Pages

Wednesday, June 4, 2014

රාජ්‍ය වාණිජ ආයතන 12 ක ගිය වසරේ පාඩුව රු. කෝටි 4575 ක්‌. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රු.කෝටි 2882.7

රාජ්‍ය වාණිජ ආයතන 55 න් 12 ක්‌ ගිය වසරේදී මෙහෙයුම් අලාභ වාර්තා කර ඇත. මෙම ආයතන දොළහේ මුළු අලාභය රු කෝටි 4575.9 ක්‌ පමණ වේ.

තෙල් සංස්‌ථාව රු. කෝටි 798.4 ක්‌ ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්‌ඩලය රු. කෝටි 433.3 ක්‌ ද, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රු.කෝටි 2882.7 ක්‌ ද මිහින් ලංකා පුද්ගලික සමාගම රු. කෝටි 195.6 ක්‌ ද, කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්‌ඩලය රු. කෝටි 165.6 ක්‌ ද, මිල්කෝ සමාගම රු. කෝටි 26.7 ක්‌ ද, ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය රු. කෝටි 8.5 ක්‌ද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව රු. කෝටි 20.1 ක්‌ද, ශ්‍රී ජයවර්ධනපුර රෝහල රු. කෝටි 7 ක්‌ද, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව රු. කෝටි 13 ක්‌ද, ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්‌ථාව රු. කෝටි 17 ක්‌ සහ ලංකා ධීවර සංස්‌ථාව රු. කෝටි 8 ක්‌ ද වශයෙන් මේ මෙහෙයුම් අලාභ ලබා ඇත.

මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ නවතම වාර්ෂික වාර්තාවෙන් (2013) මේ තොරතුරු අනාවරණය කර ඇත.

මෙසේ රාජ්‍ය වාණිජ ආයතන 12 ක්‌ පාඩු ලැබුවද තවත් රාජ්‍ය වාණිජ ආයතන 43 ක්‌ම ලාභ ලබා ඇත. මේ අනුව රජය සමස්‌ත වාණිජ ව්‍යවසායයන් 2012 වසරේදී වාර්තා කර තිබූ රු. බිලියන 109 ක අලාභයට සාපේක්‍ෂව 2013 වසරේදී රු. බිලියන 44 ක බදු පෙර ලාභයක්‌ වාර්තා කිරීමට සමත් වී ඇති බව ද එහි තවදුරටත් සඳහන්ය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/06/01/news11.html

Pic Source

0 comments: