මොබිටෙල් සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව මහනුවර දී ආරම්භ කළ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියට ඉහළ ජන සහයෝගයක් පසුගියදා ලැබිණි.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීම මහනුවර කටුගස්තොට පාරේ නගර සභා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අවස්ථාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල තොගයක් ප්‍රදේශවාසීන් විසින් ලබා දෙන ලදී.
අපද්‍රව්‍ය රැස්කිරීමේ ව්‍යාපෘතිය මොබිටෙල් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති සේන දිසානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
එහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා - පරිසර ප්රශ්නය වැළැක්වීමේ සහ පරිසර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සෑම විටම සංවේදීව ක්‍රියා කළ රටක් බව පැවැසීය.
"පරිසරය පූජනීයයි" යන ප්‍රතිපත්තිය මත කටයුතු කරන මධ්‍යම පළාත් සභාව මධ්‍යම කඳුකරයේ පරිසරය ආරක්ෂා නොවුවහොත් මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන ප්‍රධාන ගංගා ජලය මගින් රටේ විශාල කොටසකට හානියක් සිදු විය හැකි බවද ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා කීවේය.
මහනුවර නියෝජ්‍ය පුරපති වැඩබලන නගරාධිපතිවරයා ලෙස සහභාගි වෙමින් මහනුවර නාගරික සීමාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ 2012 වර්ෂයේ දී අපද්‍රව්‍ය රැස්කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කළ බව කීවේය.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණයේ දී මොබිටෙල් ආයතනය පරිසර අධිකාරිය සමඟ ඒකාබද්ධ වීම අගය කළ යුතු යෑයිද සේන දිසානායක මහතා කීවේය.
ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අති විශාල වශයෙන් අපද්‍රව්‍ය එක් රැස්වන ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම සමස්ත ප්‍රජාවගේම වගකීමක් බව පෙන්වා දුනි.
සිරිල් විමලසුරේන්ද්‍ර

0 comments:
Post a Comment