Pages

Saturday, February 8, 2014

සාධු සාධු මුනි සිරිපා වන්දනා... ජනපති ගුවනේ සිට පිච්ච මල් ඉසිද්දී ශ්‍රී පාද මළුව සාදු නදින් ගිඟුම් දෙයි!

ශ්‍රී පාද මළුවේ අභිනවයෙන් ස්‌ථාපිත කරන ලද ශෛලමය දොළොස්‌මහේ පහන හා ඝණ්‌ඨාර කුලුන රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා විසින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්Cධායනා හා විශේෂ පිච්චමල් පූජාවන් මධ්‍යයේ ඊයේ (7 දා) පෙ.ව. 10.00 ට විවෘත කරන ලදී. මෙම දොළොස්‌ මහේ පහන විවෘත කරනු ලැබූ අවස්‌ථාවේ ශ්‍රී පාදස්‌ථානයට ඉහළින් උඩුගුවනේ පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක සිට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පිච්චමල් ශ්‍රී පාද මළුව වෙත හෙළනු ලැබීම විශේෂ සිද්ධියකි. ඊට අමතරව ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකකින් ගුවනේ සිට පිච්චමල් හෙළනු ලැබීය.


ආරත්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ශ්‍රී පාද පුද බිමේදී සහ සැදැහවතුන් පෙරහැරේ ගමන් කරමින් සිටි අයුරු  

පෙරේදා (06 දා) පස්‌වරු 7.15 ට පමණ නල්ලතන්නිය ශ්‍රී පාද ධර්ම මධ්‍යස්‌ථානයේ සිට අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත නායක හිමියන් හා ශ්‍රීපාදස්‌ථානාධිපති ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් ප්‍රමුඛ නායක හිමිවරුන් ඇතුළු 500 කට ආසන්න සංඝරත්නය නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට විශේෂ වේදිකාවකට පංච තූර්ය වාදන මධ්‍යයේ වැඩම කරනු ලැබූ අතර එහිදී රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා හා දොළොස්‌මහේ ශෛලමය පහනට හා ඝණ්‌ඩාර කුලුනට මූල්‍ය දායකත්වය දැරූ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි අධිපති තුසිත විඡේසේන යන මහත්වරුන් විසින් ශ්‍රීපාද ධර්ම මධ්‍යස්‌ථානයේ සිට සධාතුක කරඬුව හා විශේෂ පිරිකර වැඩම කරනු ලැබූහ. අනතුරුව ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන් විසින් විශේෂ අනුශාසනාවක්‌ පවත්වනු ලැබූ අතර පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවනු ලැබුවේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත නායක හිමියන් විසිනි. අනතුරුව වැඩම කර සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්Cධායනාවක්‌ පැවැත්වීමෙන් පසුව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විඡේසේන මහතාගේ උපදෙස්‌ මත පැමිණ සිටි එම ආයතනයේ සේවක පිරිස සුදුවතින් සැරසී මහා සංඝරත්නය සමග ශ්‍රී පාද මළුව දක්‌වා පෙරේදා රාත්‍රි වැඩම කරනු ලැබූහ.

ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා මැද ශ්‍රීපාද උඩමළුවේදී ආගමික වතාවත් පවත්වනු ලැබීමෙන් අනතුරුව ඊයේ (07 දා) පෙරවරු 10.00 ට යෙදුණු සුබ නැකත් අනුව රාජ්‍ය ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් 

සඡ්Cධායනා මධ්‍යයේ ශෛලමය දොළොස්‌මහේ පහන, ඝණ්‌ඨාර කුලුන, විශේෂ ආලෝක පද්ධතිය ඇතුළු ශ්‍රී පාද මළුවේ අභිනවයෙන් සිදුකරන ලද සංවර්ධන කටයුතු රැසක්‌ විවෘත කරනු ලැබීය.

කිලෝ 8613 කින් සමන්විත ශෛලමය දොළොස්‌ මහේ පහන හා කිලෝ 9000 ක බරකින් යුත් ඝණ්‌ඩාර කුලුන ඇතුළු කිලෝ 30,000 කට ආසන්න බර ප්‍රමාණයක්‌ පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානාවක්‌ මගින් නල්ලතන්නිය සිට ගුවන් ගමන් වාර 26 කදී ශ්‍රී පාද උඩ මළුව වෙත ගෙන යනු ලැබීය. 

ශ්‍රී පාද නායක හිමියන්ගේ උපදෙස්‌ හා අනුශාසනා මැද මෙම දොළොස්‌මහේ පහන හා ඝණ්‌ඨාර කුලුන රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ දී වසරකට වැඩි කාලයක්‌ නිර්මාණය කළ අතර එම ශෛලමය පහනට තෙල් හා කොප්පරා දැමීමට වෙන් වෙන්ව සකස්‌ කර ඇත. මෙම පහන හා ඝණ්‌ඨාරය වැඳ පුදා ගැනීමට ඊයේ දහවල් සිට වන්දනා කරුවන්ට අවස්‌ථාව උදාවන බව ශ්‍රීපාදස්‌ථානාධිපති නායක හිමියන් පැවසූහ. ශ්‍රී පාද උඩමළුව වෙත අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන්ද වැඩම කර සිටියහ. මෙම අවස්‌ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි, මහනුවර දිස්‌ත්‍රික්‌ ලේකම් ගාමිණි සෙනෙවිරත්න, හැටන් පොලිස්‌ අධිකාරි සමන් රත්නායක ඇතුළු යුද හමුදා, ගුවන් හමුදා හා පොලිසියේ උසස්‌ නිලධාරීහු රැසක්‌ සහභාගි වූහ.

ඡායාරූප - සුදත් සිල්වා, ඡායාරූප හා සටහන - මස්‌කෙළිය, ගාමිණි බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2014/02/08/news20.html

0 comments: