Pages

Thursday, September 4, 2014

අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන්ගෙන් ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරස්ථානය රැකගනිමු

අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් විනාශ කරන බවට අනතුරු අඟවා ඇති ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරස්ථානය රැක ගත යුතුව ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ නායක පූජ්‍ය  ඕමල්පේ සෝපිත හිමියන් මේ බව කියා සිටී.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

බෝරෝ බුදුර් ලෝක උරුමය රැකගනිමු

සිරියාවේ හා ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ආගමික ත‍්‍රස්තවාදීන් විසින් ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් විහාරස්ථානය විනාශ කරන බවට අනතුරු හගවා ඇත. මෙම අනතුරු හැගවීම කර ඇත්තේ ෆෙස්බුක් සමාජජාලා  වෙබ්අඩවි ඔස්සේය. මෙම තර්ජනය හා අනතුරු හැගවීම් සුඵකොට තැකිය යුතු නැත. මීටපෙර ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් ලෝකයේ විශාලතම හිටි බුදුපිළිම වන බාමියන් බුදුපිළිම වහන්සේලා ප‍්‍රසිද්ධියේ කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකර විනාශ කළ ආකාරය අපට අමතක නැත. බෞද්ධ ලෝකයේ පමණක් නොව ශිෂ්ඨසම්පන්න ලෝකයේ සියඵ විරෝධතාවයන් නොතකා තලෙයිබාන් අන්තවාදීන් එම බුදුපිළිම විනාශ කරන ලදි.

පසුගිය කාලයේ බෞද්ධයන්ගේ ආගමික ශාස්තෘවරයාණන් වූ ගෞතම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබු බුද්ධගයාවද මුස්ලිම් අන්තවාදීන්ගේ ප‍්‍රහාරයට ලක්විය. ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර හා ගිනිකොණදිග කාලපයේ ද මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බෞද්ධ සිද්ධස්ථාන වෙහෙර විහාර විනාශ කිරීම පිළිබඳව පසුගිය කාලය පුරා වාර්තා විය. සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමග ලෝකයපුරා සිටින මුස්ලිම් කණ්ඩායම් සහ පුද්ගලයින් එකතු වී සටන්කරන බව ඇමරිකානු ආරක්‍ෂක අංශ පවා වාර්තා කර ඇත. ශී‍්‍ර ලංකාව තුළ සිටින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වන්නේ යැයි කාටනම් කිවහැකිද? අයි.එස්.අයි.එස්. සුන්නි මුස්ලිම් අන්තවාදීන් ඉරාකයේ මොසුල් නගරයේ පිහිටි සියවස් ගණන් පැරණි කි‍්‍රස්තියානි දේවස්ථාන බිමට සමතලා කළා පමණක් නොව එහි වාසය කළ ඉපැරණි කි‍්‍රස්තියානි ජන කොටස්ද සංහාරය කරන ලදි. තවත් පිරිස් පළවා හැරි අතර බලහත්කාරයෙන් මුස්ලිම් ආගමට හැරවීමද කරන ලදි. එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාත්, පාප්තුමාත් ඇතුඵ බටහිර ලෝකයේම ඉල්ලීම් හා විරෝධය නොතකා අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් එම සංහාරය තවදුරටත් කරමින් ඇත.

අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන්ගේ කෲර මිලේච්ඡු කි‍්‍රයාකලාපයන් අද ලෝකයේ පැවැත්මට, සාමයට, සංහිඳියාවට තර්ජනයක් එල්ලකර ඇත. යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති ඉන්දුනීසියාවේ බෝරෝ විහාරස්ථානය දෙවියන්ගේ කැමැත්ත පරිදි විනාශ කරන බවට අයි.එස්.අයි.එල්. ත‍්‍රස්තවාදීන් කරන තර්ජනය පිළිබඳව මුඵ බෞද්ධ ලෝකයේම අවධානය යොමුවිය යුතු අතර ලෝක බෞද්ධ උරුමය රැකගැනීමේ දී ශී‍්‍ර ලංකාවට පැවරී ඇති වගකීම නිසිලෙස තේරුම්ගෙන එය ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ති‍්‍රක පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙසත් අප බලකර සිටිමු. එමෙන්ම 1985 වසරේ දී ද බෝරෝ බුදුර් විහාරස්ථානයට ඉස්ලාමීය අන්තවාදීන්් බෝම්බ ප‍්‍රහාර එල්ලකළ අතර එම විහාරස්ථානයේ ස්තූප නමයකට හානි සිදු වූ බව සිහිපත් කළ යුතුය. ඉරාකයේ මොසුල් වල සිදුකරන කෲර මිලේච්ඡු කි‍්‍රයා පමණක් නොව අද ඉන්දුනීසියාවේ බෝරෝ බුදුර් වෙත එල්ල වී ඇති තර්ජනය පිළිබඳව ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවගේ ස්ථාවරය පරීක්‍ෂාවට ලක්වන අවස්ථාවක් බැවින් මේ පිළිබඳව ඔවුන්ගේ මතය කුමක්දැයි බෞද්ධයන් ලෙස වඩවඩාත් උනන්දුවෙන් හා විමසිල්ලෙන් බලාසිටින බව අවධාරණය කරන අතර ශී‍්‍ර ලංකාව තුළ හිස ඔසවන මුස්ලිම් අන්තවාදය පිළිබඳව රජයේ ආරක්‍ෂක අංශවලත් අවධානය යොමුකරන ලෙසද ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි..!

පූජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි, නායක, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/121313/

Pic Source

0 comments: