ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට හැකි බව රජය ඉන්දීය නව අගමැතිවරයාට දන්වා ඇත.
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ සඳහන් පරිදි පොලිස් බලතල උතුරට ලබාදුන්නොත් පොලිස් දෙපාර්තමේන්තුව මුළුමනින්ම බිඳවැටීමකට ලක්‌වන බව රජය අවධාරණය කර තිබේ.
උතුරේ ජනතාව වෙනුවෙන් 13 වැනි සංශෝධනය හා ඉන්පසුව ඊට ඔබ්බෙන් යන බලතල බෙදීමක් සිදුකළ යුතු බවට නරේJද්‍ර මෝදි අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබිණි.
පවතින තත්ත්වය මත වුවද පොලිස් බලතල දුන්නොත් මුළු ශ්‍රී ලංකා පොලිසියම කැබලි 9 කට කැඩෙන බවද ද්‍රවිඩ පොලිස් සේනාංකයක් පිහිටුවා යළිත් වර්ගවාදී අරගලයක් ඇති කිරීමට උතුරු පළාත් සභාවට ඉඩ ලැබෙන බවද ශ්‍රී ලංකා රජය පෙන්නුම් කර තිබේ.
13 වැනි සංශෝධනය යටතේ අනිකුත් බලතල උතුරු පළාත් සභාවට දිය හැකි බවද ශ්‍රී ලංකා රජය ඉන්දීය බලධාරීන්ට දැනුම්දී තිබේ.
උතුරු පළාත් සභාව දැනටමත් මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ව සමරන නිසා පොලිස් බලතල ලබාදුන්නොත් ත්‍රස්‌ත කටයුතු ගැන විමර්ශනය කිරීම මුළුමනින්ම නතරවන බවද ශ්‍රී ලංකා රජය කියා සිටී.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/06/01/news01.html
Pic Source

0 comments:
Post a Comment