Pages

Thursday, February 13, 2014

වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියි

වසර දහයකට වැඩි කලක්‌ තිස්‌සේ රජරට පුරාවට පැතිරෙමින් පවත්නා වකුගඩු අකරණයේ හේතුව රජරට හා කැලණි විශ්වවිද්‍යාල ඒකාබද්ධව පවත්වන ලද දිගුකාලීන පර්යේෂණය අනුව දැන් සොයාගෙන තිබේ. අවසන් වරට මෙම පර්යේෂණ ඇමෙරිකාවේ කැලිපෝනියා විශ්වවිද්‍යාලයීය පර්යේෂණාගාරයේදී පවත්වනු ලැබ එහි ප්‍රතිඵල රැගෙන පැමිණි පර්යේෂණ කණ්‌ඩායමේ පර්යේෂක රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් විෂය භාර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා වෙත රජරට වකුගඩු අකරණයේ හේතුව නිරාවරණය කරනු ලැබීය.

ගොවිතැනට භාවිත කරන කෘෂි රසායනවල ගැබ්වී ඇති කැඩ්මියම් හා ආසනික්‌ විෂකාරකයන් ආහාරපාන සමඟ මිනිසාගේ ශරීරගත වීමෙන් කල් යැමේදී වකුගඩු අකරණයට පත්වන බව වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සහේතුකව අමාත්‍යවරයාට පැහැදිලි කර දෙන ලදී.

ඉදිරිපත් කරන ලද කරුණුවල නිරවද්‍යභාවය පිළිගත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු කණ්‌ඩායම සිය පර්යේෂණවලින් ඉක්‌බිතිව වකුගඩු අකරණයට දක්‌වන හේතුව පිළිගත්ත බව ජනතාවටද ප්‍රකාශ කළේය. දැන් අපි හේතුව දන්නවා. තවත් මේ ගැන බල බලා ඉන්න වෙලාවක්‌ නෑ. අපි පමාවූ තරමට තවත් වකුගඩු රෝගීන් ඇතිවෙනවා. නැති වෙනවා.මේ නිසා මේ පිළිබඳව ජනාධිපතිතුමන් සමඟ වහාම සාකච්ඡාකොට උපදෙස්‌ ලබාගෙන වකුගඩු රෝගය නිවාරණය කිරීමේ කඩිනම් පියවර ගන්නේ යෑයි වකුගඩු රෝගය පිළිබඳ විෂය භාර විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන මහතා අවධාරණය කළේය.

තලාව - එප්පාවල -  රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/02/12/provin06.html

සබැඳි ලිපි -
[

වකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: