Pages

Saturday, September 27, 2014

ඕනෑම සිද්ධියක් මැඩපවත්වා, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නවා - ජනපති

මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය ගන්නා බවත්, මුස්ලිම් ප්‍රජාව තමාගේ සහෝදරයන් ලෙස රැකබලා ගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට පරිබාහිරව ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා සමග අද (25දා) පැවැත්වූ සාකච්ඡාවකදීය.

මෑතකදී සිදුවූ ආගමික් වශයෙන් පෙළඹවීම් කරන ලද හුදකලා වූ සිදුවීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන අතරතුරේදී, මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව සිදුවන ඕනෑම සිද්ධියක් මැඩපැවැත්වීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග රජය විසින් ගනු ලබන බව ජනාධිපතිවරයා පැවසීය.

"මම මුස්ලිම් ප්‍රජාව මගේ සහෝදරයින් ලෙස රැකබලා ගන්නවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය සහ විවිධ ප්‍රජාවන් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වන ආකාරය සියැසින් දැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජනාධිපතිවරයා මදනි මහතා සහ අනෙකුත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් උනන්දු කළේය.

"ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට පිටස්තර රටක් ලෙස අප නොසලකනවා. අප එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා" යැයි පැවසූ මදනි මහතා, ජනාධිපතිවරයා විසින් ගන්නාලද පුරෝගාමී පියවර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය අගය කරන බවද පැවසීය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද

Pic Source

0 comments: