Pages

Monday, February 24, 2014

කුණු ආහාර විකිණූ සුපිරි වෙළෙඳසල් 51කට නඩු

AMUL GHEE EXPIRED ON 21STԚ OCTOBER ON SHELVES FOR SALE AT FOOD CITY, DICKMAN’S ROAD ON 06TH NOVEMBER 2011
සුපිරි වෙළෙඳසල් 51 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර ඇත.

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ මත මේ නඩු පැවරීම සිදුකිරීමට නියමිතය.

පාරිභෝගික ජනතාවගෙන් ලද පැමිණිලි රැසක්‌ මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පසුගිය දින කිහිපයේදී දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල් රැසක්‌ වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.

එම වැටලීම්වලදී කල් ඉකුත් වූ බිස්‌කට්‌ වර්ග සහ චීස්‌ වර්ග ඇතුළු පැකට්‌ කළ ආහාර ද්‍රව්‍ය රැසක්‌ සොයා ගැනීමට පාරිභෝගික අධිකාරියේ එම වැටලීම් සිදුකළ නිලධාරීන්ට හැකිව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/24/news05.html

Pic Source & Related Story

0 comments: