Pages

Saturday, May 17, 2014

මුසලු 'කලීතා' සම්මානයෙන් පිදුම් ලැබූ ජනාධිපතිට මුසලු උපහාර පිදීමක්‌ 31 වැනිදා

බහරේන් රාජ්‍යය විසින් සුවිශේෂී පුද්ගලයන්ට පමණක්‌ ප්‍රදානය කරනු ලබන "කලීතා" සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට ඒ වෙනුවෙන් උපහාර දැක්‌වීම සඳහා ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් සංවිධාන රැසක්‌ කටයුතු යොදා ඇත. 

මැයි මස 31 දා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ දී මෙම උපහාර උළෙල පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා ප්‍රධාන සංවිධායක කමිටුව තීරණය කොට ඇත.

මුස්‌ලිම් නායකයන්, මෙරට විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසකට මේ සඳහා ආරාධනා කොට ඇතැයි සංවිධායක කමිටුව කියයි.

බහරේන් රජය විසින් මීට පෙර කලීතා සම්මානය ප්‍රදානය කොට තිබුණේ දෙවැනි එළිසබෙත් මහ රැජින, නෙල්සන් මැන්ඩෙලා ඇතුළු සිව්දෙනකුට පමණි.

දයා ලංකාපුර
http://www.divaina.com/2014/05/17/news21.html

Pic Source

0 comments: