Pages

Thursday, June 12, 2014

මැක්ඩොනල්ඩ්, KFC ආහාර වල භයානක රෝග වැළඳෙන විෂකාරක

මැක්ඩොනල්ඩ්, KFC ආහාර ද්‍රව්‍යවල ඇත්තේ මහා භයානක රෝග වැළඳෙන විෂකාරක ද්‍රව්‍ය බවත් අජිනමොටෝ නම් මහා විනාශකාරකය මේ සියළු ආහාරවලට එක් කරන බවත් පාරිභෝගික – ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසයි. එම සන්ධානය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ අදහස් පල විය.

පාරිභෝගික – ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයේ කැඳවුම්කරු, ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මල්ලවආරච්චි මහතා,

පාරිභෝගිකයා, ගොවියා මෙන්ම අලෙවිකරුවාගේ ද අයිතිවාසිකම් රැක ගැනීම සඳහා වූ මෙම සන්ධානය ඉතිහාසයේ ප්‍රථම වරට බිහිවූවක්. අපේ ප්‍රධාන අරමුණ සෞඛ්‍ය සම්පන්න ජාතියක් රට තූල බිහි කිරීමයි. අද වන විට රටේ සමස්ත ජනතාවට කෑමට බීමට ඇති වස විස දේ හෙලිදරව් කරමින් ඒවා වලක්වාලීමට ගත යුතූ සැබෑ පියවර ගැනීමට බලකරමින් අපි මෙම මාධ්‍ය හමුව සංවිධානය කලා. සමස්ත පාසල් පද්ධතිය පුරාම පවතින ආපනශාලා හරහා පාසල් දරුවන්ට ලබා දෙන ඉතාම නුසුදුසු ආහාර පිළිබඳව අපි අවධානය යොමු කලා. බහුජාතික සමාගම් වලින් මෙරටට ගෙන්වන බාල රසකාරක වර්ග මුසු කල ආහාර තමයි අද පාසල් වල දරුවන්ට කන්න දෙන්නෙ. පාසල් ආපන ශාලාවක් දවසකට අධ්‍යාපන බලධාරීන්ට දෙන මුදල පිරිමහගන්න දරුවන් රුපියල් ගණනට විකූණල තියෙනව වර්තමාන විදුහල්පතිවරුන්ගේ සිට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්. මේ වස විස ආහාර තමන්ගෙ දරුවන්ට පරිභෝජනයට ලබා දීමට එරෙහි වෙන්න කියල ඉල්ලා සිටින ගමන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට මාසයක කාලයක් දෙනව, වහාම 2011 පසල් සඳහා වූ චක්‍රලේකය ක්‍රියාත්මක කරන්න. නැත්නම් සමස්ත පාසල් පද්ධතියම මෙම අසාධාරණයට එරෙහිව පෙලගස්වා අධ්‍යාපන අමාත්‍යාංශය වැටලීමකට ලක් කරන බවත් සඳහන් කරන ලදි. ඒ වගේම විශ්ව විද්‍යාල වල ආපනශාලා තත්ත්වයත් ඉතාම ශෝචනීයයි. අනාගත පරපුර ලෙඩ රෝග සහිත ජාතියක් බවට පත් කරන්න මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශ බළධාරීන් විසින් අවසර දීල තියෙන මහා විනාශකාරකය වන අජිනමොටෝ හෙවත් මිනිස්විනාශකාරකය තමයි මේ සියලුම කෑම වලට දමන්නෙ. ඊට අමතරව නෙස්ලේ සමාගම විසින් වෙළඳපලට නිකූත් කරල තියෙන චිකන් කියුබ් එකත් දමනව. අපි පැහැදිලිව කියනව මැක්ඩොනල්ඩ්, කේඅෆ්සී, හන්දිවල තියෙන කෑම කඩ වල ඇති කෑම වල තියෙන්නෙ මහාම ලෙඩ රෝග ඇති කරන රසායනික ද්‍රව්‍ය.

මේ පිළිබඳ අදහස් දැක්වූ දේශීය වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හේවාගමගේ මහතා  කියා සිටියේ රසායනික පොහොර භාවිතය හේතූවෙන් අපේ සරු බිම මේ වන විට මහා විනාශය කරා ළඟා වී ඇති බවත්, හඳුනාගැනීමට පවා නොහැකි රෝග, දියවැඩියාව, ඇදුම, පිලිකා, කොලෙස්ටරෝල් වැනි පෙර අප අසා නුපුරුදු රෝග අද කූඩා දරුවන්ට පවා වැළදෙන බවත්ය. මේ පිළිබඳ ජාතික මෙන්ම පළාත් ආහාර ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බළධරයන් අපොහොසත් වුවහොත් සමස්ත ජනතාවම මේ පිළිබඳ දැනුවත් කර ඉදිරියේදි ජනතාව වෙනුවෙන් පෙරමුණ ගැනීමට සූදානම් බවද සඳහන් කරන ලදි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති ඉන්දික බෙල්ප ගමගේ මහතා සඳහන් කලේ සමස්ත පාරිභෝගිකයාට වෙළඳපල මාෆියාව විසින් ඇති කර තිබෙන දැඩි අසාධාරණයට එරෙහිව බිහිවූ මෙම සන්ධානය මගින් ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම් සංවිඳානය කර ඇති බවත් මෙය වෘත්තිය සමිතියක් සඳහා තේමා පාඨයක් නොව සමස්ත ජාතියේ යහපත වෙනුවෙන් වූ දැවැන්ත ක්‍රියාමාර්ගයක් බවත් අවධාරණය කරන ලදි.

තවදුරටත් රට කිරිපිටි වෙනුවෙන් ලබා දුන් බදු සහනය වහාම නැවත අයකර ඒ වාසිය දේශීය කිරි ගොවියාට ලබා දෙන්න කියල බල කරන ගමන් දේශීය කිරි පරිභෝජනය ක්‍රමවත්ම වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ආනයනික කිරි මිල අඩුකරල ජනතාව නැවත විනාශය කරා පෙළඹවීම නවත්තන්න කියල අපි වෙළඳ ඇමතිවරයාට දන්වා සිටිනව.

තවද මෙම ඉල්ලීම් පිළිබඳ අධ්‍යාපන ඇමතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා මෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා ද දැඩි අවධානය යොමු කල යුතූ බවත් අපගේ මෙම ජනතාවාදී ඉල්ලීම් සඳහා විහිළුසහගත ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරනු ඇතැයිද ඇමතිවරුන් ජෝකර්ලා නොවී රටේ ජනතාවට සැබෑ විසඳුමක් ලබා දිය යුතූ බවත් පැවසීය,

මේ සඳහා සහභාගි වූ ගොවි සංවිධාන එකමුතූවේ කැඳවුම්කරු අරුණ කරණායක මහතා සඳහන් කලේ, මේ වනවිට දේශීය ගොවි ජනතාව විනාශය කරා ඇති බවත් බීජ පනත හරහා මෙය තවදුරටත් උග්‍ර වී ඇති බවත්ය. මේ පිළිබඳ කිසිවකූගේ අවධානය යොමු වී නැති බවත් රටේ පවතින සමහර ගොවී සංවිධාන මගින් තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක වනවා විනා දේශීය ගොවිතැන නගා සිටුවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් සඳහන් කරන ලදි.

ස්තූතියි!

මාධ්‍ය ඒකකය, පාරිභෝගික, ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය
http://lankacnews.com/sinhala/news/117248/

Pic Source

0 comments: