Pages

Friday, September 12, 2014

දඹුල්ල ලෙන් විහාරයේ සංරක්‍ෂණ කටයුතු කඩිනම් කෙරේ

ඓතිහාසික දඹුල්ල ලෙන් විහාරයේ චිත‍්‍ර සහ මූර්තිවල විනාශයට තුඩු දෙන ස්වාභාවික හා මානව ක‍්‍රියාකාරකම් හදුනාගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. මේ පිළිබද විශේෂ අවධානය යොමු කළ ජාතික උරුමයන් පිළිබද ගරු අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මැතිතුමා පසුගිය දා අදාළ පාර්ශවයන් කැදවා ඒ සදහා කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව උක්ත කරුණ සම්බන්ධව විශේෂ සාකච්ඡවක් දඹුල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නාහිමි, ගරු අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය නන්දා වික‍්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන අයගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිණි. එහි දී තීරණය වූයේ ඉතා කඩිනමින් මේ විෂය ක්ෂේත‍්‍රයට අදාල විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කොට ඉදිරි පියවර ගැනීමයි.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ වාස්තු විද්‍යාඥයකු , පුරාවිද්‍යාඥයකු මෙන්ම චිත‍්‍ර හා මූර්ති සංරක්ෂකයකු ද වන මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සදහා පත්කර ඇත. දිලීර, වේයන්, කුඹලන් වැනි කෘමීන් ජල කාන්දුව හා ආර්ද්‍රතාවය නිසා ලෙන් සිතුවම් වලට වන හානි වලකා ගැනීමට විසදුම් සෙවීමත් මූර්තිවල පතුරු හා කොටස් ගැලවීම, බදාම ස්ථරය බොල්වීම, ඉරිතැලීම ආදියෙන් මූර්තිවලට සිදුවන හානි වලකා ගැනීමත් මේ කමිටුවේ මූලික අරමුණ වේ.

මෙම කමිටුවේ ආචාර්ය ජගත් වීරසිංහ (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය) මහාචාර්ය රවි විජේසුන්දර (කොළඹ විශ්වවිද්‍යාලය), එම්. ඞී. පී. වී ද කොස්තා (කොළඹ විශ්වවිද්‍යාලය), ආචාර්ය අසේල කුලතුංග (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය මනෝජි ගුණතිලක (ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව), වී. ටී. වඩුගේ (ජාතික පරමානු බලශක්ති අධිකාරිය), විරා‏ජ් එදිරිසිංහ යන මහත්ම මහත්මීන් සෙසු සාමා‎‎‎‎‎ජිකයෝ වෙති.

– තරංගා වික‍්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/121887/

1 comments:

ඉසිවරයා - සියල්ලන්ගේ යහපත පතන පාරිසරික අඩවිය said...

හැකි සෑම ශක්තියක්ම ෙයාදවා අ ෙප් ෙද් අාරක්ෂා කර ගැනීම අප සතුයි.