බුදු දහමට අගෞරව කරන භික්‍ෂුන් වහන්සේලාට උසාවියෙන් දඬුවම් කිරීම මගින් භික්‍ෂුව හෑල්ලුවට ලක්‌වන බව එ.ජා.ප. නායකත්ව මණ්‌ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා කොස්‌ගොඩ සුනන්දාරාම විහාරයේ පැවැති උත්සවයකදී පවසා තිබේ. එය එසේ විය යුතු නම් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාට වෙඩි තබා මැරූ තල්දූවේ සෝමාරාම හිමි සිවුරු හැරීමකට පමණක් ලක්‌ව සිය අවසන් කාලය නිදහස් සමාජයේ ගත කරන්නට ඉඩ තිබිණ. බණ්‌ඩාරනායක ඝාතනය සැළසුම් කළ මාපිටිගම බුද්ධරක්ත හිමි හිරේ නොගොස් උපැවිදි කිරීමකට පමණක් ලක්‌ව නිදහස් සමාජයේ ජීවත් වීමට ඉඩ තිබිණ. මන්ද සාපරාධී ක්‍රියාවක යෙදුණ භික්‍ෂුවක් එල්ලුම් ගස් යෑවීමට බලයක් උසාවියකට හැර සංඝාධිකරණයකට නැත. එවැනි භික්‍ෂුවක් හිරේ යෑවීමට ද සංඝාධිකරණයකට බලය නැත. සංඝාධිකරණය සතුව හිරගෙවල් නැත. ඒ නිසා මේ රටේ සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයකු වන කරු ජයසූරිය මහතා වැනි උගත් වෘත්තීයවේදියෙක් පන්සලක කතාවක් පවත්වන විට භික්‍ෂුන් වහන්සේලා ඒ වේලාවට සතුටු කරන 'එදා වේල ටුවර්ස්' කතා නො කළ යුතුය. භික්‍ෂූහු මෝඩයෝ නොවෙති. මෝඩයෝ දේශපාලනඥයෝ ය.
*** *** **** *** ***
කෙසේ වුවද කරු ජයසූරිය මන්ත්‍රීතුමාගේ කතාව නිසා අපට කිසියම් වැදගත් සංවාදයකට එළඹීමට හැකියාව තිබේ. ඒ වූ කලී නූතන භික්‍ෂු සමාජය සහ භික්‍ෂුත්වය පිළිබඳ මතුව තිබෙන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමයි. භික්‍ෂුත්වය යනු එදත් අදත් කවදත් අතිශයින්ම දුෂ්කර වූ ව්‍යායාමයකි. ඇතැම් පෘථග්ජනයන් කල්පනා කරන්නේ සිවුරක් පොරවා ගත් සැනින් භික්‍ෂුවක බිහිවන බවත් එතැන් පටන් උන්වහන්සේට දාන-මාන ඇතුළු හතර මහ නිධානය පහළ වන බවත් ය. මෙය ඉතා මෝඩ සිතුවිල්ලකි. සිවුරක් දමා ගැනීමත් සමගම කෙනකුට බොහෝ දේ අහිමි වෙයි. පළමු කොට ඔහුට ඔහුගේ සුපුරුදු ජීවිතය අහිමි වෙයි. දෙවනුව ඔහුගේ පරිසරය අහිමි වෙයි. තෙවනුව ඔහුගේ දුවන හිත එක තැනක රඳවා ගැනීමට සිදුවෙයි. ඔහු සිවුර පොරවා ගත්තේ නිවන් මඟ සාක්‍ෂාත් කර ගැනීමට බව ඇත්තයි. එය අවසාන ඵලයයි. මුල් වරට සිවුර පෙරවූ පසු සාමනේර නමක් වන ඔහු ඉන්නේ අවසන් ඵලය දක්‌වා ගමන් කරන මාර්ගයේ මුල් තැන ය. ඒ මාර්ගය 'මග නැගුම' යටතේ සාදන ලද කාපට් පාරක් නොවේ. නිවන දක්‌වා යැමට ගතවන කාලය එක් ජීවිත කාලයක් විය හැකිය. නැත්නම් සංසාර ගමන තුළ සිදු කෙරෙන දීර්ඝ කාලයක් විය හැකි ය. මේ දීර්ඝ කාලය පසෙක තබමු. මේ ජීවිත කාලය ගැන පමණක් කතා කරමු. අද නගරාසන්නයේ තිබෙන පන්සල් බොහොමයකට දානය ලැබෙන්නේ නැත. මන්ද, පන්සල අවට සිටින මිනිසුන්ට කන්ට නැත. ඒ නිසා භික්‍ෂුව දානය සම්පාදනය කරගත යුතුය. භික්‍ෂුන් වහන්සේලා පිරිවෙනකට ඇතුළත් කළ විට බස් එකේ නිකම් ගෙනියන්නේ නැත. ඒ සඳහා උන්වහන්සේලා සල්ලි ගෙවිය යුතුය. පිරිවෙනේදී පාඩම් ලියා ගැනීමට උන්වහන්සේලාට පොත්, පෑන්, පැන්සල් අත්‍යවශ්‍යය. 'වැලිපිල්ල' තවදුරටත් නැති අතර එය තිබුණත් එහි පාඩම් ලියාගෙන කරේ තබාගෙන පන්සලට ගෙන යැමට බැරිය. කොළඹ ඉගෙනුමට එන තරුණ සාමනේරයන් වහන්සේලාට නවාතැන් පහසුකම් නැත. හරියාකාර සිවුරු අඳනකඩ පවා නැති භික්‍ෂුන් වහන්සේලා ඕන තරම් පන්සල්වල සිටිති. කොටින්ම කියතොත් ගිහි ජීවිතයට වඩා ශ්‍රමණ ජීවිතය අති දුෂ්කරය. මේ අනුව පළමු කොට ශ්‍රමණ ජීවිතයට ඇතුලු වන අයට සම්මාන දිය යුතුය. දෙවනුව ශ්‍රමණ ජීවිතය පවත්වාගෙන යන භික්‍ෂුන්ට සම්මාන දිය යුතුය. අප කරන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි දෙයයි. එනම් සංඝ සමාජය විවේචනය කිරීම යි. මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්‌ථාවේදී පොලිස් කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්‍ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු. භික්‍ෂූහු මෝඩයෝ නොවෙති.
http://www.divaina.com/2014/06/27/editor.html
Pic Source

0 comments:
Post a Comment