Pages

Tuesday, June 10, 2014

අගමැති නිසා ගම්පොල ප‍්‍රදේශය දැඩි අවදානමක - හෙළවිජය ජාතික ව්‍යාපාරය

ගම්පොල සහිරා විද්‍යාලය මූලික කරගත් ප‍්‍රශ්ණයක් නිසා එම ප‍්‍රදේශය දැඩි අවදානමක් ආසන්නයේ ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් හෙළවිජය ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව පවසමින් එහි කැඳවුම්කරු සමීර චන්ද්‍රසිරි මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය මැයි මස 9 වන සිකුරාදා සිට ගම්පොල සහිරා විදුහලේ විදුහල්පතිවරයා විසින් ප‍්‍රාථමික ශ්‍රේණි වල සිංහල මාධ්‍ය ළමුන් සහ ගුරුවරුන් ඉලක්ක කර සිදුකරන්නට යෙදුනු බෞද්ධ විරෝධී වර්ගවාදී කි‍්‍රයාවන්ට එරෙහිව අවිහිංසාවාදී ලෙසත් සාමකාමී ලෙසත් විරා්ධතාවයක යෙදුනේ බෞද්ධයන්ට නිසි සාධාරණයක් කිසිවෙකුගෙන් හෝ නොලැබෙන තත්වයක් පැවති නිසාය. රජයේ දෙමළ මාධ්‍ය පාසලක් වන ගම්පොල සහිරා විදුහලේ විදුහල්පති වරයා එම පාසල මුස්ලිම් පාසලක් බවත් එහි පැවතිය හැක්කේ ස්ලාම් සංස්කෘතිය පමණක් බවත් එබැවින් විශය නිර්දේශයට අදාල ඉගැන්වීම් වලට බෞද්ධ කොඩි, අටපට්ටම් පංති කාමර තුල එල්ලීමට හෝ ප‍්‍රදර්ශණය කිරීමට ඉඩදිය නොහැකි බව ප‍්‍රසිද්ධියේ පවසයි. එමෙන්ම විදුහල්පතිවරයා වෙසක් සැරසිලි වලින් සරසා තිබූ පංති කාමරවල සැරසිලි ගුරුවරිය ලවා ඉවත්කරවන්නේ වෙසක් උත්සවය සැමරීමට අධ්‍යාපන දෙපාර්කමේන්තුවෙන් එවා තිබූ චක‍්‍රලේක පවා කුණුබක්කියට යොමු කරවමිණි. එමෙන්ම බෞද්ධ කොඩිය හඳුනාගැනීම, අටපට්ටම් නිර්මාණය සිංහල මාධ්‍ය විශය නිර්දේශයේ එන පැවරුම් සහ කි‍්‍රයාකාරකම් වලට අයත් වේ.

මෙම තත්වය තුල මැයි මස 13 වනදා ප‍්‍රදේශවාසීන් ගම්පොල කළාප අධ්‍යාපන කාර්යාලය අසලින් සාමකාමී පාගමන ආරම්භ කලේ ගම්පොල පොලීසිය වෙත ගොස් සංදේශයක් භාරදීමටයි. එහෙත් පාගමන ආරම්භ කර මීටර 100ක් යාමට පෙර අපගේ පාගමන කඩාකප්පල් කිරීමට පාගමන මැදට කඩා පැන්න අමුත්තා දැක අපි වික්ෂිප්ත වීමු. ඒ අමුත්තා අන් කවරෙකු නොව ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අග‍්‍රාමාත්‍ය බුද්ධශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මහතාය. ඔහුගේ සහචරයින් කිහිපදෙනෙක් සමග පාගමන නවත්වන ලෙසට අපට තර්ජනය කරමින් පාගමනේ සිටි භික්ෂූන් වහන්සේලාට අපහාස කරමින් බැනර් උදුරමින් හැසිරුණු ඔහුට අප බෞද්ධයන් ලෙස කරුණාවෙන් මෛති‍්‍රයෙන් සලකා ඔහුගේ බාධක මැඩගෙන ඉදිරියට ඇදුනත් එතැන්සිට ගම්පොල පොලීසිය අපට තර්ජනය කරන්නට පටන්ගත්තේ විරෝධතාවය නවත්වන ලෙසයි. සමාජ කි‍්‍රයාකාරිකයන් ලෙස පොලීසියේ සීමාවත් අපගේ සීමාවත් දැන කටයුතු කල නිසා පොලීසියේ නිහීන අවිනීතියට අප යටත් වූයේ නැත. සංදේශය භාරදීමට පොලීසිය අසලට පාගමන ලගාවනවාත් සමගම නැවතත් ගම්පොල පොලිස් ස්ථානාධිපති වරයා සිය ජීප් රථයෙනුත් අගමැතිවරයා සිය නිල රථයෙනුත් අපගේ පාගමන හරස් කරන්නට විය. පාගමන මෙහෙයවූවන් ලෙස පාගමනේ ගමන්ගත් අයගේ  සුරක්ෂිතභාවය ගැන අවදානම් සහගත තත්වයක් මතු වූ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අසල ඇති පන්සලකට පිරිස රැගෙන යන්නට කටයුතු කලේ පොලීසියේ තර්ජන මධ්‍යයේය. පාගමන කීරපනේ පන්සලට ලගාවනවාත් සමගම පොලීසිය විසින් නීති විරෝධී අයුරින් මග හරස් කරමින් පාගමන ඉදිරියට යාම වලක්වන ලදි. ඉන් අනතුරුව අප විසින් පොලීසියට ලබාදීමට රැගෙන ආ සංදේශය ස්ථානාධිපතිවරයාට භාරදුන් අතර දින දෙකක් ඇතුලත කි‍්‍රයාමාර්ග ගන්නා බවට ඔහු පොරොන්දු විය.

මෙම පාගමන සම්බන්ධයෙන් පැවසීමට ඇති වැදගත්ම දෙය වන්නේ අගමැතිවරයා සහ පොලීසය නීති විරෝධී, විනය විරෝධී එමෙන්ම සදාචාර විරෝධී අයුරින් අපගේ සාමකාමී පාගන කඩාකප්පල් කිරීමට සහ පාගමන් කරුවන් කුපිත කිරීමට කටයුතු කලද පාගමන් කරුවන් ඉතාමත් විනයගරුක අයුරින් කිසිවෙකුට වැලි කැටයකින් හෝ හානියක් නොවන අයුරින් පාගමනේ ආරම්භක විනය අවසානය දක්වා රැකගත් බවයි.

සිදු වූ සිදුවීම එසේ වුවත් දැන් පවතින තත්වය ඉතාමත් කණගාටු දායකය. පාගමනින් පොලීසියට ලබාදුන් සංදේශයට හෝ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් ගම්පොල පොලීසියේ සී.අයි.බී. 312/306 දරණ පැමිණිල්ලට හෝ සිදු වූ දෙයක් නොමැත. කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ මූලිකත්වයෙන් පැවති පරීක්ෂණ වලින් අපගේ සෑම චෝදනාවක්ම සත්‍ය බවට තහවුරු වී තිබියදීත් බලධාරීන් ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින්නේ මන්ද යන්න බරපතල තත්වයකි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මුස්ලිම් ජාතික නිලධාරියෙකුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ඒකපාර්ෂීක පරීක්ෂණයක් මුල්කරගනිමින් අන්තවාදීන්ට උඩගෙඩිදෙන දෙපාර්තමේන්තු තීරණයක් ලබාදීමට කටයුතු කරගෙන යන බව පැහැදිළිය. මේ සියල්ලගෙන් පැහැදිළි වන්නේ අද මෙරට සිංහල බෞද්ධ ජනතාව පත්ව ඇති සොචනීය තත්වයයි. රටේ බුද්ධශාසන අමාත්‍යවරයාගේ ගමේ බෞද්ධයන් පත්ව ඇති සෝචනීය තත්වයයි.

කෙසේ වෙතත් අප පාගමන් ගියේ, හඩ නැගුවේ කිසිදු ජාතියකට එරෙහිව නොව හුදෙක්ම සහිරා විදුහල්පතිවරයාගේ අන්තවාදී බෞද්ධ විරෝධී අවකල් කි‍්‍රයාවන්ට එරෙහිවය. නමුත් විදුහල්පතිවරයා පිළිබඳව පරීක්ෂණ පවත්වනවා වෙනුවට දැන් සිදුවන්නේ පාගමන්කරුවන් මර්ධනය කිරීමට කටයුතු කිරීමයි. ගම්පොල ප‍්‍රදේශයේ බුද්ධි නිලධාරීන්ට දැන් සිදුව ඇත්තේ අපරාධකරුවන් පිළිබඳ සෙවීම පසෙක තබා පාගමනට නායකත්වය දුන් අය පසුපස හඹායාමටය. ඔවුන් පත්ව ඇති තත්වය පිළිබඳව අපි කනගාටු වන අතර අපහසුවෙන් අපව හඹා එනවා වෙනුවට සෘජුව අප හමුවී විමසන්නේනම් ඔවුන්ට ලෙහෙසියෙන්ම තොරතුරු ලබාදීමට අප සූදානමින් සිටින බව කිව යුතුය.

පාගමනට නායකත්වය දුන් අය ලෙස අප සිදුකලේ බෞද්ධයන් කුපිත කරවීමට අන්තවාදීන් ගත් උත්සහය ව්‍යර්ථ කරමින් බෞද්ධයන්ගේ ආවේගය සාමකාමී ලෙස පිට කිරීමට බෞද්ධයන්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුලට ගෙන එ්මයි. නමුත් පොලීසිය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ප‍්‍රාදේශීය දේශපාලන නායකත්වය සිදුකරන්නේ බෞද්ධයින්ව ප‍්‍රචන්ඩ විකල්ප වලට යොමු කරවීමට අවශ්‍ය කරන තත්වය නිර්මාණය කිරීමයි. එමනිසා මේ තත්වය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ කඩිනම් කි‍්‍රයාමාර්ග නොගතහොත් මතු සිදුවන යම් අර්බුධයකට වගකිව යුත්තේ විරෝධතාකරුවන් නොව ආරක්ෂක අංශ හා දේශපාලන නායකත්වයන් බව අවධාරණය කරමු.

සමීර චන්ද්‍රසිරි, කැඳවුම් කරු, හෙළවිජය ජාතික ව්‍යාපාරය
http://lankacnews.com/sinhala/news/116963/

Pic Source

සබැඳි ලිපි -
[

ගම්පොළ සහිරා විදුහල්පති තලේබාන්, අල්කයිඩා, බොකෝහරාම් සංවිධානවල කොන්ත්‍රාත් කරුවෙක්ද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_5791.htmlචක්‍රලේඛ අදාළ නැහැ | 'හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපා. බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි දාන්න එපා' - ගම්පොල සහිරා අන්තවාදී මුසලු විදුහල්පති | බෞද්ධ ගුරුවරු 62ක්‌ මාරුවීම් ඉල්ලති
http://denethharinna.blogspot.com/2014/05/62.html
බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! - ජාතික හෙළ උරුමයhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_22.html
]

0 comments: