Pages

Thursday, February 20, 2014

ලෝක ක්‍රිකට් ඒකාධිකාරයට ශ්‍රි ලංකාවත් හිස නමයි

අන්තර්ජාතික ක්‍රිකට්‌ සභාවේ ආදායමෙන් වැඩි කොටසක්‌ මෙන්ම තීන්දු තීරණ ගැනීමේ බලතල වැඩි ප්‍රමාණයක්‌ ඉන්දියාව, ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තය යන රටවලට පවරාගත හැකිවන පරිදි සකස්‌ කරන ලද කෙටුම්පතට සහයෝගය දැක්‌වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ ව්‍යqහාත්මක සහ මූල්‍යමය පරිපාලයේ වැඩි බලතල අදාළ රටවල් 3 හමුවේ බෙදී යන පරිදි ඉදිරිපත් කරන ලද කෙටුම්පතට පක්‍ෂව ප්‍රධාන රටවල් 8 ක්‌ ඡන්දය ලබාදීම මත අදාළ කෙටුම්පත සම්මත වූ නමුත් එහිදී ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දරනු ලබන සෙසු රටවල් මෙම කෙටුම්පතට දැඩි ලෙස විවේචන එල්ල කර සිටියද අවසානයේ එයට පක්‍ෂව ඡන්දය භාවිතා කළේය. එහෙත් අදාළ තීරණාත්මක රැස්‌වීමේදී ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අදාළ කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඒ අනුව ඒ පිළිබඳව විශේෂ විධායක කමිටු රැස්‌වීමෙක්‌ පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පැවැති අතර එහිදී අදාළ තීරණයට එළැඹ තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කර සිටියි.

අදාළ විධායක සභා රැස්‌වීමේදී කෙටුම්පතට විරුද්ධව ශම්මි සිල්වා මහතා පමණක්‌ විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර තිබෙන නමුත්, සෙසු සියලු දෙනා යෝජනාවට ඒකමතිකව කැමැත්ත පළ කිරීම මත කෙටුම්පතට සහයෝගය දැක්‌වීමට තීරණය වූ බව අභ්‍යන්තර ආරංචි මාර්ගවල සඳහන් වේ.

මේ සම්බන්ධව 'දිවයින'ට අදහස්‌ දැක්‌වූ විධායක කමිටු සාමාජිකයක්‌, ''ශම්මි විතරයි මේකට විරුද්ධව කතා කළේ. එහිදී ඔහු පවසා සිටියේ මේකෙන් රටට වාසියක්‌ වෙන්නේ නැති නිසා තීරණයක්‌ අරන් ගියා නම් ඡන්දෙ නොදී ඉන්න කියලා'' පැවැසීය.

අදාළ රැස්‌වීමේදී නව කෙටුම්පත් යෝජනාව විශේෂ වීඩියෝ තිරයක්‌ යොදා ගනිමින් විධායක කමිටුවට ප්‍රදර්ශනය කර තිබෙන අතර එහිදී මේ පිළිබඳව වැඩි දුර හැදෑරීම සඳහා ලිත වාර්තාවක්‌ ලබා දෙන ලෙස ශම්මි සිල්වා මහතා ඉල්ලීමක්‌ තර තිබෙන නමුත් එයට බහුතරයකගේ විරෝධය පළ වී තිබේ. මේ හරහා රහස්‍ය තොරතුරු පිටතට යැමට ඉඩ තිබෙන බව සඳහන් කරමින් ශම්මි මහතාගේ ඉල්ලීමට කිසිවකුත් එකඟත්වයක්‌ පළ කර නොමැති බවත් එම තත්ත්වය මත ඔහුගේ ඉල්ලීමට කිසිදු ඉඩක්‌ ලැබී නොමැති බවද වැඩිදුරටත් සඳහන් වේ. 

මේ අතර මේ සම්බන්ධව 'දිවයින'ට අදහස්‌ දැක්‌වූ තවත් විධායක කමිටු සාමාජිකයකු, මෙම සිදුවීම් මාලාව දෙස බැලීමේදී මෙහි අභිරහසක්‌ සැඟවී තිබෙන බව තමාට හැගී යන බව සඳහන් කර සිටියේය. ''මේ සම්පූර්ණ ක්‍රියාවලිය දිහා සහ අපේ අය මේ ප්‍රශ්නයෙදි කටයුතු කළ ආකාරය ගැන මට තරමක්‌ සැකයක්‌ ඇතිවුණා. මේකෙ 'ඩබල් ගේම් එකක්‌ තියෙනවා කියලයි මට හිතෙන්නේ. මේකට එක එක පාර්ශ්වය නියෝජනය කරමින් කට්‌ටිය ඇවිල්ලා කරන්නේ තමන් හැදෙනවා මිසක්‌ ක්‍රිකට්‌ හදන්න තියෙන උනන්දුවක්‌ නොවේ'' යනුවෙන් නම සඳහන් කිරීමට අකමැති වූ විධායක කමිටු සාමාජිකයා 'දිවයින'ට පැවැසීය.

චමිල කරවිට
http://www.divaina.com/2014/02/19/sports01.html

Pic Source

0 comments: