Pages

Thursday, May 29, 2014

ගම්පොළ සහිරා විදුහල්පති තලේබාන්, අල්කයිඩා, බොකෝහරාම් සංවිධානවල කොන්ත්‍රාත් කරුවෙක්ද?

ගම්පොළ සහිරා පාසලේ විදුහල්පතිතුමා සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ හටගෙන තිබේ. ආරංචියේ හැටියට පසුගිය වෙසක්‌ උත්සවය නිමිත්තෙන් එම විදුහලේ පැවැති බෞද්ධ වැඩසටහන්වලට එතුමා බාධා කර ඇත. වෙසක්‌ සතිය පුරා රජයේ පාසල්වල වැඩසටහන් පැවැත්වීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයක්‌ අනුව සිදු කරනු ලැබේ. සහිරා යනු ඉස්‌ලාමීය නමක්‌ වුවද එනමින් හැඳින්වෙන පාසල පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්‌ නොව රජයේ ජාතික පාසලකි. එම පාසලේ ඉස්‌ලාමීය දරුවන් බහුතරයක්‌ හිටියත් ඇතත් නැතත් ආණ්‌ඩුවේ නියමයට අනුව වෙසක්‌ උත්සවයට අදාළ දාන, ශීල, භාවනා ආදී ක්‍රියාකාරකම් පැවැත්විය යුතුම ය. එසේම මහම්මත්තුමාගේ ශුද්ධෝත්පත්තිය සිහිපත් කෙරෙන ආගමික උත්සවයේදී ඊට අදාළ ක්‍රියාකාරකම් ද කළ යුතු ම ය. නත්තලට කැරොල් උත්සව හෝ දේවමෙහෙයයන් පැවැත්විය යුතුම ය. ආණ්‌ඩුවේ චක්‍රලේඛයට අනුව ක්‍රියා කරන්නට බැරි නම් කළ හැකි දේවල් දෙකක්‌ තිබේ. එයින් පළමුවැන්න අස්‌වී ගෙදර යැම ය. දෙවැන්න තමන්ගේ පෞද්ගලික මුදල් වැය කර ඉස්‌කෝලයක්‌ පටන් ගැනීමය. ඉස්‌කෝලයක්‌ පටන් ගැනීම යනු ඉතා පහසු දෙයකි. කිසියම් නමක්‌ සොයා එයට ඉන්ටර්නැෂනල් ස්‌කූල් යන්න එකතු කර සමාගම් ලියාපදිංචි කරන ආයතනයේ හෝ පළාත් සභාවේ ලියාපදිංචි කර ඉස්‌කෝලයක්‌ පටන් ගත හැකි අතර එබඳු ඉස්‌කෝල ඕනෑ තරම් මේ රටේ තිබේ. ඉස්‌කෝලය අයිතිකාරයාගේ ජාතික හැඳුනුම්පතත්, ව්‍යාපාරයේ පිහිටීම ඔප්පු කෙරෙන ග්‍රාමසේවක සහතිකයත් හැර වෙනත් කිසිවක්‌ මේ ජාවාරමට අවශ්‍ය වන්නේ ද, ඒ වූ කලී පෙර කී මූලික කටයුතුවලට අවශ්‍ය මුදල් පමණි. මෙසේ කටයුතු කරන ලෙස සහිරා පාසලේ විදුහල්පතිගෙන් ද ඉල්ලා සිටිනු ලැබේ. ඉස්‌කෝලයක්‌ පටන් ගැනීමට ඔහුට තැනක්‌ නැත්නම් සති අන්ත පත්තරවල ලුහුඬු දැන්වීම් තීරුවේ ඇති ඉඩකඩම් විකිණීමට කොටස බලා ඉඩමක්‌ මිලට ගැනීමට හැකි බව වැඩිදුරටත් කියමු.

වෙසක්‌ සතිය නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන චක්‍රලේඛයෙහි සඳහන් වන පරිදි අදාළ වැඩසටහන් සියල්ලම විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් කළ යුතුය. මෙය එතරම් ප්‍රායෝගික නැත. විදුහල්පති ඉස්‌ලාම් භක්‌තිකයෙක්‌ නම් චක්‍ර ලේඛ එකක්‌ නොව එක උඩ එක හතක්‌ ආවත් පෙර කී නියෝගය ක්‍රියාත්මක කළ නො හැක. මන්ද ඉස්‌ලාම් භක්‌තියේ තිබෙන දැඩි නීති රීතිවලට අනුව එවැන්නකට ඉඩ නැත. සෞදි අරාබිය, පාකිස්‌තානය වැනි රටක මෙවැන්නක්‌ කර හසු වනවාට වඩා පණ පිටින් අපාගත වීම ලෙහෙසි ය. එහෙත් වෙසක්‌ වැඩසටහනක්‌ හෝ කතෝලික නැත්නම් හින්දු ආගමික වැඩසටහනක්‌ හෝ ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට විදුහල්පතිට අයිතියක්‌ නැත. මෙන්න මෙවැනි වැඩ කරන විදුහල්පතිලා, පණ පිටින්ම අපායට ඇරලවීමට අපට වුව සිත් දෙන්නේ ය.

ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිතුමා ස්‌ථර වශයෙන් ම අබෞද්ධ ගුරුවරයෙක්‌ විය යුතු ය. ඔහු සිංහල බෞද්ධයන් සහ මුස්‌ලිම් සහෝදරයන් අතර පවතින ඉපැරැණි සහෝදර බන්ධනය විනාශ කිරීමට තලේබාන්, අල්කයිඩා, බොකෝහරාම් වැනි සංවිධානවලින් කොන්ත්‍රාත්තුවක්‌ ගත් කෙනෙක්‌ද? මෙය සැකයක්‌ පමණි. සහිරා විදුහල්පති එවැනි කොන්ත්‍රාත්තුවක්‌ ගෙන නැත්නම් ඒ සම්බන්ධයෙන් පවතින අපගේ සැකය පවා ඉල්ලා අස්‌කර ගනු ලැබේ. එහෙත් ඔහු එවැනි කොන්ත්‍රාත්තුවක්‌ ගෙන ඇත්නම් අප මෙතැන් සිට ඔහු පසු පස ය.

http://www.divaina.com/2014/05/29/editor.html


Pic Source

සබැඳි ලිපි -
[
චක්‍රලේඛ අදාළ නැහැ | 'හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපා. බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි දාන්න එපා' - ගම්පොල සහිරා අන්තවාදී මුසලු විදුහල්පති | බෞද්ධ ගුරුවරු 62ක්‌ මාරුවීම් ඉල්ලති
http://denethharinna.blogspot.com/2014/05/62.html
බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! - ජාතික හෙළ උරුමයhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_22.html
]

0 comments: