Pages

Tuesday, June 24, 2014

තම ජනනේන්ද්‍රය කපාගත් වටරැක විජිත භික්‌ෂුව???

වටරැක විජිත නමැති චීවරධාරියා තවදුරටත් භික්‌ෂුවක ලෙස හැඳින්වීම අප විසින් කරනු ලැබිය යුතුද? බොදු බලසේනාව සමග ගැටුමක්‌ ඇතිකරගෙන සිටි ඔහු එම සංවිධානයේ සිවුරු ගැලවීම සඳහා තෙමේම ගුටි ඇනගෙන, තෙමේම අත් පා කපාගෙන පානදුරේ හිරණ පාලම අසල නිරුවතින් වැටී සිටීමෙන් පත්තු කරන්නට තැත් කළ බෝම්බය පොඩි එකක්‌ නොව ලොකුම ලොකු එකකි. චීවරධාරී විජිත වැටී සිටි ආකාරයට අනුව වැඩි දෙනකු සැක කළේ බොදුබල සේනාව ඔහුට නෙලන්නට ඇති බව ය. ඔවුන් සියලු දෙනාම කලබලවී බොදුබල සේනාවේ තුන් හතරනමකට කැඩුම් බිඳුම් වාට්‌ටුවට යන මගක්‌ ඇති කළේ නම් බෞද්ධ භික්‌ෂුවකට පහර දිය යුතුද' යන සංවාදය පටන් ගන්නේය. එම සංවාදය පැවැත්වෙන අතර බොදුබල සේනාවට පක්‍ෂ සහ විපක්‍ෂ කොටස්‌ අතර ගුටි කෙළියක්‌ හට ගන්නේය. මෙසේ අයාලේ වීථි බැස සටන් කරන කාලකණ්‌ණියෙක්‌ මුස්‌ලිම් කඩයකටද තවත් එකෙක්‌ සිංහල කඩයකට ද ගිනි තැබුවොත් එතැන් සිට පටන් ගන්නේ ජාතිවාදයේ රුදුරු ගින්නය. මේ ගින්න පත්තු වන ආකාරය දැකීමට මුලින්ම එන අය අතර මුලින්ම සිටින්නේ නවනීදන් පිල්ලේ ය. එතැන් පටන් ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා ගොනු කිරීම තව තවත් ඉක්‌මන් කිරීමට අපේ රටේ හතුරන්ට ඉඩ ලැබෙන බව සියලු දෙනාම මතක තබාගත යුතුය. මේ ගින්න දල්වන ලද්දේ වටරැක විජිත නමැති චීවරධාරියා විසින් බවත් ඔහු එසේ කළේ ඉතා පටු පරමාර්ථයකින් බවත් ඒ වන විට කාටත් අමතකය. ඒ වෙලාවට අපට දැකගත හැකි වන්නේ ජාතිවාදය නමැති රා කළය පානය කර බඩගෙඩිය තර කරගෙන මොළ ගෙඩිය රතු කරගෙන පාරවල් දිගේ කඩු ගාගන්නා අමන රැලකි. මෙවැනි දෙයක්‌ සිදු නොවූයේ ජාතියේ පමණක්‌ නොව දෙතුන් ජාතියේම වාසනාවට ය. ජාතිවාදී කෝලාහලයකදී එයට ප්‍රධාන වූ මූලික ජාතීන් දෙක පමණක්‌ නොව රටේ සිටින සියලු ජාතීන්ද ගෙදර සිටින බලු බළල් සත්ත්ව ගහනය ද ගුටි කති. අප දෙතුන් ජාතියේම වාසනාව යනුවෙන් යොදන්නේ ඒ බැවින්ය.

වටරැක විජිත නමැති චීවරධාරියාට බොදුබල සේනාව සමග ප්‍රශ්න කිහිපයක්‌ තිබේ. වතාවක්‌, බොදුබල සේනාවේ හිතවතුන් පිරිසක්‌ වටරැක විජිතයන්ගේ සිවුර අරවනු පිණිස ඔහු පසුපසින් පන්නාගෙන ගියහ. එය රූපවාහිනියෙන්ද පෙන්වන ලදී. එදා අපි ඒ මිනිසුන්ට ඉතා නරකට බැන්නෙමු. බෞද්ධ භික්‍ෂුවකට පහර දීම නීච ක්‍රියාවක්‌ ලෙස හෙළා දැක්‌කෙමු. එහෙත් වටරැක විජිත යනු කපටි කොන්ත්‍රාත්කාරයකු බව ඒ වන විට අප දැන සිටියේ නැත. මේ සිද්ධියෙන් පසු බොදුබල සේනාවේ උන්නාන්සේලා පිරිසක්‌ රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාගේ කාර්යාලයට ගොස්‌ චීවරධාරී විජිත සොයා මහත් කලබලයක්‌ කළහ. චීවරධාරී විජිත පානදුරේ හිරණ පාලම ළඟ හෙළුවැල්ලෙන් සිටින බව අප දැන ගත්තේ එයින් සති කිහිපයකට පසුව ය. ඔහු හෙළුවැල්ලෙන් සිටින්නේ අම්බානකට ගුටි කෑමෙන් පසුව බව සැක කළ අපි ඔහුට පහර දුන් අයට කතුවැකියකින් පහර දුන්නෙමු. අන්තිමේදී බලනවිට අප පහර දී ඇත්තේ වටරැක විජිතටම ය. මන්ද ඔහුට ගුටි දීගෙන ඇත්තේ ඔහු විසින්ම ය.

දෙවැනි ලෝක යුද සමයේදී ජර්මනියේ යුදෙව්වන්ට විරුද්ධව ජාතිවාදී ගිනි ඇවිලවීම සඳහා හිට්‌ලර්ගේ ගෝලයෝ කපටි වැඩපිළිවෙලක්‌ අනුගමනය කළහ. එනම්, යුදෙව්වන්ගෙන් ගුටි කෑ බව කියමින් ජර්මන්කාරයන් නගරයේ තැන තැන වැටී සිටීමය. සමහර විට ජර්මන්කාරයන්ගේ කඩවලට හිටි ගමන් ගිනි ඇවිලිණි. කඩකාරයන් කිව්වේ යුදෙව්වන් තම කඩවලට ගිනි තැබූ බවය. මෙයින් පටන්ගත් ජාතිවාදී ගින්න ජර්මනිය වසා පැතිර ගොස්‌ මුලු ලෝකයම වසා ගත්තේය.

චීවරධාරී විජිත ද ඒ පරම්පරාවේ කෙනකු යළි ඉපදීමකි.

http://www.divaina.com/2014/06/24/editor.html

Pic Source

0 comments: