ගෙවල් බිඳුම් සහ දේපළ සොරකම් පිළිබඳව සැකපිට 21 හැවිරිදි පකිස්තානු ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිස් නිලධාරීන් සමත්ව ඇත. වසර එකහමාරක පමණ කාලයක් නුවර, නාවලපිටිය, මීගමුව සහ කොම්පඤ්ඤවීදිය ආදී ප්‍රදේශවල වීසා රහිතව රැඳී සිටිමින් මෙම සොරකම්වල යෙදී ඇතැයි පැවසේ.
රු. ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති අතර තිහාරිය ප්‍රදේශයෙන් සොරකම් කළ යතුරුපැදියක් නිට්ටඹුව නගරයේ පරිගණක වෙළඳසලක් බිඳ සොරකම් කළ පරිගණක උපාංග ඇතුළු දේ ඒ අතර විය.
පරිගණක සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් ඇති මොහු උම්මත්තකයෙක් විලස රඟපාමින් පොලිසිය නොමඟ යෑවීමට ක්‍රියාකර ඇතත් නිලධාරීන්ගේ දක්ෂතාව නිසා මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. දැතේ ඇති සුව වූ කැපුම් පහරවල් නිසා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් යෑයි සැකකෙරේ.
අත්තනගල්ල - අනුර චන්ද්‍රසේකර
http://www.divaina.com/2014/06/02/news24.html
Pic Source

0 comments:
Post a Comment