මේ පොහෝ දවසේ මෙබන්දක් කීම ගැන අපගේ පාඨකයා උරණ නොවෙත්වා· ඇත්තම කතාව නම් අරක්‌කුවලට වඩා සිගරැට් අත්‍යන්තයෙන්ම භයානක බව ය. අරක්‌කු බොන එකා මත්පැන් පානය කර බොක්‌ක කුණු කර ගත්තත් එහි හානිය ඒකාට පමණි. එහෙත් සිගරැට් බොන එකා දුම්වළා පිටකරමින් තමනුත් පෙනහලුවලට නිකොටින් උරාගෙන වටේට ම පෙනහලු පිළිකාව බෝ කරයි. සියලු පිළිකාවලට ප්‍රතිකාර කරන්නේ ආණ්‌ඩුව ය. ඒ සඳහා ආණ්‌ඩුවට මුදල් එන්නේ ජනතාවගෙන් අයකර ගන්නා බදු වලිනි. චීනය අධිවේගී මාර්ග තැනීමට මුදල් දුන්නාට පෙනහලු පිළිකාවට බෙහෙත් කිරීමට මුදල් දෙන්නේ නැත. මන්ද අපේ පෙනහලු පිළිකාව සුව වීමෙන් චීනයට වැඩක් නැත. එය ආයෝජනයක් නොවේ. සෞඛ්‍ය සේවා කටයුත්තක් වෙනුවෙන් පිනට දෙන "දෙකයි පනහ" පවා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගිනි.
දුම් පානය කවර යක්‍ෂයකු විසින් සොයා ගත්තේ ද යන්න ගැන සාක්‍ෂි නැතත් මෙයට වසර 7000 කට පෙර අද ලතින් ඇමරිකාව ලෙස සැලකෙන ප්‍රදේශයේ සිටි ජනයා දුම්කොළ වවා සුරුට්‌ටු ඔතා දුම් උරන ලද බවට සාක්‍ෂි තිබේ. එදා සිට අද දක්‌වා ම මේ කැත පුරුද්ද පැවත එයි. කිසිදු හොඳ පුරුද්දක් මෙපමණ කලක් පැවත ආ බවට සාක්‍ෂි නැත. 1560 වන විට දුම්කොළය යුරෝපයට පැමිණියේ ය. දුම්කොළ තුළ ඇති පෙනහලු පිළිකා සාදන, හෘදයාබාධ ඇති කරන විනාශකාරී ද්‍රව්‍ය වන නිකොටින්වලට එම නම යොදන ලද්දේ ද ප්‍රංශයට නිකොටින් ගෙනා Jeaබ භසජදඑ සිහිපත් කරනු පිණිස බව මතක තබා ගත යුතුය. එමතු නොව දුම්කොළ ගසට මුල් කාලයේදී කියන ලද නම භසජදඑසබ් ය.
පෙනහලුවල පිළිකාවක් සෑදුණු සෑම රෝගියකු පිළිබඳ වගකීමෙන් 90% ක්‌ම සිගරැට් කොම්පැණිකාරයන් විසින් භාරගත යුතුය. ලංකාවේ සිගරැට් වෙළෙ¹ම ඒකාධිකාරයකි. බීඩි වෙළෙඳාම ඒකාධිකාරයක් නොවේ. සුරුට්‌ටු යාපනේ පමණක් නොව කොළඹත් ඔතනු ලැබේ. වැනිලා සුරුට්‌ටු යනුවෙන් රස කරමින් කොණ හප හපා උරන සුරුට්‌ටුව තුළ සිටින්නේ මාරයා ය. මේ සියල්ලට ම අමතරව සුදු බීඩි හෙවත් තුනී කොළයකට මැදිකළ දුම්කොළවලින් සාදන මාර පැටවුන් විශේෂයක් ද තිබේ. එම බීඩිය සුදු වුවද එය ඇතුළත සිටින යකා කළුම කළු ය. ලංකාවේ සිගරැට් පැකට් මත පෙනහලු පිළිකාවල පින්තූර මුද්‍රණය කරන්නට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන කොතරම් දැඟලුවත් අදටත් එය කරගත නොහැක. කාට කියම්ද?
http://www.divaina.com/2014/02/14/editor.html
Pic Source
0 comments:
Post a Comment