ඉන්දියාවේ නව අගමැති ලෙස දිවුරුම් දීමේ උත්සවයට මෝඩි මහතා සාක් කලාපීය රාජ්‍ය නායකයන්ට ආරාධනය කර ඇත්තේ මිත්‍රත්වය තහවුරු කිරීමකට වඩා ඉන්දියාව කලාපයේ නායකයා බව අනෙක් රාජ්‍ය නායකයන්ට මතක්‌කර දීමට බව පැහැදිලි ය. මෝඩි මහතා සංස්‌කෘතික ජාතිකත්වයක් ඇති නායකයෙකි. එහෙත් ඔහුට ද වැඩකිරීමට සිදු වී ඇත්තේ බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි ආර්ථික ආකෘතියක හා දේශපාලනික ව්‍යුහයන්හි ය. එයට ප්‍රධාන වරදකරුවෝ ඉන්දියාවේ ඊනියා උගත්තු වෙති. ඔවුන්ට අදාළ දේශීය ආකෘති හා ව්‍යුහය ගොඩනැගීමට නොහැකි වී ඇත. ඒ තබා දේශීය (හින්දු) දාර්ශනික සම්ප්‍රදායක් ගොඩනගා ගැනීමට ද ඔවුන් අසමත් වී ඇත. එසේ බැලූ කල ඉන්දියාව ලංකාවට ද වඩා පසුගාමී ය. මෝඩි මහතා මෙරට ජනාධිපතිතුමාට කියා ඇත්තේ දහතුන්වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙස ය. එහෙත් පොලිස් බලතල හා ඉඩම් බලතල කිසිසේත් ම පළාත් සභාවලට පැවරිය හැකි නො වේ. ඉඩම් බලතල සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ඇති නමුදු පොලිස් බලතල සම්බන්ධයෙන් එවැනි තීන්දුවක් නැත. අද කළ යුත්තේ කිසිම අධිකරණයකට වෙනත් අර්ථකථනයක් දීමට නොහැකි වන පරිදි ඉඩම් හා පොලිස් බලතල පළාත් සභා ලැයිස්‌තුවෙන් ඉවත්කිරීම ය.
එතෙක් මෝඩි මහතා දැනගත යුතු කරුණක් දෙකක් වෙයි. අද ඉන්දියාවේ බටහිර බෙංගාලයේ, කේරළයේ හා තමිල්නාඩුවේ ක්‍රියාත්මක වන්නේ සමස්‌තයක් ලෙස ගත්කල අනෙක් ප්‍රාන්ත රාශියක වූ හින්දුත්වය නො වේ. මෝඩි මහතා සංස්‌කෘතික ජාතිකවාදියකු ලෙස කළ යුත්තේ අනෙක් සාක් රටවලට තම බලපුළුවන්කාරකම පෙන්වීම නොව ඉහත සඳහන් ප්‍රාන්තවල ද හින්දුත්වය පැතිරවීමට හැකි දැයි සොයා බැලීම ය. අනෙක් අතට දහතුන් වැනි සංශෝධනය යනු අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයකි. එහෙත් අද වන විට ඉන්දු ලංකා ගිවිසුම නිෂේධ වී ඇත්තේ ඉන්දියාව එහි සඳහන් අන්දමින් ක්‍රියාත්මක නොවීම නිසා ය. ඒ බව අපි මීට පෙර විස්‌තරාත්මක ව සඳහන් කර ඇත්තෙමු. ඒ සියල්ලටමත් වඩා 1987 ජූලි මාසයේ දී මෙරට පළාත් සභා පිහිටුවා නො තිබිණි. පළාත් සභා කවරේ ද යනු ව්‍යවස්‌ථාවේ කොතැනකවත් එකල අර්ථදක්‌වා නො තිබිණි. ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන් වන්නේ එසේ අර්ථනොදක්‌වන ලද නොපිහිටුවන ලද පළාත් සභා ය. ඉන්දු ලංකා ගිවිසුමේ සඳහන්වන පළාත් සභාවලට නෛතික වලංගු බවක් නැත.
ඒ කුමක් වුවත් ලංකාවේ ඇතැයි කියන ප්‍රශ්නයකට ඇඟිලි ගැසීමට ඉන්දියාවට හෝ තමිල්නාඩුවට ඇති අයිතිය කුමක් ද? මෙරට කලකට පෙර යාපනයේ දෙමළ, මඩකලපු දෙමළ හා ඉන්දියන් දෙමළ යනුවෙන් දෙමළ ජනයා ඔවුනොවුන් විසින් ම වර්ගකෙරී තිබිණි. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් මෙරට නොතිබුණු අතර යාපනයේ වෙල්ලාල ප්‍රභූන්ට තමන් විඳි වරප්‍රසාද සර්වජන ඡන්දයෙන් පසු අහිමි වීමට පටන්ගැනිණි. එය දෙමළ ජනයාට සිදු වූ අසාධාරණයක් ලෙස දෙමළ ජාතිවාදීන් හා ඉංගිරිසින් විසින් ප්‍රචාරය කෙරිණි. ඊනියා ප්‍රශ්නය විසඳීමට ඊළම ඉදිරිපත් කෙරිණි. යාපනයේ වෙල්ලාලයන්ට ඊළම තනියම දිනාගැනීමට නොහැකි බව දත් චෙල්වනායගම් දෙමළ කතාකරන සියලු ජනයා සිංහලයන්ට එරෙහිව සංවිධානය කළේ ය. වඩුකොඩෙයි යෝජනා එහි කූටප්‍රාප්තිය මෙන් ම අවසානයේ ආරම්භය ද විය. ඒ සියල්ල කෙළවර වූයේ නන්දිකඩාල් ජයග්‍රහණයෙනි.
ඒ සමග ප්‍රශ්නයක් තිබිණි නම් අවසන් විය යුතු නමුත් ව්‍යාජ ප්‍රශ්නය තවදුරටත් පවත්වාගෙන යැමට බටහිරයෝ විසිරුණු දෙමළ ජනයා යොදාගනිති. එහෙත් ඒ අතර ඊනියා මඩකලපු හා ඉන්දියන් දෙමළ ජනයා අද ලාංකික දෙමළ බවට පත් වී සිටිති. ඒ ඔවුන්ගේ නායකයන් වෙල්ලාල - ඉංගිරිසි - ඉන්දීය ව්‍යාපෘතියේ අසාර්ථකත්වය වටහාගෙන ඇති බැවිනි. එහෙත් යාපනයේ වෙල්ලාල හා අනෙක් නායකයන් ඒ බව වටහාගෙන නැත. ඔවුහු තවමත් ඉන්දියාවේ දෙපා රුවාගෙන සිටිති. ඔවුන් ලංකාවේ ඊනියා ප්‍රශ්නයක් ඇතැයි කියමින් ඒ විසඳීමට ඉන්දියාවට හා තමිල්නාඩුවට යති. ඔවුන්ට අවශ්‍ය ඉන්දියාවේ බලපුළුවන්කාරකම යොදාගනිමින් තම අභිමතය පරිදි ලංකාවේ දේශපාලනය හැසිරවීම ය. එය ලංකාවේ රාජ්‍යයට විරුද්ධව මෙරට ස්‌වෛරීභාවය නැසීමට කරන රාජද්‍රෝහී ක්‍රියාවකි. උතුරු පළාතේ දෙමළ ජනයා ලංකාවේ ජනයා මිස තමිල්නාඩුවේ පුරවැසියෝ නො වෙති.
සම්බන්ධන්ලා තමිල්නාඩුවට දිවීම තේරුම්ගැනීමට අප රටේ ඉතිහාසය යගු කෞරාණ (ඊනියා යක්) ඇසින් බැලිය යුතු ය. මෙරට යගු කෞරාණ ජනයා බෞද්ධ වී ඇත්තේ බුදුන්වහන්සේ වැඩ විසූ සමයෙහිම ය. එකල මෙහි භික්‌ෂු භික්‍ෂුණීශාසන ද විය. මෙරට එකල තිබූ සංස්‌කෘතිය හෙළ බෞද්ධ යෑයි හඳුන්වමු. වෛදිකයන් මෙරටට පැමිණ ඇත්තේ ඒ ආසන්න කාලයක ය. වෛදිකයෝ මෙරටට ඔවුන්ගේ සංස්‌කෘතිය ගෙන ආහ. මෞර්ය අශෝක රජු දවස මෙරටට ගෙන ආවේ අශෝක බුද්ධාගමකි. එය ද සංස්‌කෘතියක් විය. එහි වෛදික රාජාභිෂේකයක් ද විය. එහි බුදුදහම තුන්වැනි සංගායනාවේ විභ-ජවාදය විය. මේ සංස්‌කෘතිය ද වෛදික සංස්‌කෘතිය ද මිශ්‍ර වී සිංහල බුද්ධාගමක් මෙරට වැඩෙන්නට වූයේ හෙළ බුද්ධාගමට විරුද්ධව ය. මහසෙන් රජු සමයෙහි දී සිංහල බුද්ධාගමට හෙළ බුද්ධාගම පැරදවීමට හැකි විය. එහෙත් හෙළ බුද්ධාගම විනාශ නො වීය. ධාතුසේන රජු සමයෙහි දී හෙළ බුද්ධාගම යම් පමණකට ශක්‌තිමත් ව තිබූ බව පැහැදිලි ය. යගු කෞරාණ සම්බන්ධයක් ඇති කාශ්‍යප රජු මෞර්ය සම්බන්ධයක් ඇති මුගලන් පරදවා රජවන්නේ ඒ ශක්‌තිය නිසා ය. මෙරට දේශපාලනයට හිස නැමීමට අකමැති වූ මුගලන් දඹදිවට (වංග දේශයට හෝ කාලිංගයට හෝ නොව දකුණට යෑයි මම විශ්වාස කරමි) පැන ගියේ හෙළ බුද්ධාගමට එරෙහිව සේනා සංවිධානය කිරීමට ය. එය රාජද්‍රෝහී ක්‍රියාවක් විය. මෙරට ස්‌වාධීනත්වයට එරෙහිව විදේශයක පිහිට පැතීම රාජද්‍රෝහී ක්‍රියාවක් මිස අනෙකක් නො වේ. ඉන්පසුව ද ඇතැම් රජවරු දකුණු දඹදිවට පැනගොස් තම දේශපාලනය ජයග්‍රහණය කරවීමට එහි සේනා සංවිධානය කළහ. අද සම්බන්ධන්ලා කරන්නේ ද එයම ය. ඔවුහු මෙරට ජනමතයට විරුද්ධ ව එංගලන්තයේ ද ආධාරය ඇතිව ඉන්දියාවට ගොස් "සේනා සංවිධානය" කරති. ඔවුහු ඉන්දියාවේ බලපුළුවන්කාරකම යොදා ජනාධිපතිතුමාට පීඩනයක් එල්ල කරති. එය රාජද්‍රෝහී ක්‍රියාවකි.
අපේ රටේ දේශපාලන ප්‍රශ්නයක් ඇත්නම් (ජනවාර්ගික ප්‍රශ්නය ව්‍යාජ ප්‍රශ්නයක් බව අමතක නොකළ යුතු ය) එය විසඳාගත යුත්තේ මෙරට ය. තමන්ට අවශ්‍ය පරිදි ප්‍රශ්න විසඳීමට විදේශවල සහාය පැතීම රාජද්‍රෝහී ක්‍රියාවක් නොවේ නම් වෙන කුමක් ද? මෙහි දී ප්‍රශ්නය තවත් උග්‍ර වන්නේ විදේශවලට ද ඔවුන්ගේ ඊනියා විසඳුමක් තිබීමත් ඔවුන් දෙමළ ජාතික සංධානය මගින් එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත් නිසා ය. එදා මුගලන්ලා දඹදිව යෑම නැවැත්වීමට ක්‍රමයක් නො තිබිණි. එහෙත් අද සම්බන්ධන්ලා ඉන්දියාවේ "සේනා සංවිධානය" කරමින් රාජද්‍රෝහී ක්‍රියාවල නිරතවීම නැවැත්වීමට නීති සම්පාදනය කිරීමට හැකි විය යුතු ය. එහි ඇති ඊනියා මානව අයිතියක් නැත. රාජද්‍රෝහී වීමටත් ඇතැමුනට මානව අයිතිවාසිකම් තිබිය යුතු යෑයි බටහිරයෝ පවසත් ද?
http://www.divaina.com/2014/06/08/nalin.html
Pic Source

0 comments:
Post a Comment