Pages

Tuesday, June 10, 2014

අතීත හෙළ බිමම බොදු පින් බිමක්! කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගැනේ

කිලිනොච්චියේ ශිවනගර් උර්තිරපුරම් ප්‍රදේශයෙන් සොයාගනු ලැබු පෞරාණික වටිනාකමකින් යුත් නෂ්ටාවශේෂ (ගඩොල් තට්ටු, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය සහිත ගල් කැටයම්, වෙහෙරක නටබුන්) පොලොන්නරු යුගයට අයත් යැයි සැලකෙන ඒවා බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කර ඇත.

කැලැවක් ආශ්‍රිතව ඇති මෙම ස්ථානය කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 662 බලසේනාවේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් හට නිරීක්ෂණය වී තිබේ.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ කරන ලද මුලික පරික්ෂණවලින් අනතුරුව මෙම සොයා ගැනීම තහවුරු වූ අතර එම භූමියේ තිබූ අඩි 60ක විශ්කම්භයෙන් යුත් දාගැබක නටබුන්, අඩි 12ක් උසැති පොලොන්නරුව යුගයට අයත් ගඩොල් තට්ටු ද, ශ්‍රී පාදය සහිත ගල් පතුරු ද, ගල් කුළුණු ඇතුළු බෞද්ධ විහාරයක් පැවති බවට සාධක ද එහිදී නිරීක්ෂණය වී ඇත.

කෙසේවුවද වඩා විධිමත් හා පුළුල් පරීක්ෂණවලින් මේ බව තහවුරු කරන තුරු, එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් බවට ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර 1940 පමණ කාලයේ දී මෙහි කුඩා පුල්ලයාර් කෝවිලක් පැවති බවත්, ඉන් අනතුරුව අදටත් පවතින ශිවන් කෝවිල 1990 දී ගොඩනැගු බවත්, එම කාල වකවානු තුළදී පුල්ලයාර් සහ ශිව දෙවියන් වෙන් වෙන් වශයෙන් පුජා පවත්වා වන්දනාමාන කළ බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ අතරම 1965 දී මෙම කෝවිලේ පූජකතුමා අවට කැලෑ ප්‍රදේශය එළිපෙහෙළි කිරීමේ දී බුදුරුවක ශෛලමය කොටස් සහ බෝගසක් එම ස්ථානයේ තිබී හමු වී ඇති නමුත්, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පසුව එම බුද්ධ ප්‍රතිමා කඩා බිඳ දමා ඒ ආසන්නයේ ඇති ශිවන්කුලම් වැවට විසිකර ඇත. එමෙන්ම මෙම සමාධි බුදුරුව අඩි 4 – 6 පමණ උස බව ද, ඒ සමඟම සඳකඩපහණක කැබැල්ලක් සහ සිංහයෙකුගේ අනුරුවක් මෙහි තිබී ඇත. ත්‍රස්තවාදීන් මෙහි තිබූ බෝ ගස කපා දමා එහි තල් ගසක් සිටවා එම ප්‍රදේශය නාගලිංගම් යැයි හඳුන්වනු ලැබීය.

http://lankacnews.com/sinhala/news/116983/

Pic Source

සබැඳි ලිපි -
[
කල්තොට ඉඩමකින් හමු වූ බුදුරුව අනුරපුර යුගයට අයත් ඓතිහාසික පිළිමයක්. ජනතා බැති පුදට!http://denethharinna.blogspot.com/2014/05/blog-post_12.html
කල්තොට ඉඩමකින් අඩි 6ක්‌ උස ඉපැරැණි බුදුරුවක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/05/6.html
අවුරුදු ලක්‍ෂ 7කට පෙර ශ්‍රී ලංකාවේ මානවයින් සිටි බවට සාක්‍ෂි හමුවෙනවා - පුරාවිද්‍යා ජ්‍යෙෂ්ඨ ගවේෂණ නිලධාරීhttp://denethharinna.blogspot.com/2014/05/7.html
ක‍්‍රි.පූ. 300ටත් වඩා පැරණි ගුහා ආරාම සංකීර්ණයක් යාපහුවෙන්http://denethharinna.blogspot.com/2014/04/300.html
ආදි මානවයා දඩයමෙන් ගොවිතැනට මාරුවුණේ රත්නපුරයේදී - මහාචාර්ය රාජ් සෝමදේවhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_11.html
අවුරුදු 2000ක්‌ පැරණි ලෙන් ලිපියක්‌ සොයාගැනේ
http://denethharinna.blogspot.com/2014/03/2000.html
වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම පුරාම එකම පාලනයක් පැවති බවට සනාථයි!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3065.html
වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6048.html
හෙළ බිමම අතීත බොදු බිමක් - අහුන්ගල්ල ගල්වෙහෙර මළුවේ ඉපැරණි විහාරයක නටබුන් කැණීම්වලින් මතුවේ!http://denethharinna.blogspot.com/2014/01/blog-post_3076.html
සීගිරිය අවට කැනීම් වලින් සොයාගත් මෙතෙක් හමුවූ විශාලතම මැටි කළයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_1466.html
මුන්නේශ්වරම් කාලි කෝවිල පැරණි බොදු පුද බිමක්. කැණීම් වලින් සඳකඩ පහණක් මතුවෙලා.http://denethharinna.blogspot.com/2014/01/blog-post_6999.html
සෙංකඩගල පැරණි රජ මාලිගාවේ මැදවාසල බිත්තිවලින් පුරාණ චිත්‍ර මතුවේhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1304.html
සීගිරියේ කැණීම්වලින් ඉපැරණි මැටි මුට්‌ටියක්‌ හමුවේhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_4459.html
මහපොළොවෙන් මතුවන හෙළ උරුමය - වසර 2500ක් පැරැණි සොහොන් බිමක් මිනුවන්ගොඩින් මතුවෙයි
http://denethharinna.blogspot.com/2013/10/2500.html
හුනුලාගල ගල් ගුහාවෙන් කාන්තා මූර්තිවල යටිකය හා උඩු කය හමුවෙයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1027.html
පූර්ව ඓතිහාසික මානව ශිෂ්ටාචාරයක වාස භූමියක්‌ හල්දුම්මුල්ලෙන් හමුවේ

http://denethharinna.blogspot.com/2013/08/blog-post_832.html
උතුරින්-නැගෙනහිරින් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන 400ක්http://denethharinna.blogspot.com/2013/08/400.htmlඅනුරපුර යුගයේ සිතුවම් එප්පාවලින් මතුවේhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_8457.htmlහැම බිම් අඟලකම බොදු උරුමයක අසිරිය යළි යළිත් සනාථයි! බුදුන්ගේ හස්ත මුද්‍රා සහිත වර්ණ සිත්තම් නාවාගලින් මතුවේ...http://denethharinna.blogspot.com/2013/07/blog-post_3244.htmlසතර බුදුවරු පා තැබූ අනුරාධපුරේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_4673.htmlපැරකුම් රජුගේ සීත මාලිගාව ළඟ ඉපැරණි මුට්ටියක්http://denethharinna.blogspot.com/2013/02/blog-post_666.htmlසීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුවhttp://denethharinna.blogspot.com/2013/02/blog-post_650.htmlගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාවhttp://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.htmlකි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේhttp://denethharinna.blogspot.com/2013/01/200.htmlඅනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයිhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.htmlලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේhttp://denethharinna.blogspot.com/2012/08/blog-post_28.htmlනූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html]

0 comments: