* මහින්දාගමනය පමණක් ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයන් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයන් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක්...
* කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහාවිහාර මිහිඳු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවට උපකල්පනය කළ හැකි සාධක තියනවා
<--- කූරගල ලෙන
* රටේ කඳුකර ජනාවාසවල විසු ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම හඳුනාගෙන සිටි බව මහාවංසයේ කර්තෘවරයා පවා දැන සිටියා.
ප්‍රශ්නය - බුදුන්වහන්සේගේ පහළවීම බෞද්ධ බැතිමතුන් වන අපට නිසැක කාරණාවක්. එහෙත් තර්කයෙන් ලෝකය දකින බටහිර චින්තනය තුළ යමක් පිළිගැනීමට තහවුරු කිරීමක් අවශ්‍යයි. බුදුන්වහන්සේගේ ධරමාන සමය පිළිබිඹු කරන, බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය ඉන්දියාව තුළ සිද්ධවන ආකාරය හෙළිකරන, පුරාවිද්‍යාත්මක සාධක මොනවාද?
පිළිතුර - ගෞතම බුදුන්වහන්සේගේ ඓතිහාසිකත්වය ගැන ඇතැම් බටහිර විද්වතුන් අතර නොයෙක් මතවාද තිබුණා. ඒ අතරින් සමහර දෙනා කල්පනා කළේ බුද්ධ යන සංකල්පය පවා නිර්මිතයක් බවයි. බෞද්ධ දර්ශනය යනු එක් පුද්ගලයකු විසින් අවබෝධ කර ගන්නා ලද එකක් නොව දීර්ඝකාලයක් තිස්‌සේ ඉන්දීය සමාජය තුළ පැවති දාර්ශනික අදහස් මාලාවක සම්පිණ්‌ඩනයක් ලෙස පැහැදිලි කිරීමට ඔවුන් වෑයම් කළා. මෙවැනි අදහස් මතුවීමට බල පෑ ප්‍රධාන හේතුව නම් බෞද්ධ දර්ශනයේ තිබෙන පුළුල් ගැඹුරු චින්තාවයි. සමස්‌තය ආවරණය වන පරිදි ලෝකයේ සෑබෑ ස්‌වරූපය සහ මිනිසාගේ ඉරණම පිළිබඳ එවැනි හේතුඵල දහමක් තනි පුද්ගලයෙකුගේ මනසට ග්‍රහණය වීම විය නොහැක්‌කක් ලෙසයි ඔවුන් කල්පනා කළේ.
එවැනි අදහස්‌වල තිබෙන නිරර්ථක බව පෙන්වා දීමට යොදා ගත හැකි ප්‍රබලතම සාක්‌ෂියක් වන්නේ ගෞතම බුදුන්වහන්සේගේ ජීවමාන සමයට අයත්ව පැවති බවට බෞද්ධ සාහිත්‍යයේ විස්‌තර කරන ස්‌ථානවලින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක සාක්‌ෂි යි. අප ගෞතම බුදුන්වහන්සේට ජීවක වෙදැදුරු විසින් ආරාමයක් පුජා කරන ලද බවත් එය ජීවකාරාමය නමින් හඳුන්වන ලද බවත් බෞද්ධ ඉතිහාසයේ විස්‌තර වෙනවා. මේ ගොඩනැගිල්ලේ නටබුන් සොයා ගැනීමට ඉන්දීය පුරාවිද්‍යාඥයින් සමත් වුණා. අද එය තහවුරු කොට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. ඊට අමතරව සිද්ධාර්ථ කුමරු ඉපදුනු ලුම්බිණියේ ඓතිහාසිකත්වයත් මේ වන විට තහවුරු වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැදගත් වන අනෙක් සාක්‌ෂිය ලෙස සැලකිය හැක්‌කේ ඉන්දියාවේ පිප්රාවා නම් ස්‌ථානයෙන් සොයා ගත් ධාතු කරඬුවයි. එය එතැන තිබූ පැරණි ස්‌තූපයක් කැණීමේදී සොයා ගන්නා ලද්දක්. එම ධාතුකරඬුවේ යට බ්‍රාහ්මී අක්‌ෂරකින් පාඨයක් කොටා තිබුණා. එම ධාතුකරඬුවේ අඩංගු භෂ්මාවශේෂ ශාක්‍යමුනි බුදුන්ගේ බවත් එය තැන්පත් කරන ලද්දේ උන්වහන්සේගේ ඥාතීන් වන සුකීර්ති පවුලේ සාමාජිකයින් විසින් බව එහි සඳහන් කර තිබෙනවා. ගෞතම බුදුන්වහන්සේ පිළිබඳ තව බොහෝ පුරාවිද්‍යාත්මක සාධක තිබෙනවා. ඒ වුනත් මා කල්පනා කරන්නේ අපට වඩා වැදගත් වන්නේ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය සෙවීමට වඩා උන්වහන්සේගේ දර්ශනය නිසි පරිදි ජීවන දැක්‌මට අනුගත කර ගැනීම කියලයි.
ප්‍රශ්නය- මහින්දාගමනයට පෙර මෙරට බුදුදහම පැවතුන බව ඔබ කියනවා. එහි පදනම කුමක් ද? ඔබට අනුව මහින්දාගමනය සිද්ධවන්නේ බෞද්ධ ලංකාවකටද?
පිළිතුර - මා එසේ අදහසක් ප්‍රකාශ කළ බව සැබෑවක්. ඊට පදනම් වුණේ මේ දිනවල මවිසින් පවත්වා ගෙන යන පුරාවිද්‍යාත්මක ගවේෂණයක්. මීට පාදක වී තිබෙන්නේ මධ්‍ය කඳුකරයේ දකුණු බෑවුම තැනිතලාවට සේන්දු වන කල්තොට සහ දියවින්න ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ කඳුකරයේ බෑවුම් ප්‍රදෙශය ඉතා පරීක්‌ෂාවෙන් අප සොයා බැලුවා. මෙහිදී මා නිරීක්‌ෂණය කළ විශේෂිත කාරණය වන්නේ කල්තොට සිට කොට්‌ටිඹුල්වල දක්‌වා කිලෝමීටර 12 කට වැඩි දිගකින් යුත් ප්‍රදේශයක විහිදෙන කඳුබෑවුම්වල අවම තරමින් ගුහාවිහාර 200 කට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇති බවයි. ඒ අතුරින් 50 කට ආසන්න ප්‍රමාණයක් අප විසින් දැනට පරීක්‌ෂා කොට ක්‍රමානුකූල වාර්තාගත කරනු ලැබ තිබෙනවා.
මේ රටේ ගුහාවිහාර ගැන මෙතෙක් තිබුණේ එකම අදහසයි. මිහිඳු හිමියන්ගේ වැඩම කිරීමෙන් පසු ගුහා විහාර සම්ප්‍රදාය ආරම්භ වූ බවත් එහෙයින්ම ඒවායේ කොටා තිබෙන සෙල්ලිපි උන්වහන්සේගේ ආගමනය සිදු වූ කාලයට සම්පාත වන හෙයින් ඒවා ක්‍රිස්‌තු පූර්ව 250 හෝ ඒ ආසන්න කාලයකට අයත් වන බවයි. මහාධිරාජ අශෝක විසින් ඉන්දියාව පූරා පිහිටුවන ලද සෙල්ලිපි මීට සමාන කාලයකට අයත් වන නිසාත් ඒවා ලියා තිබෙන බ්‍රාහ්මී අක්‌ෂර මෙරට ගුහාවිහාරවල කොටා ඇති සෙල්ලිපිවල දක්‌නට තිබෙන අක්‌ෂර සමග සැසදෙන නිසාත් මෙම අදහස ප්‍රශ්න කිරීමට කවුරුත් උත්සාහ ගත්තේ නැහැ. ඇත්තෙන්ම මෙම අදහස ව්‍යාප්ත වුණේ ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී සෙල්ලිපි ගැන අතිවිශිෂ්ට ශාස්‌ත්‍රීය ප්‍රකාශනයක් කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයි.
අප විසින් දැනට පවත්වා ගෙන යන ගවේෂණයෙන් අනාවරණය වී තිබෙන සහ වෙමින් තිබෙන සාක්‌ෂි අනුව මා විසින් නගන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න නම් ගල්ගුහාවක් මහාසංඝරත්නයට පූජා කිරීමේදී ගල්ගුහාවක කටාරමට යටින් සෙල්ලිපියක් කෙටීම සහ නොකෙටීම තීරණය වූයේ කුමන සාධකයක් පදනම් කර ගෙන ද යන්නයි. සෙල්ලිපි නොකෙටු ගල්ගුහාවල දක්‌නට තිබෙන කටාරම් වැඩිමනක්‌ම අතිශයින් රළු නිමාවක් තිබෙන හා දැඩි ලෙස ඛාදනය වූ ඒවා බව නිරීක්‌ෂණය කළ හැකියි. මෙය සෙල්ලිපි කොටා තිබෙන ගුහාවලට වඩා වෙනස් තත්ත්වයක්. සෙල්ලිපි කොටා තිබෙන ගල්ගුහාවල ඉතා ක්‍රමවත් නිමාවක් දක්‌නට තිබෙනවා. සමහර විට සෙල්ලිපි නොමැති ගුහා සෙල්ලිපි සහිත ගුහාවලට වඩා පැරණී වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.
ප්‍රශ්නය - මෙය විද්‍යාත්මක නිරීක්‌ෂණයක් ලෙස ඔබ සලකනවාද?
පිළිතුර - ඇත්ත. මෙය එතරම් විද්‍යාත්මක නිරීක්‌ෂණයක් නොවෙයි. මෙම කල්පිතය වඩාත් හොඳින් පැහැදිලි කිරීමට නම් එවැනි ගුහා දෙකක් කැණීම් කොට ඒවායේ අභ්‍යන්තර ස්‌තර නිරීක්‌ෂණය කළ යුතුව තිබෙනවා. ඉදිරියේදී අප ඒ සඳහා කටයුතු කිරීමට අදහස් කරනවා. අනෙක් කාරණය වන්නේ කල්තොට, දියවින්න ආදී රට අභ්‍යන්තරයේ පිහිටි ප්‍රදේශවල මිහිඳු හිමියන් වැඩම කළ ආසන්න යුගයේදීම මේ තරම් තදබල බෞද්ධ සම්ප්‍රදායයක් ස්‌ථාපනය වූයේ කෙසේ ද යන්නයි. ඊට පසුබිම් වූ හේතු ඉතිහාසය තුළ තවමත් අප්‍රකටයි. මා මෙහිදී තදබල යන වචනය මෙහිදී භාවිත කරන්නේ හේතු සහිතවයි. අප දැනට මේ ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙන ඇතැම් ලිපිවල අන්තර්ගතය රටේ අන් කිසිදු ප්‍රදේශයක තිබෙන සමකාලීන ලිපිවල අන්තර්ගත දැවලට වඩා වෙනස් බව පෙනෙනවා. ඒ වෙනස්‌කම පිළිබිඹුවන්නේ බුදුදහමේ තිබෙන ඇතැම් ගැඹුරු අදහස් උපුටා දැක්‌වීමට එම ලිපි කරවූ දායක කාරකාදීන් විසින් දරා තිබෙන උත්සාහය වෙත සැලකිල්ල යොමු කරන විටයි. නිදසුනක් ලෙස දක්‌වන්නේ නම් කිරිමකුල්ගොල්ලෙන් අප සොයා ගත් ලිපියක එය කර වූ තැනැත්තා අදාළ ගල්ගුහාව හඳුන්වා තිබෙන්නේ පටිභාන කුටිය යන නමින්. පටිභාන යන වචනය විවිධ අදහස් දෙන්නක්. පාරිශුද්ධත්වය හැඳින්වීමටත් එහි පර්යාය පදයක් ලෙස එය පාලි සාහිත්‍යයේ යෙදී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි පද හමුවන්නේ ගැඹුරු ධර්මශාස්‌ත්‍රිය සාහිත්‍යය තුළයි. තවත් සෙල්ලිපියක් කෙට වූ තැනැත්තා එය පූජා කොට තිබෙන්නේ අපරිමිත ලෝකධාතුවේ වෙසෙන මහා සංඝරත්නය වෙතයි. ශ්‍රී ලංකාවේ ගුහාවිහාරවල දක්‌නට තිබෙන සෙල්ලිපි අතර මෙවැනි අදහසක් ලියා තිබෙන එකම තැන මෙම සෙල්ලිපියයි. වෙනත් තැන්වල එය කියා තිබෙන්නේ සතරදිශාවෙන් ආවා වූ ද නොආවා වූද මහා සංඝයාට පූජා කළ හැටියටයි. කෙසේ වුවත් කල්තොට ප්‍රදේශයේ විසු දායකයින් සම්ප්‍රදායෙන් පිටත සිට කල්පනා කළ බව මින් පැහැදිලියි. ඉන් පිළිබිඹු වන්නේ ධර්මය ගැන ඔවුන් සතුව තිබූ ගැඹුරු අවබෝධයයි. මිහිඳු හිමියන් පැමිණි කාලයේම මෙතරම් ස්‌ථාවර ලෙස බුදුදහම මෙතරම් රට අභ්‍යන්තරයේ ස්‌ථිර වීම විශ්වාස කළ නොහැක්‌කක්. අනෙක් අතට එවැනි තත්ත්වයක් හදිසියේ ඇති විය නොහැක්‌කක් බව කාට වුවත් පහසුවෙන් වටහා ගත හැකි කාරණයක්. මගේ අදහස නම් කල්තොට, කූරගල සහ දියවින්න ප්‍රදේශයේ පිහිටා තිබෙන ගුහා විහාර මිහිඳු හිමියන් පැමිණෙන අවධිය වන විටත් ස්‌ථාවරව පැවති බවයි. එවැනි ස්‌ථාවරයකට නොපැමිණ මෙම ප්‍රදේශයේ ගුහා විහාර විස්‌තර කළ නොහැකියි.
අනෙක් අතට මෙම ප්‍රදේශයේ තිබෙන සෙල්ලිපිවල දක්‌නට තිබෙන ඇතැම් අක්‌ෂර රූප රටේ වෙනත් තැන්වල තිබෙන සමකාලීන සෙල්ලිපිවල තිබෙන අක්‌ෂරවලට වඩා ඇතැම් සුළු වෙනස්‌කම් පෙන්නුම් කරනවා. ඒ වෙනස්‌කම් සුළු වුවත් ඉන් ප්‍රකාශිත අර්ථය ඊට වඩා විශාල වීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. ඒ ගැන යමක් කිව යුත්තේ හො`දින් ඒ ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවයි.
ප්‍රශ්නය- මිහිඳු හිමියන් මෙහි වැඩම කරවීමට පෙර ඔබ දැනට ගවේෂණ කටයුතු පවත්වා ගෙන යන බලංගොඩ ආශ්‍රිත රට අභ්‍යන්තරයට බුදුදහම ව්‍යාප්ත වූ ආකාරය ඔබ කියනවා. මහින්දාගමනයට පෙර සිද්ධවුණා යෑයි කියන මේ බුදුදහමේ ව්‍යාප්තිය සම්බන්ධ තර්කය සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කළ හැකි ද?
පිළිතුර - මේ සම්බන්ධයෙන් පළමුව මා කිව යුත්තේ දැනට මා ගවේෂණය කරන ප්‍රදේශය පමණක් මීට අදාළව සුවිශේෂි භූගෝලීය කලාපයක් ලෙස අවධාරණය කිරීමට මගේ අපේක්‌ෂාවක් නොමැති බවයි. කඳුකර ප්‍රදේශ ආශ්‍රිත රටේ සෙසු කලාපවලත් මෙවැනිම තත්ත්වයක් පවතින බව මහාචාර්ය පරණවිතාන විසින් මීට පෙර ප්‍රකාශයට පත් කර තිබෙන සෙල්ලිපිවල භූගෝලීය ස්‌ථානගත වීම සැලකිල්ලට ගත් විට පෙනෙනවා. එසේ වුවත් මහාචාර්ය පරණවිතාන එහි පවතින සුවිශේෂීතාව යම් හේතුවක් නිසා නිරීක්‌ෂණය කර නොමැති බව පෙනෙනවා.
ඔබ ඇසූ ප්‍රශ්නයට සෘජු පිළිතුරක් දීමට තරම් මේ සම්බන්ධයෙන් මගේ අදහස් තවමත් පරිණත වී නැහැ. ඊට ශාස්‌ත්‍රීය විශ්ලේෂණයක් අවශ්‍යයි. එය කළ හැකිවන්නේ මා ක්‌ෂෙත්‍රයෙන් පිට වී මගේ පුස්‌තකාලයට පැමිණි විටයි. තත්ත්වය එසේ වුවත් ඒ පිළිබඳ අදහස් කිහිපයක් මා තුළ තිබෙනවා. එය අදාළ වන්නේ ඉතා ඈත කාලයකදී එනම් අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව 450 තරම් ඈත කාලයකදී වෙළදාම සඳහා ඉන්දීය සාගරයේ යාත්‍රා කළ මෙරට යාත්‍රිකයින්ගේ ගමන්වලටයි. ඇතැම් විට ඔවුන් ඒ වෙළද ගමන්වලදී බෞද්ධ දර්ශනයට අයත් මූලික ඉගැන්වීම් ගැන අවධානය යොමු කරන්නට ඇති බව පෙනෙනවා. මේ රටේ කඳුකර ප්‍රදේශවල ජනාවාස පැතිරීම පිළිබඳ ඉතිහාසය දැන් ක්‍රිස්‌තු පූර්ව 2400 දක්‌වා පුළුල් කිරීමට මගේ පර්යේෂණවලට හැකි වී තිබෙනවා. ඔවුන් නව ආගමික ඉගැන්වීමක් ගැන උනන්දු වීම පුදුමයට කරුණක් නොවෙයි. මේ කඳුකර ජනාවාසවල විසූ ජනතාව මිහිඳු හිමියන් මෙහි වැඩම කිරීමට පෙර බුදුදහම දැන සිටි බව මහාවංශයේ කර්තෘවරයා පවා දැන සිටි බව පෙනෙන්නේ බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම වීමේ සිද්ධියට මෙරට කඳුකරයේ විසූ යක්‌ෂයින් සම්බන්ධ කර තිබීමෙන්. බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කළ අවස්‌ථාවේ කඳුකරයේ සිටි යක්‌ෂයින් බුරුතු පිටින් උන්වහන්සේ දැකීමට ගිය බව මහාවංශය රචනා කළ අවධියට වඩා පසුකාලයකට අයත් සමන්තකූට වර්ණනාවේ සඳහන් කර තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරි බවට වංශකථාවල දැක්‌වෙන ප්‍රවෘත්තිය මට පෙනෙන්නේ මිහිඳු හිමියන්ගේ ආගමනය ඉස්‌මතු කර හුවා දැක්‌වීමට වංශකථාකරුවන් විසින් දරන ලද දේශපාලනික උත්සාහයක් ලෙසයි. යක්‌ෂයින් යනුවෙන් මෙහි අදහස් කර තිබෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 2400 පමණ ඈත කාලයක සිට කඳුකර ප්‍රදේශවල වාසය කළ මෙරට ස්‌වදේශීය පිරිසයි. ඔවුන් ඉතා ඈත කාලයකදී එනම් මීට අවුරුදු 125,000 කට පමණ පෙර මෙරට ජනාවාස කළ ආද්‍ය හෝමෝසාපියන්වරුන්ගේ ජාන සංචිතයට අයත් වූවන් බව මෙතෙක් අප කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් යක්‌ෂයින් ගිරිදිවයිනට පලවා හැරීම යනු ඔවුන් බෞද්ධ සම්ප්‍රදායයෙන් පිටමං කිරීමට දරන ලද සවිඥානික උත්සාහයක් ලෙස මා දකිනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි මහාකාරුණිකයන් වහන්සේ කෙනෙකු මෙරටට වැඩම කොට මෙහි ස්‌වදේශික වැසියන් බිය ගන්වා පලවා හැරීම පිළිබඳ සිද්ධිය මගින් උන්වහන්සේගේ කරුණාව ඉක්‌මවා වංශකථා රචනා කළ ඉන්දීය සම්ප්‍රදායට ලැදි කර්තෘවරුන් දේශීය ජනයා සහ සම්ප්‍රදාය සම්බන්ධයෙන් දැක් වූ වෛරී ආකල්පය පැහැදිලි වෙතැයි මා සිතනවා.
ප්‍රශ්නය - අවසාන වශයෙන් ඔබෙන් ඇසිය යුතු වන්නේ මෙයයි. මහින්දාගමනය පුරාවිද්‍යාත්මකව තහවුරු කළ හැකි යථාර්ථයක්‌ද? නොඑසේනම් උත්කර්ෂවත් සාහිත්‍යයික නිර්මාණයක්‌ද?
පිළිතුර- එය වැරදි අදහසක්. මහින්දාගමනය යනු මෙරට සංස්‌කෘතිය වෙත තීරණාත්මක බලපෑමක් ඇති කළ ඓතිහාසික සිද්ධියක්. එය පුරාවිද්‍යාත්මකව සනාථ කිරීමට අවශ්‍ය සාධක තිබෙනවා. අම්පාර රජගලකන්දේ පිහිටි "යෙ ඉමදිප පඨමය ඉදිය අගතන" යන සෙල්ලිපිය ඊට කදිම නිදසුනක්. මා මෙහිදී අදහස් දක්‌වන ලද්දේ ඊට පෙර පැවති තත්ත්වය පිළිබඳවයි. මිහිඳු හිමියන් මෙහි වැඩම කළ විගස මේ රටේ බුදුදහම ඉතා හොඳින් පැලපදියම් වුණේ ඊට පෙර අවධියක සිට බුදුදහම මෙරට වැසියන්ට ආගන්තුක නොවූ නිසා යෑයි කල්පනා කිරීම සාධාරණයෑයි මම සිතනවා. මහින්දාගමනය පමණක් ඉස්‌මතු කර දැක්‌වීමට වංසකථා රචකයින් විසින් දරා තිබෙන උත්සාහය නිසා ඊට පෙර අවධියක මෙරට විසූ බෞද්ධයින් යටපත් වීම සිතාමතා කළ සාහසික ඓතිහාසික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි මා දකින්නේ. මේ ගැන මීට වඩා තොරතුරු හෙළිදරව් කිරීමට අපට තව කාලයක් අවශ්‍යයි.
සංවාද සටහන - ජානක ලියනආරච්චි
http://www.divaina.com/2014/06/08/feature01.html

0 comments:
Post a Comment