Pages

Monday, September 29, 2014

බොදුබල සේනා මහ සඟ සමුළුව - සිංහල බෞද්ධ නව නායකයකු හඳුනාගෙන ජනාධිපතිවරණයට එනවා - ඥනසාර හිමි


සිංහල බෞද්ධ රට රැකගන්න බොදුබල සේනාව සමග එක්‌වන්න - ඥනසාර හිමි 

අල්ලසින්, දූෂණයෙන් රට විනාශ කරන උන්ට එරෙහිව අපි කටයුතු කරනවා. උන්ව නිරුවත් කරලා මේ රට බේරගන්න කටයුතු කරනවා.

හාමුදුරුවනේ, පන්සල් ගොඩනැඟිලි නෙවෙයි ජාතිය හදන්න කැප වෙන්න.


මේ වන විට ශ්‍රී ලංකාව තුළ මුස්‌ලිම් අන්තවාදී සංවිධාන සියයක්‌ ක්‍රියාත්මකව සිටිනවා. මේ රට සිංහල බෞද්ධ රට. බෞද්ධ සාරධර්මවලට අනුව මේ රට රකින, ජාතියට ආදරේ කරන නායකයකු හදාගෙන මේ රට බේරා ගැනීමේ සටන ආරම්භ කරමු. රටට ජාතියට, ආගමට ආදරේ කරන සියලු දෙනාට බොදුබල සේනා සංවිධානය වටා එක්‌ව රට රැක ගැනීමට පෙළ ගැසෙන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ. 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (28 වැනිදා) සවස මෙම සමුළුව පැවති අතර ඊට පන්දහසක පමණ භික්‍ෂූන් වහන්සේ හා ගිහියන්ද විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

විදේශීය රටවල් කිහිපයක නියෝජිතයන්ද සමුළුවට එක්‌ව සිටි අතර එහිදී තවදුරටත් කතා කළ ගලගොඩ අත්තේ ඥනසාර හිමි මෙසේද පැවසූහ. 

ඥනසාරලට නෝර්වේවලින් සල්ලි හම්බෙවෙලා මාර වැඩක්‌ කළා කියලා කට්‌ටිය කියන්න පටන් ගනියි. මේ ජාතික ව්‍යාපාරය උපන් ගෙයිම මරලා දාන්න සිහින දකිද්දී අපට පුළුවන් වුණා ඒ අභියෝග ජය ගනිමින් ඉදිරියට යන්න.

මේ මහ සමුළුවට සමහර හාමුදුරුවරු වැඩියේ අලුයම ඉඳන්, නව ජාතික පුනරුද ව්‍යාපාරයේදී ඉස්‌සරහට ආපු පිරිස අතලොස්‌සයි. සිංහල කියන්න බයයි. බෞද්ධ කියන්න බයයි. මොන නිවටකමක්‌ද? ඒ යුතුකම සමහරු මගහරිද්දී අපිත් එක්‌ක සිටින, බලය දුන්න පිරිසක්‌ අපට සිටිනවා. නිර්වින්දනය වෙලා, ජාතිය, සදාචාරය, වල්වැදුණු ජාතියකට පණ පොවන්න සිංහල භික්‍ෂු වංසයේ පුනරාගමනයටයි ඔබ වහන්සේලා වැඩියේ.

ඌව මැතිවරණයක්‌ තිබ්බා. ජනාධිපතිවරණයක්‌ ගැන කියනවා. අපි බෙදිලා වෙන්වෙලා ඉන්න ජාතිය යළිත් කෙලින් කරලා හදන්න ඕනේ.

සමහරු පසුගිය කාලෙම කල්පනා කළා මේ වැඩපිළිවෙළ අඩපණ කරන්න. සමහර අවස්‌ථාවල දුරකථන බිල් ගෙවන්නටත් අපට පුළුවන් වුණේ නෑ. වාහනයට තෙල් ටිකවත් ගහගන්න විදිහක්‌ තිබුණේ නෑ. අපිව ඒ වෙලාවේ දිරිමත් කරලා හාමුදුරුවනේ ඉදිරියට යන්න කියලා පිරිසක්‌ අපිව දිරිමත් කළා. 

අපි සමහර කටයුතු පටන් ගන්නකොට ආදායමක්‌, වත්කමක්‌ තිබුණේ නෑ. බටහිර රටවල ඉන්න සමහරු අපට උදව් කළා. සමහරු ඩොලර් පහක්‌ දෙන්න අපේ පැටිකිරිය හොයනවා. අපි කොරියාවට ගියා. කොරියාවේ ඉන්න අපේ ලංකාවේ කොල්ලො ටික අපිට සල්ලි හොයලා දුන්නා. ජාතිය වෙනුවෙන් කතා කරන අපිට ඒ දරු පැටව් පැය 12 ක්‌ වැඩ කරලා ගන්න මුදලින් කොටසක්‌ දුන්නා. 

අපි කතා කරන්න දන්නේ නෑ කියලා කියනවා, ඇත්ත. අපි දන්නවා. අපි වටාපත පැත්තකට තිබ්බේ මේකට නායකත්වය දෙන්නයි. සිව්වනක්‌ පිරිසට තමයි බොදුබල සේනාව කියන්නේ. මේ බොදුබල සේනාවේ නායකයා බුදුහාමුදුරුවෝ. අපි මේ කියන්නේ නිදාගෙන ඉන්න අයටයි. අපි මේ පටිසෝතගාමී වැඩසටහන හරහා කරන්නේ නිදාගෙන ඉන්න අය අවදි කරන්නයි.

භික්‍ෂු භික්‍ෂුනී, උපාසක, උපාසිකාවන් යන සිව් බලය තමයි අපි මේ අවදි කරවන්න හදන්නේ. අපේ නායක හාමුදුරුවරු අපිට බැන්න කාලයක්‌ තිබුණා. අපේ වදන් සැරපරුෂයි කියලා කිව්වා. උඩුගම්බලා පීනන්න නම් ජබුන් සද්දෙ හයියෙන් ගහන්න වෙනවා. මේ වැඩ සිටින සාමණේර හාමුදුරුවන්ගෙ පටන් අපි මේ හයිය තියාගමු හාමුදුරුවනේ. 

පන්සලේ ඝණ්‌ඨාරය තියෙනවා. මේ ඝණ්‌ඨාරය තේවාවටත් ගහනවා. තවත් දවසක මේ ඝණ්‌ඨාරය දිගටම වදිනවා. එතකොට ගම්මු දන්නවා කිසියම් කරදරයක්‌ කියලා. අපිත් ජාතිය අවදිකරන්නයි සද්දෙට කෑ ගැහුවේ.

කුඩාපොළ හාමුදුරුවෝ, ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, සෝම හාමුදුරුවන් වැනි හාමුදුරුවරු මට මතක්‌ වෙනවා. අපිත් මැරෙනවා හාමුදුරුවනේ. අපි මේ රට වෙනස්‌ කළ යුතුයි. අපි පහුගිය කාලේ ගොඩක්‌ දේ කතා කළා.

ක්‍රිස්‌තියානු මූලධර්මය වගේම මුස්‌ලිම් අන්තවාදයක්‌ ක්‍රියාත්මක වෙනවා. රට පුරා අන්‍යාගමික සංවිධාන දැන් 400 ක්‌ පමණ තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයක්‌ තියෙනවා. ඒක තියෙන්න ඕනේ. මේ රටේ ජාතිය නගාසිටුවන්න කටයුතු කරන්න ඕනේ. අපි මහා බලවේගයක්‌ වෙලා ඒ වෙනස කරන්න ඕනේ. 

යූ. එන්. පී. නායකයො, භික්‍ෂූන්ගේ කටයුතු පිළිබඳ හෙළා දකිනවා. උන්නැහෙලාගේ පත්තර කඩමළු වලත් ලියවෙනවා. සිංහල, බෞද්ධයා එක පෙළට පෙළ ගස්‌සනවාට මේ අය විරුද්ධයි.

ආදිවාසී ගම සුද්දො විනාශ කළා. ආදිවාසී තරුණයන්ට විස්‌කි පෙව්වා. එක නායකයෙක්‌ ඒ ගැන කතා කළාද?

හාමුදුරුවරු යක්‌කු වගේ කියලා සමහරු ජාත්‍යන්තරයට පෙත්සම් යවනවා. බොදුබල සේනා විවේචනය කරන කවුරුවත්, ගලවා ගැනීමේ හමුදා ගැන කතා කරන්නේ නෑ. මේවා තමයි තිත්ත ඇත්ත. අන්තගාමීන් මේ රටට ඇවිල්ලා ආගමික ස්‌ථාන ඇති කරයි. අපි ඊට තිත තැබිය යුතුයි.

අද ලංකාවේ විතරක්‌ නොවෙයි, පිටරට ඉන්න අයත් අන්තර්ජාලයෙන් මේ කතාව දකිනවා.

සමුළුවට එන්න කලින් මට බරපතළ ගණයේ පොත් දෙකක්‌ හමුවුණා. මේ තියෙන්නේ ඒ පොත් දෙක. මොනවද දන්නවද මේකේ තියෙන්න. මුස්‌ලිම්වරුන්ට පසුගිය කාලේ හිරිහැර කරාලු.

මේ රටේ බරපතළ විදියේ ආක්‍රමණයක්‌ සිදුවෙනවා. ඊට අදාළ සාක්‍ෂි මා සතුයි. මුස්‌ලිම් ආක්‍රමණයත්, අන්තවාදයත් තියෙනවා. කාමයට, ප්‍රේමයට, ජාති බේද නෑ. අපේ සිංහල තරුණියන් තුන්දහසක්‌ මුස්‌ලිම් ආගමට අරන්. අපේ සිංහල තරුණයෙක්‌, මුස්‌ලිම් දෙමළ තරුණියක්‌ කසාද බැන්දොත් අපි ආගම් වෙනස්‌ කරන්න බලපෑම් කරන්නේ නෑ.

අපි දැන් සංවිධානාත්මකයි. ඔය මුස්‌ලිම් සංවිධාන ඔක්‌කොම එකතු වෙලා අපි මූණට මූණ කතා කරමු.

පන්සල, ගොඩනැඟිලි හදන්න නෙවෙයි අපි ජාතිය හදන්න නූතනත්වයට ගැළපෙන විදිහට අපි අපේ ජාතිය, බුදුදහම රකිමු. අපි කැලේ කැපුවා. ගල් පෙරළුවා. පාලම් ගේට්‌ටු දැම්මා. දැන් ලියන අය, තර්ක විතර්ක කරන අය, සූදානම් වන්න මුස්‌ලිම් අන්තවාදයට එරෙහි වෙන්න.

අපි විවෘත ජාතියක්‌. අපි ගහන්න, කොටන්න කැමති නෑ. මුස්‌ලිම් ආගම කොටස්‌ තුනකින් සමන්විතයි. අපි බොරු බයිලා කියලා දැන් වැඩක්‌ නෑ. 27,000 ක්‌ රණවිරුවන් දෙමළ බෙදුම්වාදය පරාජය කරන්න ජීවිතය බිලි දුන්නා. වහබ්වාදී පල්ලි අටවන්න දෙන්න බෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයෝ, රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, අනුර කුමාර දිසානායක මහත්තයෝ නැගිටපල්ලා. පක්‍ෂ නෙවෙයි රට රැකගන්න පටන් ගනිල්ලා.

අපි රට වෙනස්‌ කරන්න ලෑස්‌තියි. කරුණාකරලා දැන් උඹලා වෙනස්‌ වෙයල්ලා. මේ සිවුරට, පුටුවේ ඉන්දන්නත් පුළුවන්. නැගිට්‌ටවන්නත් පුළුවන්. ඒක මතක තියාගන්න සතියක්‌ දෙන්නම්. මේ නායකයෝ ඒ බලය අමතක කරලා කල්පනා කරන්න. අපේ සිංහලකමට මොකද වුණේ කියලා හිතපල්ලා නැත්නම් උඹලටත් අබ සරණයි. මේ දේශනය අවසානයේදී මා අපවත් වුණත් කමක්‌ නෑ.

අපිට අවුරුදු 2500 ක චින්තනයක්‌ තියෙනවා. ඒ තමයි බුද්ධ දර්ශනය, ඇමැතිවරුන්ට ගෝලයෝ නොවී බුදුහාමුදුරුවන්ගේ බුද්ධ පුත්‍රයන් වෙමු. 

ධර්මාසනය වගේම රාජාසනයත් මේ භික්‍ෂුවට හදන්න පුළුවන්. මහ බැංකු අධිපතිතුමාගෙන් අපි අහන්න කැමතියි කවුද බැංකු ශරීයා කරන්න ඉඩ දුන්නේ.

අපි ප්‍රතිපත්ති මාලාවක්‌ ඉදිරිපත් කළා. එය අවශ්‍ය පරිදි සංශෝධනය කරමු. අපි අද සිට වැඩ අරඹමු.

අද දේශපාලන වේදිකාව ශුද්ධ කරන්න ඕනේ. අඩුම තරමින් විශ්වවිද්‍යාලයක උපාධියක්‌ ගත්ත අයවත් කවුන්සිලයට යවන්න ඕනේ. ඇති හැකි අය පිටරටවල පදිංචි වෙයි. නැති බැරි අය දුක්‌ විඳියි. මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. අල්ලසින්, දූෂණයෙන් රට විනාශ කරන උන්ට එරෙහිව අපි කටයුතු කරනවා. උන්ව නිරුවත් කරලා මේ රට බේරගන්න කටයුතු කරනවා.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එනවා පොදු අපේක්‍ෂකයා වෙලා. හාමුදුරුවනේ පිටුපස්‌සෙ ඉන්න නඩය කවුද? හාමුදුරුවනේ ඒ නඩය පිටුපස්‌සේ තියාගෙන නම් පොදු අපේක්‍ෂකයා වෙන්න එපා.

සෝභිත හාමුදුරුවො ආපුදෙන්. මහින්ද ජනාධිපති ආපුදෙන්. මේ රටේ ගම් තියෙනවා 25,285 ක්‌. මේ ගම් සෑම එකකම පාහේ පන්සලක්‌ තියෙනවා. පන්සල් 5000 ක්‌ නැද්ද කියන්න. එක පන්සලක බෞද්ධයෝ දාහක්‌ හදාගන්න. අපි ඒ බලයත් එක්‌කයි ජනාධිපතිවරණයට මූණ දෙන්නේ. අරාජිත වෙච්ච රටට, අපි බෞද්ධ සාරධර්මවලට ගැළපෙන, රටට ආදරේ ජාතියට ආදරේ නායකයෙක්‌ හදමු. නිල්, කොල, රතු කොඩි අයින් කරලා බෞද්ධ කොඩිය අතට ගන්න.

බොදු බලය දල්වලා සිංහල බෞද්ධ රටක්‌ හදමු. අපි උතුරටත්, නැගෙනහිරටත් ඇවිත් හැටපන්ලක්‍ෂයක බලයක්‌ අපි හදනවා. මත්කුඩු, කොමිස්‌වලින් හොයන සල්ලිවලට බිය නොවී අපි මේ රට හදමු.

මෙහිදී කතා කළ බොදුබල සේනා සංවිධානයේ සභාපති පූජ්‍ය කිරම විමලජෝති හිමි 

අපි වැටිලා නෑ අපි අතරමං වෙලා නෑ. අපි තාම අපේ රටේ ජීවත් වෙනවා. මහ උරුමයක්‌ තියෙන ජාතියක්‌ තමයි අපි. අවුරුදු 2500 කට වඩා කාලයක්‌ ලිඛිත ඉතිහාසයක්‌ අපිට තිබෙනවා. බුදුදහම සමග බෞද්ධ ප්‍රතිපත්තිවලට ගරුකරන සංස්‌කෘතියක්‌ අපිට උරුමයි. එකම ආගමක්‌ අදහපු එකම ජාතියක්‌ හිටපු එකම රට අපේ රටයි.

අද බොදුබල සේනාව විදිහට නිදා සිටින සිංහල, බෞද්ධ ජනතාව අවදි කරන්න අපිට හැකිවෙලා. දැන් අපි මේ සිංහල රට රැකගන්න පියවර ගත යුතුයි.

බොදුබල සේනා මහ සමුළුව ඊයේ (28දා) සවස සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

ශිරාන් රණසිංහ 
http://www.divaina.com/2014/09/29/news29.html

0 comments: