Pages

Saturday, September 27, 2014

ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ මූලික වාර්තා එළි දකී

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලය අතර ඇති වූ සහයෝගීතා ගිවිසුමක් යටතේ  ප‍්‍රාග් ඓතිහාසික මානවයා පිළිබද පර්යේෂණ ව්‍යාපෘතියක් 2013 වර්ෂයේදී ආරම්භ විය. එහි මූලික පර්යේෂණ ප‍්‍රතිඵල මේ වන විටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී තිබේ. පර්යේෂණ කටයුතු සිදුකරනු ලැබූයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යානාංශයේ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය සහ පැට්‍රික් රොබට්ස් මහතා විසිනි.

මෙහිදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා පරිභෝජනය කළ ආහාර, ඔහුගේ ජීවන රටාව, භාවිත කළ ගල් ආයුධ හා ඒවායේ තාක්‍ෂණය ආදිය පිළිබද පර්යේෂණ කළ මාග‍්‍රට් ඈෂ්ලි මහත්මිය පවසන්නේ නවීන තාක්ෂණික ක‍්‍රමවේදත් ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ සියලූ ම විද්‍යා හා තාක්ෂණික දැනුමත් මේ පර්යේෂණ කටයුතු සදහා උපයෝගී කරගත් බවයි.එම පර්යේෂණයට අනුව නුදුරු අනාගතයේදී ප‍්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් ආහාර වර්ග හා ඔවුන්ගේ ආහාර හුරුපුරුදු හදුනාගැනීමට හැකිවනු ඇත.

මීට සමගාමී ව පැට්‍රික් රොබට්ස් මහතා විසින් ලංකාවේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ  ජීවන තොරතුරු පිළිබද කූරගල, බටදොඹ ලෙන, බෙලි ලෙන හා පාහියන් ලෙන  ආශ‍්‍රයෙන් පර්යෙෂණ සිදු කරන ලදි. මෙහි දී විෂේශයෙන් ම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ දත් හා අස්ථි කොටස් පර්යේෂණයට ලක්කළ අතර ඒ සදහා ද නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ක‍්‍රමවේද භාවිතකර තිබේ. තවද වදුරන් ගේ දත් ආශ‍්‍රයෙන් ද අධ්‍යනයක් සිදු කර ඒ තොරතුරු ද මේ පර්යේෂණයට උපයෝගී කරගත් බව රොබට්ස් මහතා තවදුරවත් සදහන් කළේ ය. මේ සියල්ලේ ම මූලික වාර්තා දැනටමත් පුරාවිද්‍යා දෙපාර්තමේතුවට ලැබී ඇති අතර පර්යේෂණ වල සම්පූර්ණ ප‍්‍රතිඵල ලගදී ම එළි දැක්විමට හැකි වනු ඇත.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් ද හිටපු  පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ සහ අධ්‍යක්ෂ (වැ.බ.) නාමල් කොඩිතුවක්කු මහතාගේ මැදිහත් වීමෙන් ද උක්ත පර්යේෂණ කටයුතු සිදුකෙරිණි. මෙම පර්යේෂණ කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් සම්බන්ධීකරනය කරනුයේ පර්යේෂණ නිලධාරී ඔෂාන් වෙදගේ මහතා විසිනි.

– තරංගා වික‍්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/122544/

Pic Source

සබැඳි ලිපි -
[
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
]

0 comments: