Pages

Thursday, February 20, 2014

බෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන රකින ලෙස ඉල්ලමින් දිවි නසා ගැනීමට තැත් කළ හිමිනම රිමාන්ඩ්!

ගව ඝාතනය තහනම් කිරිම සහ අහිමි කර ඇති බෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කරන ලෙස ඉල්ලමින් ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට ගත් දන්දෙණියේ ධම්මානන්ද හිමියන් ලබන 21 වැනිදා (හෙට) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18 වැනිදා) රාත්‍රි නියෝග කළේය.ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් ධම්මානන්ද හිමියන් කොටුව දුම්රියපළ ඉදිරිපිට දී සිරුරට පෙට්‍රල් වත්කරගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළහ.

ඒ අවස්‌ථාවේ පොලිසිය විසින් එම හිමියන් අත්අඩංගුවට ගන්නා ලදී.

ගව ඝාතනය නතර කිරීම බෞද්ධ අයිතීන් සුරක්‍ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක්‌ මුල්කර ගෙන සිංහල රාවය ජාතික සංවිධානය මගින් උද්ඝෝෂණ පෙළපාලියක්‌ මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් ආරම්භ කරන ලදී.

එම පෙළපාලිය කොළඹ දක්‌වා පා ගමනින් පැමිණි අතර සිංහල රාවය ජාතික සංවිධානයේ භික්‍ෂුන් වහන්සේ ඇතුළු එහි සාමාජිකයෝ අරලියගහ මන්දිරය දක්‌වා ගමන් කිරීමට උත්සාහ කළහ. පොලිසිය මැදිහත් වී එය නතර කිරීමෙන් පසු උද්ඝෝෂකයෝ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කළහ.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/02/20/news05.html

Pic Source

සබැඳි ලිපි -
[
ගව ඝාතනය තහනම් කරන්න ජනපති සූදානම්. උපවාසය අවසන්!http://denethharinna.blogspot.com/2014/02/blog-post_7945.html
යති රුහිරු හලමින් කතරගම සිට පැමිණි 'සිංහල රාවය' පාගමන කොළඹට...http://denethharinna.blogspot.com/2013/06/blog-post_2197.htmlගව ඝාතනයට එරෙහිව 'සිංහල රාවය' පෙත්සම ජනපතිටhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_9967.htmlගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_554.html
ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක | සර්ව ආගමික පූට්ටු ප්‍රෝඩාවක්. අපි පන්සලක් හදන්න යාපනයේ ගිහින් දවස් 03ක් හිරේ හිටියා. එහේ පන්සල් හදන්න බෑ - SR
http://denethharinna.blogspot.com/2013/06/03.html
සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේ
http://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html
‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්
http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html

]

0 comments: