Pages

Thursday, June 26, 2014

අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! - මාධ්‍ය ගොලුවතට බොදු සංවිධාන 23ක විරෝධය

අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන  බලවත් කනස්සල්ල පළ කරන බව බෞද්ධ සංවිධාන විසි තුනක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය,කොළඹ තරුණ බෞද්ධ සංගමය,රාජ්‍ය සේවා  බෞද්ධ සංගමය,කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය,ජයග්‍රහණය සංවිධානය ,බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව,ධර්ම විජය පදනම,ජාතික සංඝ සම්මේලනය,බොදු බල සේනා ,සිංහල රාවය ජාතික සංවිධානය,සිංහල වීරවිදහන,ජාතික විද්වත් සභාව,බෞද්ධ බල කේන්ද්‍රය,හෙළ බොදු සවිය,දේශප්‍රේමී විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ,ස්වර්ණ හංස පදනම,හෙළ දැය වඩන්නෝ,රාවන සවිය ජාතික සංවිධානය ,හෙළ යුගය ජාතික සංවිධානය,හෙළ විජය ජාතික ව්‍යාපාරය,ඓතිහාසික පුද බිම් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය,ශාන්ති පදනම,ශ්‍රී ලංකා මහාබෝධි පදනම එම සංවිධානයෝය.
පසුගිය 22 වැනිදා කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට රැස්ව මෙම ඒකාද්ධ ප්‍රකාශය නිකුත් කළේය.
එහි මෙසේ සඳහන් වේ.

පසුගිය පොසොන් පොහෝය දිනයේදී (2014-06-12) පතිරාජගොඩ,කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්මදේශනයක් සඳහා  පතිරාජගොඩ ශ්‍රී විවේකාරාමයට වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී  පිරිසක් පාර අවහිර කිරීමත් උන් වහන්සේට පහර දීමත්  හේතුකොටගෙන ඇති වු  සිදුවීම් දාමය පිළිබඳව  විවිධ මත විචාර,විග්‍රහ දේශිය හා විදේශිය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශට පත් කැර ඇත.
එමගින් අයගම සමිත  ස්වාමීන්වහන්සේට හිමි වු අසාධාරණයත් ගැටුම්කාරී තත්ත්වයෙන් පසු  මෙම ප්‍රදේශයේ බෞද්ධ  ජනතාවට සිදු වු  අසාධාරණයත් අප තුළ බලවත් කනගාටුවක් හා කනස්සල්ලක් ඇති කරයි.මෙම සිදුවීම් දාමයේ  සත්‍ය කතාවේ ඇත්ත නැත්ත මාධ්‍ය මගින් වසා දමමින්  බෞද්ධ ජනතාවගේ හඬ සැළැසුම් සහගතවම  වාරණයකට ලක් කරන ලදි.එබැන්  ඒ පිළිබඳව අපගේ  බලවත් අප්‍රසාදය රජයට පළ කර සිටින අතර මේ රටේ බෞද්ධ භික්ෂුන් වහසේලාටත් බෞද්ධ ජනතාවටත් දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය බොරු ප්‍රචාර හරහා සිදු වු අප කීර්තියට හා අගෞරවයට බෞද්ධ විරෝධි මාධ්‍ය වාරණයකට කටයුතු කළ බලධාරීන් මෙහි වගකීම බාර ගත යුතුය.
බොහෝමයක් දේශිය විදේශිය මාධ්‍ය හරහා ගෙන ගිය මෙම සිදු වීම මුල් කර ගෙන ප්‍රචාර වලින් සිදු වුයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයා ස්ලාම් ,කිතුනු,හින්දු කිසිදු ආගමක් නොඉවසන ආචාරශිලී ගෝත්‍රවාදී අන්තවාදී සමාජයක් ලෙස පෙන්වාදීමටය.
අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව රටට හෙළි කර නීතීය ක්‍රියාත්ම කරනවා වෙනුවට සිංහල බෞද්ධයන්ගේ හඩට මුකවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒක පාර්ශවික ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව අප හෙළා දකින අතර සිංහල බෞද්ධ සමාජයට කළ අසාධාරණය පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල හා විරෝධය මෙයින් පළ කර සිටින අතර අලුත්ගම සිදු වීමේ සත්‍ය කතාව පහත සැකෙවින් දක්වමු.
01පොසොන් පොහොය දින පතිරාජගොඩ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්වාමීන්වහන්සේ ධර්ම දේශනයක් සඳහා වැඩම කරමින් සිටියදී  පිරිසක් පාර හරස්කරගෙන සිටීම නිසා ඔවුන්ට ඉවත් වන ලෙස දැනුම් දීම හේතු කරගෙන ගැටුමක් ඇති විය.
02එහිදී එම තරුණයින් පිරිසක්  අයගම සමිත ස්වාමීන්වහන්සේට පහර දුන් අතර මේ පිළිබඳව අලුත්ගම පොලීසියට පැමිණිලි කරන ලදි.පැමිණිල්ල විභාග කර  සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නවා වෙනුවට  පොලීසිය හිතාමතාම  සිද්ධිය සම්බන්ධ  අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින් බොහෝ වෙලාවක් රස්තියාදු කරන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.මෙම පහරදීම සම්බන්ධ අය  පොලීසියට ගෙනවිත්  සමාව ඉල්ලා සිටින්නේ නම් මෙය සමතයකට පත් කැර ගැනීමට අයගම  සමිත හිමියන්  එකඟතාව ද පළ කළේය.පොලීසිය නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වු නිසා  පහරකෑමට  ලක් වු අයගම සමිත හිමි රෝහල් ගත විය.
නීතීය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීම නිසා  අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්වු  බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති විය.මෙම සිදුවීමෙන් පසු  ප්‍රදේශය පුරා බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවයක් හා ආතතියක් ඇති විය.ඒ වගේම කටකතා ද පැතිර ගියේය.
මෙම තත්ත්වය හේතු කරගෙන අලුත්ගම බේරුවල ශාසනාරක්ෂක බලමණ්ඩලය හා භික්ෂුන් වහන්සේලා එකතුව මෙයට විරෝධය පළ කිරීම සඳහා අයගම සමිත ස්විමීන්වහන්සේ පිළිගෙන  විහාරස්ථානයට  වැඩම කරවීම සඳහා  2014-06-15 වැනි ඉරු දින බොදු  හමුවක් අලුත්ගම නගරයේ පැවැත්වීමට  කටයුතු කෙරිණි.
එම බොදු හමුව බොදු බල සේනා හෝ සිහල රාවය  විසින් සංවිධානය  කරන ලද්දක් නොවේ .ජාතික මට්ටමේ බෞද්ධ  සංවිධාන වලට ද මෙම අවස්ථාවට ආරාධනා කරන ලදි.එම බොදු හමුවට පොලිස් අවසරය ලැබුණු අතර  සිද්ධීය වු පතිරාජගොඩ දර්ගා නගරය වෙනුවට අලුත්ගම  නගරයේ මේ බොදු හමුව පැවැත්වුයේ ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ චේතනාව නිසාමය.
04මෙවැනි සිද්ධියකින් පසු පැවැත්වෙන  බොදු හමුවක ආවේගශිලී හැගීම්බර  කතා පැවැත්වුවද  කිසි විටෙකත් මුස්ලිම් ජාතිකයින්ට පහරදීමට මෙම රැස්වීම තුල පෙළඹවීමක් ඇති කළේ නැත.
මෙම රැස්වීම පුරා සිංහල බෞද්ධයන්ට ඇති වු අසාධාරණයන් හා දුක් ගැනවිලි විවිධ ස්වරයෙන් ඉදිරිපත් විය.
පොලීසියේ, දේශපාලනඥයනේගේ හා  ඇතැම් අන්තවාදී අයගේ ක්‍රියා කලාප එහිදී  විවේචනයට ලක් විය.බොදු හමුව  නිමා වීමෙන් පසුව සාමකාමී පිරිස විසුරුවා හැරීමට සංවිධායක භික්ෂුන් වහන්සේලා  කටයුතු කළ අතර  ඒ ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  රණගල මහතා වේදිකාවට නැඟ භික්ෂුන් වහන්සේලාට ස්තූති කළේය.
ඉන්පසු භික්ෂුන් වහන්සේලා  කිහිප නමක් සමඟ අයගම සමිත හිමියන් උන්වහන්සේගේ  විහාරස්ථානයට වැඩම කරවීමට පා ගමනින් ගිය අවස්ථාවේ දී දර්ගා නගරයේ ද පොලු වලින් හා ගල් මුගුරුවලින් පහර දෙන්නට වු අතර එහිදී  මාගල් කන්දේ සුධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා  කිහිප නමක්  පහර කෑමට ලක් වු අතර එල්ල වු  පහරකින් බිම ඇද වැටුණු සුධම්ම හිමියන්  සිහිසුන් වීමෙන් පසු රෝහල්ගත කැරිණි.
ප්‍රහාර මැඩ පැවැත්වීමට පොලීසිය අසමත්වීමත්  බොදු හමුවට සහභාගී වී විසිර යමින් සිටි පිරිසට මෙම ආරංචියත් සමඟ නැවත එකතු වී  පහර දෙන පිරිස් වලට පෙරළා පහර දෙන්නට පටන්ගත් අතර එතැන් සිට සිදු වු ප්‍රචණ්ඩකාරී හා  ගැටුම්කාරී තත්ත්වය සියලු දෙනා දන්නා කරුණකි.
මෙම ගැටුම් වලින් පතිරාජගොඩ ගම්මානයේ සිංහල බෞද්ධ  ජනතාවට සිදු වී ඇති අලාභහානී මෙන්ම වැලිපැන්න නගරයේ බුදු මැදුරටත් එහි සිංහල ව්‍යාපාරික ස්ථාන වලටත්  සිදු වී ඇති හානීය සුපුරුදු පරිදි රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝග මගින් මාධ්‍ය වාරණයකට ලක් විය.
බෞද්ධ ජනතාවගේ විරෝධතා උද්ඝෝෂණ තහනම් කැරිණි.එහෙත් ඇතැම් කණ්ඩායම් බෞද්ධ විරෝධි ප්‍රකාශ හා විදේශිය වශයෙන් බොරු ප්‍රචාර ගෙන යාමට ද ඉඩ ලබා දෙන ලදි.එම සිද්ධි වලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් වලදී  අපක්ෂපාතීව කටයුතු කරනවා වෙනුවට පක්ෂග්‍රාහීව කටයුතු කළ බව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා දාමයෙන් මේ වන විටත් මොනවට පැහැදිලි වෙමින් ඇත.පෙට්‍රල් බෝම්බ අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දින දෙකකදී  ඇප ලබා නිදහස ලබද්දී මෙම සිද්ධී හා සම්බන්ධ යැයි කියමින් අත්අඩංගුවට ගන්නා නිරායුධ සිංහල තරුණයින් සති ගණන් බන්ධනාගාර ගත කැර ඇත.
නීතීය පක්ෂග්‍රාහීව සිදු වන බව ප්‍රදේශවල දැන් සිදුවෙමින් තිබෙන  සිදුවීම් වලින් පැහැදිලි වන අතර එය ප්‍රදේශයේ බෞද්ධ ජනතාව  අතර නොසන්සුනාතාවක් ඇති කිරීමට හේතු වී ඇත.
මෙමගින් අප බලාපොරොත්තු වන්නේ මාධ්‍ය මගින් වාරණයකට ලක් වු  අලුත්ගම කතාවේ ඇත්ත නැත්ත ඔබ හමුවේ තබමින් බෞද්ධ ජනතාවගේ සිත් තැවුල් පිළිබඳව අවධානය කරමින් ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට මිස ජාතිවාදයක් හෝ ආගම්වාදයක් අවුස්සන්නට නොවන බව කරුණා මෛත්‍රීය පෙර දැරිව දන්වා සිටීමට කැමැත්තෙමු.

http://www.lankadeepa.lk/index.php/articles/245246

More Pics Here (Photo Courtesy - JHU Media)

සබැඳි ලිපි -
ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද?HTTP://DENETHHARINNA.BLOGSPOT.COM/2014/06/BLOG-POST_24.HTML
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: