දෙදින නිල සංචාරයක් සඳහා අද (16 දා) ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ සභාපති මාඕ සේතුංගෙන් පසු මෙතෙක් බිහිවූ බලගතුම රාජ්‍ය නායකයාය. ඒ ඔහු චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් චීන මහජන සමූහාණ්‌ඩුවේ ජනාධිපති හා එරට ආරක්‍ෂක කොමිසමේ සභාපතිවරයාද වන බැවිනි. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සමාජයීය, දේශපාලන හා සංස්‌කෘතික සබඳතා තව තවත් ශක්‌තිමත් කිරීමට හේතු වන බව නිසැකය.
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පාලන බලය හිමිවූයේ ඩී. එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවටය. එම ආණ්‌ඩුව ඇමරිකානු හා බ්‍රිතාන්‍යය ගැති ධනවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර චීනය, රුසියාව ආදී කොමියුනිස්‌ට් රටවල් සමග කිසිදු සබඳතාවක් ඇති කර ගැනීමට කටයුතු කළේ නැත. එකල ශ්‍රී ලංකාවේ තේ, රබර් ආදිය අපනයනය කළේද රටවලටය.
එහෙත් 1950 දශකය ආරම්භ වීමත් සමග ලෝක වෙළෙඳ පොළේ සහල් මිල විශාල ලෙස ඉහළ යැමත් අපේ රටේ රබර් විකුණාගත නොහැකිවීමත් නිසා ආණ්‌ඩුවට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සිදුවිය. ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට එජාප ආණ්‌ඩුව කොතෙක් ගැති කම් කළත් ඒ අවස්‌ථාවේ ඔවුන් අපේ සහායට පැමිණියේ නැත. මුදල් ඇමැති ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙහිදී ඇමරිකාවේ සහාය පැතූ නමුත් ඇමරිකාව සූදානම් වූයේ ශ්‍රී ලංකාවේ රබර් කුණුකොල්ලයට මිලදීගෙන අධික මිල ගණන්වලට ශ්‍රී ලංකාවට සහල් සැපයීමටය.
එවකට වෙළෙඳ ඇමැති වශයෙන් කටයුතු කළ ආර්. ජී. සේනානායක මහතා මේ අවස්‌ථාවේ චීනය සමග සාකච්ඡා කොට අපේ රබර් චීනයට දී චීනයෙන් සහල් ලබා ගැනීමට පියවර ගත්තේය. මේ අනුව 1952 දී අත්සන් තබනු ලැබූ චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම මගින් චීනය අපේ රබර් ලෝක වෙළෙඳ පොළේ මිලට වඩා වැඩි මුදලට ලබා ගැනීමටත් අඩු මිලට ශ්‍රී ලංකාවට සහල් ලබාදීමටත් එකඟවිය. මේ වන විට චීනය සහ ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා පවා ඇති කරගෙන තිබුණේ නැත. එවකට පැවැති එජාප ආණ්‌ඩුවේ ඇමරිකානු ගැති බව හා උග්‍ර කොමියුනිස්‌ට් විරෝධය නිසා චීනය සමග තානාපති සබඳතා ඇති කර ගැනීමටද එහි නායකයෝ පියවර නොගත්හ.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පළමුවරට තානාපති සබඳතා ඇති කරගනු ලැබුවේ 1957 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිවරයාගේ කාලයේදීය. ඒ කාලයේ සිට මේ දක්‌වා චීනය ශ්‍රී ලංකාවේ අවංක සහ කල්‍යාණ මිත්‍රයකු සේ කටයුතු කරයි.
ඇමරිකාව ඇතුළු ධනවාදී රටවල් කුඩා රටවලට ආධාර කරන්නේ සැඟවුණු බලාපොරොත්තු තබාගෙනය. එක්‌කෝ එම රටවල සම්පත් සූරා කෑමටය. නැතිනම් තමන්ගේ දේශපාලන බලකඳවුරට එම රටවල් එක්‌කර ගැනීමටය. එසේත් නැතිනම් පසු කාලයක එම රටවල් යටත්කර ගැනීමටය. තමන්ට ගැති නොවන රටවල ආණ්‌ඩු පෙරළා දමා රූකඩ පාලකයන් පත් කිරීමටද ඇමරිකාව ආදී රටවල් කටයුතු කර ඇති ආකාරය ඉතිහාසයෙන් ඔප්පු කළ හැක.
එහෙත් චීනය ශ්‍රී ලංකාවට පමණක් නොව වෙනත් රවටලටද ආධාර දී ඇත්තේ එම රටවල දියුණුවට මිස ඒවා යටත් කර ගැනීමට නොවේ. චීනය ශ්‍රී ලංකාව හා අප්‍රිකා මහාද්වීපයේ රටවල් රැසකට විශාල ලෙස ආධාර ලබාදී තිබෙන්නේ එම රටවල් තමන්ට නම්මවා ගැනීමට හෝ යටත්කර ගැනීමේ අරමුණින් නොවේ.
පසුගිය කාලයේ චීනය බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, උපරිමාධිකරණ සංකීර්ණයත් මෑතදී නෙළුම් පොකුණ රඟහල හා මත්තල ගුවන් තොටුපල, මාගම්පුර වරාය, නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය මහා මාර්ග ආදී ව්‍යාපෘති රැසක් ද ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබේ.
චීනය විසින් හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකරද්දී බටහිර රටවල් හා ඉන්දියාවේ සමහර පිරිස් පැවැසුවේ එමගින් චීනය ඉන්දීය සාගරයේ සිය බලය පැතිරවීමට යන බවයි. එහෙත් චීනය කිසි දිනෙක ශ්‍රී ලංකාවේ යුද කඳවුරු පිහිටුවීමට ඉල්ලා නැත. ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා සමාන පදනමකින් පවත්වාගෙන යන බව චීනය කිහිප වතාවකදීම පවසා තිබිණි. එයින් පැහැදිලිවන්නේ ශ්‍රී ලංකාව යටත්කර ගැනීම හෝ ගැත්තකු කර ගැනීමේ හෝ අරමුණක් චීනයට නොමැති බවයි.
යුද්ධය පැවැති කාලයේ ශ්‍රී ලංකා රජයට යුද අවි හා යුද උපකරණ සැපයීම ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඉන්දියාව ආදී රටවල් ප්‍රතික්‌ෂේප කොට තිබියදී අපේ හමුදාවන්ට අවශ්‍ය උණ්‌ඩ, යුදඅවි හා ප්‍රහාරක යානාද සැපයීමට ඉදිරිපත් වූයේ චීනයයි.
එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ සාමාජිකයකුද වන චීනය ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවලට විරුද්ධව සෑම විටෙකම ඡන්දය දී ඇත්තේ අසල්වැසි ඉන්දියාවද ඡන්දය නොදී සිටියදීය.
පසුගිය වසරේ සංඛ්‍යා ලේඛන අනුව චීනය ලොව දෙවැනි විශාල ආර්ථිකය හිමි රටයි. ප්‍රථම ස්‌ථානය ඇමරිකාවය. එහෙත් 2020 පමණ වන විට ලෝක ආර්ථිකයේ ප්‍රමුඛයා චීනය වනු ඇතැයි ඇමරිකානු ආර්ථික විශ්ලේෂකයෝ දැන් සිටම අනාවැකි පළකොට ඇත. අල්පෙනෙත්තේ සිට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර, නැව් ගුවන් යානා නිපදවන චීනයේ පසුගිය වසරේ දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 9,3253 ක් අද ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල භාවිත කරන විවෘත වෙළෙඳ නාම සහිත ජංගම දුරකථන, රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ, පරිගණක ආදිය පමණක් නොව අනෙකුත් සෑම භාණ්‌ඩයක්‌ම වාගේ නිපදවනු ලබන්නේ චීනයේය. ජපන් වෙළෙඳ නාම සහිත භාණ්‌ඩවල යටිපැත්තේ පැde සබ Cයසබ් යනුවෙන් ඉංගී්‍රසියෙන් සටහන් කොට ඇත.
එසේම චීනයේ ජනගහනය කෝටි 135 කි. එබැවින් එරට වෙළෙඳ පොළ අති විශාලය. ඉදිරියේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගැනීමට යන නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් ශ්‍රී ලංකා නිෂ්පාදන චීනයට තීරුබදු රහිතව අපනයනය කිරීමේ අවස්‌ථාව උදාවනු ඇත. කෝටි 135 ක ජනගහනයක් සහිත චීන වෙළෙඳ පොළට අපේ භාණ්‌ඩ යෑවීමට හැකිවීම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට අත්වන්නේ විශාල වාසියකි.
චීන ජනාධිපති ෂි ජින්පිං මහතා ශ්‍රී ලංකාවේදී මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද දැනගන්නට තිබේ.
මේ අතර කොළඹ වරායට නුදුරු මුහුදේ අක්‌කර 500 ක ප්‍රදේශයක් ගොඩකර චීන ආයෝජන යටතේ ඉදිකිරීමට යන "වරාය නගරය" පිළිබඳ ගිවිසුම අත්සන් තැබීමද චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිතය.
චීන ජනාධිපති ෂි ජින් පිං මහතා සිය දකුණු ආසියා සංචාරය ඇරැඹුවේ ඇමරිකානු ඩොලර් කෝටි 33,000 ක චීන ආයෝජන එම රටවල ආරම්භ කිරීමේ අරමුණද ඇතිව යෑයි. "ඉන්දියාවේ ද ඉකොනොමික් ටයිම්ස්" පුවත්පත වාර්තාකොට තිබුණි. ඒ අනුව එම ආයෝජන මාලදිවයින ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ යෙදවීමට නියමිත බවද එහි සඳහන් විය.
මෙරට ගත කරන කාලය තුළ චීන ආධාර ඇතිව ඉදිකොට තිබෙන නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි අදියර විවෘත කිරීමද චීන ජනාධිපතිවරයා අතින් සිදුකෙරෙනු ඇත.
මේ අනුව චීන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර දේශපාලන ආර්ථික වෙළෙඳ හා වාණිජ සබඳතා වල සුවිශේෂී සන්ධිස්‌ථානයක් වන බව පැහැදිලිය.
චීන ජනාධිපති ෂී ජින්පිං ගැන කෙටියෙන්
චීනයේ බෙයිජිං නුවරදී 1953 ජුනි මස 1 දින උපත ලැබූ ෂී ජින්පිං ගේ පියා චීන විප්ලවයේ නායකයකු වූ ෂී ශොන්ෂුන්ය. ඔහු චීන විප්ලවයෙන් පසු සභාපති මාඕ සේතුං යටතේ පිහිටුවනු ලැබූ චීන මහජන සමූහාණ්‌ඩුවේ උප අගමැති විය. එහෙත් කොමියුනිස්‌ට් පක්‍ෂය තුළ හටගත් මතවාදී අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් 1962 දී ෂී ශොන්ෂුන් උප අගමැති ධුරයෙන් නෙරපා හැරීම නිසා ඔහුට හා ෂි ජින්පිං ඇතුළු දූ දරුවන්ට තිබූ සියලු වරප්‍රසාද අහිමිවී ගියේය. එපමණක් නොව ඔහු බන්ධනාගාරගත කරනු ලැබීය. මේ වන විට ෂි ජිංන්පිං ගේ වයස අවුරුදු 9 කි. පියා බන්ධනාගාරගත කිරීමෙන් පසු ෂි ජින්පිං ඇතුළු පවුලේ අය ෂාං ෂි නම් දුෂ්කර ප්‍රදේශයකට නෙරපා හරින ලදී. අධ්‍යාපනයද කඩාකප්පල් වී ගිය ෂි ජින්පිං වයස අවුරුදු 16 දී කෘෂිකාර්මික ගොවි පොළක කම්කරුවෙකු ලෙස සේවයට එක්‌විය.
මේ අතර ඔහු 1971 දී කොමියුනිස්‌ට් තරුණ සමිතියට බැඳුණේය. පසුව චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේද සාමාජිකත්වය ලබාගත් ෂි ජින්පිං 1974 දී එම පක්‍ෂ ශාඛාවේ ලේකම් විය.
ඒ අතර 1975 දී චින්හුආ විශ්වවිද්‍යාලයට ඇතුළුÊවූ ඔහු එහි අධ්‍යාපනයෙන් පසු 1979 දී ඉන් පිටවූයේ රසායන ඉංජිනේරුවරයෙකු ලෙසිනි. ක්‍රම ක්‍රමයෙන් කොමියුනිස්‌ට් පක්‍ෂයේ ඉහළ තනතුරුවලට පත්වූ ෂි ජින්පිං 2002 වසරේ පැවැති කොමියුනිස්‌ට් පක්‍ෂයේ 16 වැනි සම්මේලනයේදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවටද තෝරාගනු ලැබීය. ඉන්පසු 2006 වසරේ පැවැති කොමියුනිස්‌ට් පක්‍ෂයේ 17 වැනි සම්මේලනයේදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩලයට පත්වූ ඔහු 2012 නොවැම්බරයේ පැවැති 18 වැනි පක්‍ෂ සම්මේලනයේදී චීන කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් පත්කර ගනු ලැබීය. ඉන් අනතුරුව ජනාධිපති හු ජින් මාඕගේ සේවා කාලය අවසන් වීමෙන් පසු 2013 මාර්තු 14 වැනිදා ෂි ජින් පිං චීනයේ ජනාධිපති ධුරයට පත්විය.
අසාර්ථක පළමු විවාහය දෙදරා යැමෙන් පසු 1987 දී ෂි ජින්පිං චීනයේ ජනප්‍රිය ගායිකාවක වන පෙංලියුආන් සමග විවාහ වූ අතර ඔවුන්ට කේහු ආ නම් දියණියක්‌ද සිටී.
මේ වන විට 61 වැනි වියෙහි පසුවන ජනාධිපති ෂි ජින් පිං චීනයේ ජනාධිපති ධුරයට පත්වූ වයසින් අඩුම පුද්ගලයකුද වන්නේය.
දයා ලංකාපුර
http://www.divaina.com/2014/09/15/feature01.html
සබැඳි ලිපි -
[
චීනයද? ඉන්දියාවද?http://denethharinna.blogspot.com/2012/09/blog-post_4.html
]

0 comments:
Post a Comment