Pages

Friday, May 16, 2014

උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගයත් වර්ධනය වෙලා. තර්ජනවලට බයේ දුම්වැටියට එරෙහි සටන නවත්වන්නේ නැහැ - මෛත්‍රිපාල

අධිරාජ්‍යවාදීන් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන ලෝකයේ රටවල් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ හැටියට දුම්වැටිය යොදා ගන්නවා. ඒ නිසා අද දවසේ එය දුරු කිරීම සඳහා සෑම කෙනෙකුගේම සහයෝගය අවශ්‍යයි. කුමන තර්ජන ආවත් මෙම දුම්වැටි නතර කිරීමට ගෙන යන වැඩපිළිවෙල නතර කරන්නේ නැතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා සංවිධානය කළ දුම්වැටි විරෝධී පාගමන අවසානයේ කෝට්‌ටේ සිරි පැරකුම්බා සාම උයනේ සංවිධානය කර තිබූ උත්සව සභාවේදීය.

අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව අසලින් මෙම පාගමන ආරම්භ වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හා කෝට්‌ටේ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. පාගමන යන අතරතුරදී දුම්වැටිවලට විරෝධය පල කරන ස්‌ටිකර් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ත්‍රිරෝද රථවල අලවනු ලැබීය. මීට අමතරව දුම්වැටි භාවිතය නිසා මිනිසාට සිදුවන අහිතකර බලපෑම් හා ඒවායින් වැළකෙන අයුරු සඳහන් පණිවිඩ සහිත අත් පත්‍රිකා ද අමාත්‍යවරයා ජනතාවට බෙදනු ලැබීය. එසේ පැමිණි පාගමන කෝට්‌ටේ සයවැනි පැරකුම්බා සාම උයනෙන් අවසන් විය. 

මෙම පාගමන සඳහා මහා සංඝරත්නය, කෝට්‌ටේ මහජන නියෝජිතයින් ප්‍රදේශවාසීන් හා සම්භාවනීය අමුත්තන් රැසක්‌ සහභාගී වූහ. 

එහිදී අදහස්‌ දැක්‌ වූ සෞඛ්‍ය අමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මතට තිත සංකල්පය අනුව 2014 වසර මතින් තොර වසරක්‌ බවට පත්කිරීම සඳහා රටපුරා ගෙන යන දුම්වැටි විරෝධී වැඩ සටහනේ එක්‌ අවස්‌ථාවක්‌ තමයි මේ. මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමග විශාල පිරිසක්‌ අපට සහයෝගය ලබා දෙනවා.

ජීවිතයට බරපතල අර්බුදයක්‌ ගෙන දෙන දුම්වැටිය වටිනා මිනිස්‌ ජීවිත අහිමි කරන බැවින් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ජනතාවට මඟ පෙන්වීම අද කාලීන අවශ්‍යතාවයක්‌. අද බොහෝ වෙලාවට දේශපාලනඥයින්ගේ චරිත පිළිබඳ ජනතාව තුළ ඇත්තේ වැරැදි අදහසක්‌. එම දේශපාලනඥයින් රටට හිතැතිව වැඩ කරනවා නම් ජනතාව ඔවුන් අතරේ සදාකාලිකවම රැඳෙනවා. ඒ නිසා මේ රටේ මත් උවදුර දුරු කිරීමට දේශපාලනඥයන් පෙරමුණ ගත යුතුයි. 

අපේ දුම්වැටි විරෝධී ව්‍යාපාරය නිසා පසුගිය 2013 වසරේ සියයට 7 කින් දුම්වැටි භාවිතා කරන්නන් අඩුවෙලා. මේ වසර අවසන් වනවිට එය සියයට 25 දක්‌වා ගෙන ඒමට අදහස්‌ කරනවා. කිනම් බලවේගවලට වුව යටත් නොවී ඒ කාර්යය ඉටුකරන්න සියලු දෙනා ඇප කැපවීමෙන් වැඩ කළයුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය ලෝකය පුරා සෞඛ්‍ය වැඩසටහන් මෙහෙය වන අවස්‌ථාවේ දුම්කොළ සමාගම් මුළු ලෝකයටම අභියෝගයක්‌ වී ඇති බව කියා සිටිනවා. පිළිකා රෝගියකු සඳහා මේ රජය රුපියල් ලක්‍ෂ 100 ක්‌ හෝ ලක්‍ෂ 150 ක්‌ වැඩ කරනවා. සමහර විට එසේ මුදල් වැය කළත් අත්තිමට රෝගියා මිය යනවා.

අද උණ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම පිළිකා රෝගය වර්ධනය වී තිබෙනවා. දුම්වැටි, මද්‍යසාර, මත්කුඩු, සුරුට්‌ටු, බීඩි, බාබුල් වැනි ද්‍රව්‍ය අනර්ථකාරී බව තේරුම් කරගෙන ජනතාව කටයුතු කළ යුතුයි.

කෝට්‌ටේ මත් උවදුර තුරන් කිරීමට විශාල සේවයක්‌ සලසන සමාජ සේවකයෙක්‌ තමයි කෝට්‌ටේ නගරාධිපතිවරයා. එතුමා මේ රටේ අනෙකුත් නගරාධිපතිවරුන්ටත් ලොකු ආදර්ශයක්‌. 

ශ්‍රී ජයර්ධනපුර කෝට්‌ටේ නගරාධිපති ජනක රණවක මහතා - වර්ෂ 1415 දී සවැනි පැරකුම්බා රජතුමා කෝට්‌ටේ අසිරිමත් රාජ්‍යයක්‌ බවට පත් කළා. ඒ අතීත ශ්‍රී විභූතිය යළි කෝට්‌ටේ නගරයට ගෙන ඒමටයි අපි මේ උත්සාහ ගන්නේ. ඒ වෙනුවෙන් පවත්වන දුම්වැටි පාගමන සඳහා සෞඛ්‍ය ඇමැතිතුමාගේ පැමිණීම අපට විශාල ශක්‌තියක්‌. 

මත්ද්‍රව්‍ය උවදුර කෝට්‌ටෙන් නැති කිරීමට මා ගෙන යන වැඩපිළිවෙලට මුලදී. වැලිකඩ පොලිසියෙන් සහයෝගය ලැබුණේ නැහැ. නමුත් දැන් වැලිකඩ පොලිස්‌ ස්‌ථානාධිපති කමල් අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් මත් උවදුර දුරු කිරීමේ ව්‍යාපාරයට විශාල ශක්‌තියක්‌ වී තිබෙනවා.

අපේ මැතිවරණය පිටුපස මත්කුඩු මුදලාලිලා කසිප්පු මුදලාලිලා, රේස්‌ බුකිකාරයෝ, ස්‌ත්‍රී දූෂකයෝ, ෆේස්‌ බුක්‌ කාරයෝ නැහැ ඒ නිසා අපේ දෑත් පිරිසිදුයි. මෙම දූෂණ නතර කිරීමේ සිතුවිල්ලක්‌ හෝ දේශපාලනඥයන් තුළ තිබේ නම් මේවා නතර කළ හැකියි. මේ වෙසක්‌ පෝය වන විට කෝට්‌ටේ දුම්වැටි අලෙවි කිරීම සියයට හැත්තෑපහකින් අඩු කරනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා වනවිට දුම්වැටි විකිණීම කෝට්‌ටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරනවා. නුගේගොඩ, වැලිකඩ, වැලිකඩ ප්ලාසා, පිටකෝට්‌ටේ හා ඇඹුල්දෙණිය යන වෙළෙඳ සංගම් දුම්වැටි අලෙවිය නතර කිරීමට මා සමග දැනටමත් එකග වෙලා තිබෙනවා.

කෝට්‌ටේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා -ජනාධිපතිතුමාගේ මතට තිත සංකල්පය අනුව කෝට්‌ටේ ප්‍රදේශයේ එය දුරු කිරීම සඳහා නගරාධිපතිතුමා පෙරමුණ ගෙන සිටිනවා. ඒගැන අපි සතුටු වෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන යන දුම්වැටි විරෝධී ව්‍යාපාරයට අපි සියලු දෙනාගේම සහයෝගය ලබාදිය යුතුයි. දුම්කොල සමාගම්වලින් සෞඛ්‍ය ඇමතිතුමාට එල්ලවන බලපෑම්වලට එරෙහිව ද සියලු ජනතාව නැඟී සිටීම අවශ්‍යයි. එසේ වුවහොත් අපට නුදුරු අනාගතයේදීම මත් උවදුරෙන් තොර ශ්‍රී ලංකාවක්‌ බාල පරපුරට උරුම කරදිය හැකියි.

රාජගිරිය ශ්‍රී සුධර්මාරාමාධිපති පූජ්‍ය සිරි සුජාත හිමියෝද මෙහිදී අනුශාසනාවක්‌ කළහ.

දුම්වැටියට එරෙහි පා ගමනට ඇමැති මෛත්‍රීපාල සිරිසේන, හිටපු විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම, කෝට්‌ටේ නගරාධිපති ජනක රණවක සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුරු දේවප්‍රිය යන මහත්වරු ඇතුළු පිරිස එක්‌ව සිටි අයුරු. ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය

මෙම අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය යන මහත්වරු සහ කෝට්‌ටේ නාගරික මන්ත්‍රීවරුද සහභාගී වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ ඥානතිස්‌ස ජයවර්ධන ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/05/15/news34.html

සබැඳි ලිපි කිහිපයක් -
[
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: