Pages

Wednesday, May 21, 2014

‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2013 අපේ‍්‍රල් මස සිට දෙසැමිබර් මස දක්වා බලංගොඩට නුදුරු කූරගල සිදු කරන ලද කැණීමේ කාල නිර්ණ වාර්තා අමෙරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලිසීස් ආයතනය විසින් දෙපාර්තමේන්තුව වෙත එවා ඇත.

කි‍්‍රස්තු පූර්ව  තුන්වන සියවසත් ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවසත් අතර කාලයට අයත් බෞද්ධ සංඝාරාමයක් වන කූරගල ඓතිහාසික බිමේ ඇති ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතයට ගැණිනි. මෙම ස්ථානයේ කැණීමෙන් සම්පූර්ණ මානවයකුගේ ඇටසැකිල්ලක් අනාවරණය විය.

මෙම ඇටසැකිල්ල වැඩිදුර පර්යේෂණය කිරීම සහ ඞී.එන්.ඒ පරීක්ෂණ සඳහා බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාගාරය වෙත යොමුකරන ලදී. මෙම ඇටසැකිල්ල අදාල සංරක්ෂණ සහ පර්යේෂණ කටයුතු නිමවීමෙන්  පසු නොබෝ කලකින් ශ‍්‍රී ලංකාවට භාරදීමට නියමිතය.

බීටා ඇනලිසිස් ආයතනය විසින් කූරගල ප‍්‍රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා ලබා දී ඇති කාලනිර්ණ අදින් වසර 16,000 (දහසය දහස) සිට 6,000(හය දහස) දක්වා අවධි පහකට අයත්ය. ශී‍්‍ර ලංකාව තුළ අතරමැදි කලාපයක මෙතෙක් සිදුකර ඇති මෙතරම් පැරණි සාධක අනාවරණය වන ප‍්‍රථම පුරාවිද්‍යා ස්ථානය මෙය වන අතර මීට පෙර දෙපාර්තමේන්තුව විසින් බෙල්ලන් බැදි පැලැස්සේ සිදු කරන ලද කැණීම්වල කාල නිර්ණය වසර 13,000කට (දහතුන් දහස) සීමා වේ.

කූරගල කැණීම්වලින් අනාවරණය වන තවත් වැදගත් කාරණයක් වනුයේ මෙහි ජීවත් වූ මානවයා මුහුද සමඟ සමීප සබඳතා පැවැත්වීමයි. මුහුදේ ජීවත් වන බෙල්ලන් විශේෂයක්  මෙම ස්ථානයෙන් අනාවරණය වන පුරාවස්තු අතර තිබීම මෙම නිගමනයට එළඹීමට පිටිවහල් වේ.

තවදුරටත් මෙම ස්ථානයේ ජනාවාස සාධක අධ්‍යයනය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2015 වසරේදී කැණීමක් සිදුකිරීමට නියමිත බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.

http://lankacnews.com/sinhala/news/115901/

සබැඳි ලිපි -
[
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: