Pages

Sunday, September 14, 2014

මුන්නේශ්වරම් කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීම මුළුමනින්ම තහනම් කරන්න සංඝ සම්මේලනයේ ඇපෑල විභාගයට

හලාවත මුන්නේශ්වරම භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීම මුළුමනින්ම තහනම් කරන්නැයි ජාතික සංඝ සම්මේලනය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ ඇපෑල ලබන ඔක්‌. 17 දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12 වැනිදා) තීරණය කළේය.

ජාතික සංඝ සම්මේලනය සත්ව මිත්‍ර සංගමය ඇතුළු සංවිධාන කීපයක්‌ මුන්නේශ්වරම් කෝවිලේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් මුලින්ම විභාග කළ අභියාචනාධිකරණය රජයෙන් බලපත්‍ර ලබාගෙන කෝවිලේ සත්ව බිලි පූජා දිගටම පැවැත්වීමට හැකිවන පරිදි තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය.

පසුව එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කරන ලදී.

නමුත් එම තීන්දුවට එකඟත්වය පළ නොකළ ජාතික සංඝ සම්මේලනය කියා සිටියේ බලපත්‍ර ලබා ගෙන හෝ කෝවිලේ සතුන් මැරීමට ඉඩදීමට තමන් විරුද්ධ බවයි.

අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ එම ඇපෑල ඊයේ කැඳවූ අවස්‌ථාවේදී ජාතික සංඝ සම්මේලනය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රාජා ඩෙප් මහතා දැඩිව ඉල්ලා සිටියේ තමාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙසයි.

බලපත්‍රයක්‌ ලබාගෙන කෝවිලේ සතුන් මැරීමට ඉඩ දුන හොත් ඉතාමත් කෲර ලෙස එම කටයුත්ත සිදු වනු ඇතැයි කියා සිටි අධිනීතිඥ ඩෙප් මහතා ඉන්දීය නඩු තීන්දුවකින් කරුණු ගෙනහැර දක්‌වමින් වැඩිදුරටත් කියා සිටියේ එම නඩු තීන්දුවට අනුව ඉන්දියාවේ සත්ව බිලි පූජා පැවැත්වීම මුළුමනින්ම තහනම් කර ඇති බවයි. එක්‌ ප්‍රාන්තයක එම තහනම දැනටත් ක්‍රියාත්මක වන බවත් ඔහු කීය.

ඇපෑල විභාග කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේ ඉන් අනතුරුවයි.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/09/13/news35.html


Pic Source

0 comments: