Pages

Monday, February 24, 2014

අපරාධකරුවන් සැණින් හඳුනාගන්න ඇඟිලි සලකුණු ජාල පද්ධතියක්‌

දිවයිනේ විවිධ අපරාධ සිදුකර වාර්තාගත වී ඇති අපරාධකරුවන් විනාඩි තුනක්‌ වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි ස්‌වයංක්‍රීය ඇඟිලි සලකුණු ජාල පද්ධතියක්‌ පොලිස්‌ මූලස්‌ථානය විසින් ස්‌ථාපනය කර ඇත.

විවිධ අපරාධ සිදුකළ අපරාධකරුවන් ලක්‍ෂ 05 කගේ පමණ තොරතුරු ඇඟිලි සටහන් කොට්‌ඨාසයේ වාර්තාවල ඇතුළත්ව පවතින අතර එම තොරතුරු පරිගණක ජාලගත කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (23 වැනිදා) පොලිස්‌ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට මියයැම් සහ වෙනත් හේතු මත ඔවුන් අතරින් එක්‌ලක්‍ෂ තිස්‌දහසක්‌ (130,000) පමණ රට තුළ නොමැතිවීම හෝ අපරාධ සිදු නොකරන බවට හඳුනාගෙන ඇතත් තුන්ලක්‍ෂ හැත්තෑදහසක (3,70,000) පමණ පිරිසක්‌ තවම රට තුළ සිටින බව හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීය.

මෙම පද්ධතිය පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ අනුමැතිය අනුව ස්‌ථාපිත කළ බව කී අජිත් රෝහණ මහතා මෙය නොබෝ දිනකින් දිවයිනේ පොලිස්‌ ස්‌ථාන 403 මගින් දත්ත ලබාගත හැකිවන අයුරින් ජාලගත කරන බව ද කීය.

රුපියල් කෝටි 80 ක වියදමින් ජපානයෙන් ඉදිකර දීමට ඉල්ලීම් කළ මෙම දත්ත පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලය හා අයි. සී. ටී. ආයතනය එක්‌ව රුපියල් කෝටියක වියදමකින් පොලිස්‌ මූලස්‌ථානයට ලබාදීමට කටයුතු කළ බව ද හෙතෙම කීය.

මේ වන විට යම් පුද්ගලයකුගේ ඇඟිලි සටහන් වාර්තා දින 14 ක්‌ ඇතුළත ලබාදෙන අතර මෙම පද්ධතිය ව්‍යාප්ත කිරීමත් සමඟ ඕනෑම අයකුගේ ඇඟිලි සටහන් වාර්තා විනාඩි තුනක්‌ වැනි කාලයකින් ලබාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා - ප්‍රදීප් සමරකෝන්
http://www.divaina.com/2014/02/24/news04.html

Pic Source

0 comments: