු අවසන් වේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පසුගියදා ආරම්භ කළ කුරුණෑගල ප්‍රාකාරයේ කැණීම් කටයුතු මේ වන විට අවසන් වී ඇත. කුරුණෑගල වත්මන් ආණ්‌ඩුකාර ගොඩනැඟිල්ලට උතුරු දෙසින් පැවැති පැරණි ප්‍රාකාර අවශේෂ පාදක කර ගනිමින් කැණීම් ආරම්භ කළ අතර එය මෙහෙයවනු ලැබුයේ වයඹ පළාත් ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මගිනි. ඇතුගල පර්වතය මතින්ද අඛණ්‌ඩව දිව යන මෙම ප්‍රාකාරයෙන් සැලකිය යුතු දීර්ඝ කොටසක්‌ මේ වන විටත් නිරුපද්‍රිතව දැකිය හැකිය.

ඇතුගල පර්වතය පාමුල දක්‌වාම මෙම කැණීම් ව්‍යාප්ත කළ අතර එමගින් පැරණි ප්‍රාකාරයට අයත් තවත් කොටස්‌ කිහිපයක්‌ අනාවරණය විය. ඉන් මේ ප්‍රාකාරයේ හැඩය, එය සෑදීමේදී භාවිත කළ අමුද්‍රව්‍ය, ඉදිකිරීමේ තාක්‍ෂණය ආදී වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ගත හැකිවිය. මීට අමතරව පැරණි මාලක බැමි කොටස්‌ද හමුවිය. මේ කැණීම් ආරම්භ කරන ලද්දේ කුරුණෑගල පැරණි රාජධානියේ උරුමය හෙළිකර ගැනීමේ අරමුණිනි. මේ වන විට කැණීමෙන් අනාවරණය වූ පුරාවිද්‍යා සාධක විධිමත්ව සංරක්‍ෂණය කිරීමට සැලසුම් සකස්‌ කෙරෙමින් පවතින බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

http://www.divaina.com/2014/09/18/provin04.html

Pic Source

0 comments: