* ප්‍රභාකරන්ට දෙවියෙක් කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට
* උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 15000 ක් සිවිල් ආරක්‌ෂක බළකායට බැඳීම ස`දහා පෝලිමේ
ඉකුත් වර්ෂයේදී ජාතීන් අතර පැවතිය යුතු "සංහිඳියාව" පිළිබඳ කදිම ආදර්ශයක් රට හමුවේ ප්‍රදර්ශනය වූ එක්‌තරා සිදුවීමක් උතුරෙන් වාර්තා විය. යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ "විනිසුරු දැසින් " කඳුළු ගලනු දුටු රටම ඉන් කම්පනයට පත්වූ අතර විනිසුරුවරයාගේ සිත වෙඬරු පිඬක් මෙන් උණුව යන්නේ තම ආරක්‌ෂකයා වූ සිංහල ජාතික පොලිස් නිලධාරියාගේ අකල් මරණය වාවාගත නොහැකිව වූ තැනය.
එය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව නැතැයි පවසමින් ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පෙත්සම් ලියන "කුක්‌කන්" හැර රටම සංවේදී කළ මොහොතක් විය.
එම සිදුවීම නිමාවට පත්ව මේ වනවිට කෙටි කලක් ගතවී ඇත. ඉතිහාසය යළි යළිත් ප්‍රතිනිර්මාණය වන්නක්‌ය. ඒ බව සනාථ කළ තවත් සිදුවීමක් ඉකුත් දිනක උතුරු ප්‍රදේශයෙන් වාර්තා විය. එය සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර නැතැයි යනුවෙන් ඇතැමුන් චෝදනා කරන "සංහිඳියාව" ඇතැයි යනුවෙන් ප්‍රදර්ශනය කළ ජීවමය දසුන් පෙළක් වූ අතර එහි ඇති විශේෂය වන්නේ කලක් කොටි මර්මස්‌ථානයක්‌ව පැවැති කිළිනොච්චිය ප්‍රදේශය මුල් කර ගනිමින් එම පුවත ලෝකය හමුවේ නිරාවරණය වීමය.
ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තු නිලධාරියෙකු වන ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු වසර හයකට ආසන්න කාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යාපනය, මුලතිව්, කිළිනොච්චිය ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කොට ස්‌ථාන මාරුවක් ලබා එම ප්‍රදේශයෙන් නික්‌ම යැම මූලික කොට සංවිධානයක කර තිබූ උත්සව මාලාවක් අතර එම සංවේදි දසුන් පෙළ දැක බලා ගැනීමට හැකිවිය.
උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව විසින් සංවිධානය කරන ලද එම උත්සව මාලාව ජාතීන් දෙකක් අතර මේ වනවිට පවතින "සංහිඳියාව" පිළිබඳ පරමාදර්ශයක් බ`දු විය. ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව පිළිබඳ කම්පාවට පත්ව හඬා වැටුණ පිරිස අතර කලක් ප්‍රභාකරන් යනු දෙවියකු යෑයි ඇදහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ දෙනෙක් විය. පසු කලෙක එම දුර්මතයෙන් බැහැරවූ ඔවුන්ට ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු දෙවියකු බඳු පුද්ගලයෙක් විය. ඔහුගේ වෙන්ව යැම උතුර- නැගෙනහිර පදිංචි ලොකු කුඩා කාගේත් සිත් සසල කළ සිදුවීමක් බවට පවත්වන්නේ එබැවින්ය. එය මාධ්‍ය මගින් දැක බලා ගැනීමට බොහෝ දෙනකුට හැකි වූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සම්බන්ධව වැඩි වැඩියෙන් සමාජ කතාබහක් ගොඩ නැඟීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය උතුරේ ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක් දැයි මීට පෙර මෙම ලියුම්කරු ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට දැක ගැනීමේ අවස්‌ථාවක් උදාවිය. ඒ මීට මාස තුනකට පමණ එපිට එක්‌තරා දිනයකදීය. මාධ්‍ය සංචාරය සංවිධානය කරනු ලැබුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය විසින්ය. එම සංචාරයේ අරමුණක් බවට පත්ව තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශය මුල් කරගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නඟා ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රට දැනුවත් කිරීමය. එහිදී උතුරු නැගෙනහිර ස්‌ථාන රැසක සංචාරය කිරීමේ අවස්‌ථාව උදාවූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු උතුරු නැගෙනහිර ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයකු ද යෑයි මාධ්‍යවේදීන්ට දැක බලා ගත හැකි විය.
ඒ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පමණක් ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 කට ආසන්න ප්‍රමාණයක් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තු භටයන් ලෙස රාජ්‍ය සේවයට එක්‌ව සිටි අතර ඉන් සියයට අනූවක් පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් අතර කලක් කොටි සංවිධානය හා එක්‌ව සිටි මරාගෙන මැරෙන බළකායට අයත් බොහෝ දෙනෙක් වූ අතර කොටි ප්‍රාදේශීය නායක නායිකාවන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ තරුණ තරුණියන් ද ඒ අතර වූහ. ඒ වන විට ඔවුහු ලුතිනන් කර්නල් රත්නප්‍රියගේ නායකත්වය යටතේ ඒ වන විට රට සංවර්ධනයේ කොටස්‌කරුවන් බවට පත්වූ පිරිසක්‌ව සිටියහ.
වසර 30 ක් පුරා පැවැති යුද්ධයත් අවසන්ව වසර දෙක තුනක් ගතවන්නට මත්තෙන් ජාතීන් දෙකක් අතර හටගත් අමනාපකම් සමහන් කිරීම යනු තරමක් බැරෑරුම් කරුණක්‌ය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු එම අසීරු අභියෝග උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සැබෑවක් බවට පත්කළ මිනිසකු විය. ඔහු ජාතිවාදයේ "විස" උතුරු පොළොවෙන් අතුගා දැමූ යුද හමුදා නිලධාරියකු බවට උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව අතර මතයක් ගොඩනැඟී ඇත්තේ එබැවින්ය. තත්ත්වය එසේ වූවද ඒ බව පිළිගැනීමට අකමැති ස්‌වල්ප පිරිසක්‌ද තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙති.
උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යනු ඉන් එක් අයෙකි. ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන ඔහු ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටින්නේ ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් කඳුළු සැලූ කිළිනොච්චි වැසියන් කර ඇත්තේ බරපතළ වරදක් බවකි. ඒ හරහා නිජ බිමක් වෙනුවෙන් සටන් කොට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපහාසයක් සිදුකළ බවට චෝදනා නගන සිවාජිලිංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඒ හරහා තවදුරටත් යුද හමුදාව උතුර නැගෙනහිර රැඳී සිටිය යුතු බවට කිළිනොච්චි වැසියන් විසින් ලෝකය හමුවේ වැරදි චිත්‍රයක් නිර්මාණය කළ බවකි.
උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාන්‍ය වැසියන් තේරුම් ගනිමින් සිටින "සැබෑව" පිළිබඳ නොතේරුම් සහිතව පසුවන සිවාජිලිංගම් ඇතුළු සුළු පිරිස සම්බන්ධව අපට ඇත්තේ කනගාටුවකි. තිස්‌වසරක් පුරා පැවැති යුද්ධයේ කටුක බව පිළිබඳ මේ වන විට උතුරු නැනෙනහිර ජනතාව තුළ ඇත්තේ වෙනම මතයකි. ඔවුහු පටු ජාතිවාදී හැඟීම සහ අවස්‌ථාවාදී දේශපාලනයෙන් අත් මිදෙමින් සිටිති. සිවාජිලිංගම් ඇතුළු ජාතිවාදී ද්‍රවිඩ දේශපාලකයන් පවසන පරිදි ශ්‍රී ලංකාව යුද අපරාධ කරන ලදැයි පැවසෙන අභූත චෝදනා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ මුවෙන් පිට නොවෙති. ඔවුන් උස් හඬින් ඉල්ලා සිටින්නේ නිදහස් සාමකාමී ජීවිතයක් පමණි. සිංහල ජාතියට අයත් යුද හමුදා නිලධාරියෙක් වූ රත්නප්‍රිය සම්බන්ධයෙන් ඔවුන් හැඟීම්බර වන්නෙත් ඔහුට උපහාර දක්‌වන්නෙත් එබැවිනි. සිවාජිලිංගම් කුමන ආකාරයේ අදහස් නිකුත් කළද ඉකුත්දා කිළිනොච්චියෙන් රට හමුවේ වාර්තාවන්නේ "සංහිඳියාව" පිළිබඳ කිසිවකුටත් බැහැර කළ නොහැකි ඇත්ත සිදුවීම් පෙළකි.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මේ වන විට වසර 29 ක රාජකාරි අත්දැකීම් සහිත යුද හමුදා නිලධාරියෙකි. ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර 10 ක් යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි. කලක් සිවිල් ආරක්ෂක බළකා පුහුණු අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු නැවත සිවිල් ආරක්ෂක බළකා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, ඒකාබද්ධ අණදෙන නිලධරියා ලෙස පත්ව එන්නේ යුද්ධය අවසන්ව වසර තුනක් ගතවීමත් සමගිනි. 2012. 09.13 වන දින එවකට සිවිල් ආරකAෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාව සිටි රියාර් අද්මිරාල් සරත් වීරසේකරගේ ඉල්ලීම පිට රාජකාරි කටයුතු භාර ගන්නා ලුතිනන් කර්නල්වරයා තමන් එතෙක් දිනක් සේවය කළ 53 වන සේනාංකය (මාන්කුලම්) සිට කිළිනොච්චිය බලා පිටත්ව යන්නේ ඔහු වෙත පවරණ ලද අභියෝග රැසක් මහ පොළොව මත ඇත්තක් බවට පත් කිරීමේ දැඩි අදිටනෙන් යුතුවය.
ඒ වන විට යුද්ධය නිමාවට පත්ව ගතව තිබුණේ තෙවසරක් පමණි. එම වකවානු යනු යුද්ධයෙන් බැටකන ලද සහ පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළිත් තම උපන් ගම් බිම් කරා නැවත පදිංචිය පිණිස පැමිණෙමින් සිටි අවදියකි. එවකට එම ප්‍රදේශවල දකින්නට ලැබී ඇත්තේ වසර 30 ක් පුරා යුධ නායකත්වය විසින් මෙහෙයවන ලද ජනතාවත් නැවත සමාජ ගත කිරීමේදී ලබාදිය යුතු නායකත්වයේ රික්‌තකයකි. යුද බිම මෙන්ම සාමාන්‍ය සමාජය පිළිබඳ අවබෝධයකින් පසුවූ ලුතිනන් කර්නල්වරයා ඒ බව මනාව වටහාගනිමින් පළමුව කිළිනොච්චිය ප්‍රදේශයේ වැසියන් මුල්කර ගනිමින් නායකත්වයේ ගමනක් අරඹන අතර එය නිමාවට පත්වන්නේ වසර 6 ට ආසන්න කාලයක් පුරා පැවැති තම සේවා කාලය නිමාකොට වෙනත් ප්‍රදේශයක් කරා ස්‌ථාන මාරුවක් ලබා ඉකුත්දා එම ප්‍රදේශයෙන් පිටත්ව යැමත් සමගිනි.
ඉහත සඳහන් කළ පරිදි අප එම ප්‍රදේශයන්හි සංචාරය කරන අතරතුර ලබාගත් තොරතුරුවලට අනුව ඔහු රාජකාරිය බාර ගන්නා අවදිය යනු එම ප්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජීවිතය මුළු මනින්ම අඩාල ව පැවැති අවදියකි. එහිදී ඔහු වෙත පැවරෙන ප්‍රධානතම වගකීම වන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පුනරුත්ථාපනය ලබන ලද ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනිමින් ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම පිණිස ඒ හරහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමය.
ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින් කිළිනොච්චිය දෙවන වරටද දිනාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ එතැන් සිටය. එය අසීරු අභියෝගයක් වී ඇත. වසර 30 ක් එල්. ටී. ටී. ඊ. යුද නායකත්වයක් යටතේ දිවි ගෙවූ ද්‍රවිඩ වැසියන් හා රජය අතර සුහදතාවය වර්ධනය කිරීම එහි වූ පළමු අභියෝගය වී ඇත. මේ වන විට කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානය එකල හැඳින්වූවේ "කැස්‌ත්‍රො බේස්" යනුවෙන්ය. කොටි නායකයෙකු වූ කැස්‌ත්‍රෝගේ නමින් හැඳින්වූ එම ස්‌ථානය එකල තිබී ඇත්තේ මුළුමනින්ම සුන්බුන් ගොඩක් බවට පත්වය. එවැනි තත්ත්වයක් තුළ 2012.01.10 වන දින පළමු සිවිල් ආරක්‍ෂක භට කණ්‌ඩායම බදවා ගන්නා ලෙස කර්නල් රත්නප්‍රිය වෙත ඉහළ හමුදා නායකත්වය විසින් අණක් නිකුත් කරන අතර ඒ වන විට උතුරේ ද්‍රවිඩ තරුණ තරුණියන් තුළ සිංහල ආරක්‍ෂක හමුදා කෙරෙහි තිබී ඇත්තේ සැක උපදවන සුලු හැඟීම් සමුදායක්‌ය. ඒ සඳහා හේතු වූ තවත් කාරණා රැසක්‌ද ඒ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ වන විට ගොඩනැඟෙමින් තිබුණ අවදියකි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාතිවාදී ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ විසින් විවිධ කටකතා පතුරවමින් සිවිල් ජනතාව ආරක්‍ෂක හමුදාවන්ගෙන් දුරස් කිරීම පිණිස එවැනි කටකථා නිර්මාණය කොට තිබුණි.
ඒ පිළිබඳව යම් වටහා ගැනීමක් සිදු කරන ලුතිනන් කර්නල් රත්නප්‍රිය දින කීපයක් ඇතුළත එම ප්‍රදේශවල ජනතාවගේ ආගම සංස්‌කෘතිය, කලාව, ආචාර ධර්මයන්, විශ්වාසයන් සහ ඇදහිලි පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඇති අතර ද්‍රවිඩ ජනතාව දෙවන වරටත් දිනා ගැනීමේ දෙවැනි මෙහෙයුම අරඹා ඇත්තේ ඒ පදනම මතය. පැය 72 ක් වැනි කෙටි කාලයක් තුළ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව 2012/09/18 වන දින ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් සමන්විත පළමු සිවිල් ආරක්ෂක බළකා භට පිරිස බඳවා ගන්නා ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් පිරිසක්‌ද ඇතුළත් කරගෙන ඇත්තේ මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඔවුන් සමඟ කළ කථා බහක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ කැස්‌ත්‍රෝ බේස්‌හි අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සමත් වන රත්නප්‍රිය ඇතුළු එකල රාජකාරියේ නිරතව සිටි ආරක්‍ෂක භට පිරිස් තම පළමු උත්සාහය සාර්ථකව නිම කර ඇත්තේ තිබිය යුතු අවම පහසුකම් පවා අහිමි තත්ත්වයක් තුළය.
සැකබිය පහව ගිය වටපිටාවක් තුළ ද්‍රවිඩ වැසියන් යළි නඟා සිටුවීමේ මෙහෙයුම ආරම්භ කළද එකල විවිධ බලපෑම්වලින්ද අඩුවක් තිබී නැත. රාජ්‍ය නොවන සංවිධාන යම් යම් ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් දේශපාලන සංවිධාන තුළින් විවිධ අභියෝග ඉදිරිපත් වන්නට ගන්නා අතර ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රධාන අභියෝගය වී ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකා හමුදාවන් වෙත උතුර නැගෙනහිර ද්‍රවිඩ තරුණ තරුණියන් සිය දෙනෙකු බඳවා ගන්නා ලෙසය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඇතුළු එම පළාතේ රාජකාරී කළ ආරක්‍ෂත අංශයන්හි ඉහළ නිලධාරීන්ට එය තව දුරටත් අභියෝගයක් බවට පත්වී නැත. ඒ සඳහා පෙරමුණ ගනු ලබන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින්ය. ජනපදනම ගොඩනැඟීමට පෙර ජන මනස ජයගත යුතු බව තරයේ විශ්වාස කළ ඔහු පළමුව උතුරු නැගෙනහිර ජනතාවගේ මිතුරකු බවට පත් වන්නේය.
රාජකාරී ගිනි අවිය පසෙකින් තබන හේ කළු පැහැති අව් කන්නාඩි යුගලයකින් ඝන දිප්ත වර්ණ ඇඳුමින් සැරසී ජනතාව අතරට යන අතර ඒ හරහා ඔහු ද්‍රවිඩ ජාතිකයන් සමඟ ගොඩනඟා ගෙන ඇත්තේ දැඩි මිත්‍ර සමාගමකි. ඒ හරහා එතෙක් කලක් ආරක්‍ෂක හමුදා කෙරෙහි ද්‍රවිඩ වැසියන් තුළ පැවැති අමනාපකම අමතක කරවන ලුතිනන් කර්නල්වරයා අප එහි සංචාරය කරන ලද අවදිය වන විට පමණක් ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන් 3500 ට ආසන්න සංඛ්‍යාවක් සිවිල් ආරක්‍ෂක බලකායට සම්බන්ධ කර ගැනීමට සමත්කම් දක්‌වා තිබුණි. ජලය විදුලිය, දුරකථන පහසුකම් ආදී කිසිවකින් තොරව ආරම්භ කරන ලද සිවිල් ආරක්ෂක බළකා කිළිනොච්චි මූලස්‌ථානය අද වන විට අංග සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයක් සහිත බළකා මූලස්‌ථානයකි. මෙහි ලියා තැබිය යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ මේ වන විට උතුර නැගෙනහිර පිහිටි රාජ්‍ය ආයතන අතර ජනප්‍රියම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවකි.
අපි එහි සංචාරය කළ අවස්‌ථාවේ ඒ බව මනාව දැකගත හැකි වූ අතර සමස්‌ත කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයත් මුලතිව් හා යාපනය යන දිස්‌ත්‍රික් දෙකත් මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති රාශියකි. මේ වන විට එම කටයුතු බළකා අණ දෙන නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඒ වන විටද මෙහෙයවන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි.
මේ වන විට මුලතිව් සහ කිලිනොච්චි සිවිල් ආරක්ෂක බළකා මුලස්‌ථාන මුල්කොට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතීන් අතර තල් අල, රටකජු, රබර්, උක්, වී ගොවිතැන, පළතුරු සහ එළවළු මුල් තැනක් ගන්නා අතර එක් කන්නයකදී පමණක් ඉන් රජයට උපයා දෙනු ලබන ආදායම රුපියල් මිලියන ගණනකි. එහි අස්‌වනු සරුවන්නේ කලක් කොටි සංවිධානය හා එක්‌ව වෙනම රටක් පැතූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ දහදිය මහන්සියෙනි.
ඊට අමතරව එම දිස්‌ත්‍රික් මුල් කරගනිමින් ආරම්භ කොට ඇති විශේෂ ව්‍යාපෘතින් රාශියක්‌ද වේ. ඒ අතරින් මූර්ති නිර්මාණය, අත්කම් නිෂ්පාදන, රූපලාවන්‍ය වැඩසටහන්, අභ්‍යාස පොත් නිෂ්පාදනය, මැහුම්, ගෙතුම්, බ්ලොක් ගල්, පපඩම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ත්ව පාලනය, ආහාර ඇසුරුම් කරණය ප්‍රමුඛ වේ. මේ සියලු කටයුතු හරහා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යහපත් ඉසව්වක් කරා රැගෙන යැමට නායකත්වය සපයන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි. ඊට අමතරව වඩාත් යහපත් අනාගතයක් සහිත පරපුරක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පෙර පාසල් අධ්‍යාපනය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක සාර්ථක වැඩ සටහනකි. ගත වූ වසර පහ තුළ පමණක් ඉන් පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද දරු දැරියන් සංඛ්‍යාව හැට දහසකි. ඔවුන් සියල්ලන්ම මේ වන විට ශ්‍රී ලාංකික ජාතික කොඩිය හා ජාතික ගීය හඳුනන පිරිසක් බවට පත්ව සිටිති.
මෙම සියලු සාර්ථක ප්‍රයත්නයන් පිටුපස ශ්‍රී ලංකා යුධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවත් සිටින අතර ඒ සඳහා එම ආයතන දෙක මගින් ලබාදෙනු ලබන අනුග්‍රහය වෙසෙසින් අගය කළ යුත්තකි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෙම වෙහෙසකර වෑයම උතුරු නැගෙනහිර මහ පොළොව මත යථාර්ථයක් බවට පත්කළ පෙරගමන් කරුවෙකි.
රුවන් ජයවර්ධන
http://divaina.com/sunday/index.php/main-news/4382-2018-06-15-13-38-50

0 comments:
Post a Comment