අදාළ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිවාදීන් තීරණය වීම සම්බන්ධයෙන් වැදගත් වූ සුපිරි 8 දෙනාගේ තරග යටතේ චීනය සහ චීන තායිපේ සමග යෙදුණු තරග පරාජයට පත්වීම මත ශ්‍රී ලංකාවට ප්‍රබල ප්‍රතිවාදියකු වූ ජපානය සමගින් සටන් කිරීමට සිදුවූ අතර එහිදී ලකුණු 25-11, 25-14 සහ 25-13 වශයෙන් තරග වට 3-0ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ප්‍රබල ප්‍රතිවාදියා හමුවේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අෙන්‍යාන්‍ය අවබෝධය ගිලිහී යැම පරාජයට මූලික සාධකය විය. දෙවැනි වටයේදී එහි පළමු තාක්‍ෂණික කෙටි විවේකය වන විට පෙරමුණ ගෙන සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණද ක්‍රීඩකයන් ස්‌ථානගත වීමේ දෝෂයකින් පිට පිටම ලකුණු 2 ක් ජපානයට හිමිවීම මත නැවතත් තරගයේ ග්‍රහණය ජපානයට නතුවිය.
එම තරග ප්‍රතිඵලයත් සමගින් 5 වැනි ස්‌ථානයේ සිට 8 වැනි ස්‌ථානය දක්‌වා ශ්‍රේණිගත වන තරග වටය යටතේ ශ්‍රී ලංකාව අද පස්‌වරු 2.00 ට ඉන්දියාව සමගින් තරග වැදීමට නියමිතය.
ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/09/12/sports05.html
සබැඳි ලිපි -
[ආසියානු යොවුන් බාලක වොලිබෝල් තරගාවලිය - ශ්‍රී ලංකාව ජය පිට ජය ලබා සුපිරි කණ්‌ඩායම් 8 අතරටhttp://denethharinna.blogspot.com/2014/09/8.html10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් සමාරම්භක තරගයේදී සවුදිය පරදා ශ්‍රී ලංකාව සවුදිය පුරයිhttp://denethharinna.blogspot.com/2014/09/10.html
]
0 comments:
Post a Comment