Pages

Friday, September 5, 2014

හජ් උත්සව දිනයේදී සවුදි අරාබියට පහර දෙනවා – ISIS

හජ් උත්සව දිනයේදී තමන් සවුදි අරාබියට පහර දෙන බව ඉස්ලාමික රාජ්‍ය සංවිධානය විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් සවුදි අරාබියේ මක්කම වන්දනා කිරීම සඳහා යන හජ් වන්දනා සමය අවසන් වන්නේ මෙම ඊද් උල් අල්හා දිනයෙනි.

සිරියානු පුවත් වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ අල් කයිඩා ඒජන්තයන්ගෙන් මුදල් ලැබුණු පසු තමන් සවුදි අරාබියට එරෙහි මෙහෙයුම ආරම්භ කරන බව ටක්ෆිරි සටන්කාමීන් විසින් අනතුරු හගවා ඇති බවයි.

මෙවැනි මෙහෙයුමකින් සවුදි රජය බිඳ වැටුණහොත් එය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රාජ්‍යයන්ට බරපතල පහරක් විය හැකි බවද එම වාර්තාවේ දක්වා තිබේ.

ඒ අනුව අරාබි රාජ්‍යයන් 5ක් ඉස්ලාමික රාජ්‍ය සංවිධානය පිළිබඳව සවුදි අරාබියාවට තොරතුරු ලබාදීම සඳහා ඉදිරිපත්ව ඇතැයි පැවසේ.

කටාර් රාජ්‍යය ටක්ෆිරි සටන්කාමීන්ගේ චලනයන් පිළිබඳව තොරතුරු ලබාදීමට නියමිතව ඇති අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකු හරහා ඉස්ලාමික රාජ්‍යයට මුදල් සැපයෙන මාර්ග අවහිර කිරීමට ඊජිප්තුව සහ ජෝර්දානය කටයුතු කරනු ඇත.

සිරියාවෙන් සහ ඉරාකයෙන් සොරාගත් ඛනිජ තෙල් අලෙවි කිරීම මගින් අයිසිස් සටන්කාමීන් විශාල ධනස්කන්ධයක් උපයන බවද හෙළිවී තිබේ.

ඔවුන් මේ වන විට සිරියාවේ සහ ඉරාකයේ විශාල ප‍්‍රදේශයක් පාලනය කරන අතර සිය බලය තහවුරු කරගැනීම සඳහා අතිශය ම්ලේච්ඡු මනුෂ්‍ය ඝාතනයන් සිදුකරමින් සිටී.

http://lankacnews.com/sinhala/foreign-news/121332/

Pic Source

0 comments: