Pages

Tuesday, September 16, 2014

ඓතිහාසික පොළොන්නරුව හැටදාගේ බුදු පිළිම විනාශමුඛයේ

ඓතිහාසික පොළොන්නරුව හැටදාගෙයි බුදු පිළිම තුන අව්වට හා වැස්‌සට හසුව ඉරි තැලී පුපුරාගොස්‌ ගල් පතුරු ගැලවී විනාශයට යමින් පවතී. ඒවා ආරක්‌ෂා කරලීමට ආරක්‌ෂක ආවරණ යොදන්නැයි බැතිමතුන් ඉල්ලා සිටිති.

මෙම හැටදාගෙය නිශ්ශංක මල්ල රජු විසින් ඉදිකරන ලද මහල් දෙකකින් සමන්විත දළදා මාලිගාවකි. එවකට උඩුමහල දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහාද පහත මාලය පිළිම ගෙය සඳහාද භාවිත කරන ලදී.

මෙය දින 60 ක්‌ ඇතුළත ඉදි කළ බැවින් හැටදාගෙය නම් වූ බව සඳහන් වේ. ගොඩනැගිල්ල හා ඒ වටා ඇති ප්‍රාකාරයද ගලෙන්ම නිම කිරීමේදී දැව භාවිත කරන්නට ඇති බව විශ්වාස කරයි. පිවිසුම් දොරටු පියගැට පෙළ අසල පුන්කළසක්‌ ඇති අතර එය දිගින් අඩි 120 පළල අඩි 90 කි.

ජයන්තිපුර - උඩගෙදර 
http://www.divaina.com/2014/09/16/news19.html

Pic Source

0 comments: