Pages

Sunday, May 18, 2014

මර්ස්(mers - Middle East respiratory syndrome) මාරාන්තික වසංගතය සෞදියෙන් ලෙබනනයට

එම්ඊආර්එස්‌ ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල පැතිර යන දරුණු ශ්වසන රෝග තත්ත්වයකි. මෙම රෝගයට නිත්‍ය ප්‍රතිකාරයක්‌ නැති අතර උණ සහ කැස්‌ස මෙහි ප්‍රධාන රෝග ලක්‌ෂණයන්ය. මෙම රෝගය වැළඳුණු අයෙක්‌ ලෙහෙසියෙන් බේරෙන්නේ නැත. මෙම රෝගය නිසා දැනට සෞදි අරාබියේ පමණක්‌ 217 දෙනෙක්‌ මිය ගොස්‌ ඇත. 

මෙම මස 08 වන දින ලෙබනනයේදී එක්‌ රෝගියෙක්‌ සොයාගෙන තිබේ. මෙම රෝගය ලෙබනනයේ පැතිරී යාමේ අවදානමක්‌ ඇති බව එරට බලධාරීහු පවසති. මෙයට ප්‍රධානතම හේතුව ලෙබනනයේ ඇති දුර්වල සෞඛ්‍ය සේවාව සහ මිලියන එකහමාරකට වැඩි සිරියානු සරණාගතයින් පිරිසක්‌ අවම සනීපාරක්‌ෂක පහසුකම් යටතේ ජීවත්වීමයි. මෙම සරණාගත කඳවුරු ආශ්‍රිතව විවිධ රෝග පැතිරෙමින් පවතී. සිරියානු සරණාගතයින් නිදහසේ රට පුරා සැරිසරණ හෙයින් ඔවුන් හරහා එම්ඊආර්එස්‌ වසංගත රෝගය ඉක්‌මණින් පැතිර යා හැකිය. ලෙබනනයේ නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර කරන්නේ නැත. මේ නිසා දුප්පත් ජනතාවට වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ ගැටලුවක්‌ ද පවතී. හදිසි වසංගත තත්ත්වයක්‌ ඇති වුවහොත් ලෙබනනයට එයට මුහුණදීමට අපහසුයි. 

දැනට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයෝ 85000 ක්‌ ජීවත් වෙති. මෙම පිරිස රටේ විවිධ ප්‍රදේශවල විසිරී සිටිති. මේ අය අතරින් වීසා නොමැතිව නීති වීරෝධි ලෙස ජීවත් වන පිරිස 20,000 ක්‌ පමණ වන අතර මේ අයට වෛද්‍ය පහසුකම් ලබාගැනීමට මගක්‌ නොමැත. මෙවන් අයෙකුට මෙම රෝගය වැළඳුණ හොත් ඉතා කනගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව අනිවාර්යයි.

http://www.divaina.com/2014/05/18/feature11.html

Pic Source

0 comments: