අනුරාධපුර සහ මිහින්තලේ ඓතිහාසික සිද්ධස්‌ථාන කේන්ද්‍ර කර ගනිමින් ජුනි මස 09 වැනිදා සිට 15 වැනිදා දක්‌වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සැමරීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සංවිධානය කර ඇති බව අනුරාධපුර හා මිහින්තලේ පොසොන් උත්සව කමිටුවේ සභාපති හා අනුරාධපුර දිස්‌ත්‍රික් ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා පැවසීය.
"කළගුණ සමරමු මිහිඳු හිමි සමරමු" යන්න මෙවර රාජ්‍ය පොසොන් සතියේ තේමාව වී තිබේ.
මෙවර පොසොන් උත්සවය සැමරීම සඳහා දිවයිනේ සිව් දෙසින් දහසය ලක්‍ෂයකට අධික ජනකායක් අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්‌ථානය, මිහින්තල රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ ඓතිහාසික රජමහා විහාරස්‌ථානය වෙත පැමිණෙනු ඇති බවට විශ්වාස කරන පොසොන් උත්සව කමිටුව එසේ පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සහ සේවාවන් සැලසීමට පියවර ගෙන ඇති බව අනුරාධපුර දිස්‌ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා කීවේය. අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ශාස්‌ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත පොසොන් පිංකම් සංවිධානය කර ඇත.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු සහ කහටගස්‌දිගිලිය - ජී. රාජරත්න
http://www.divaina.com/2014/06/03/provin03.html
Pic Source

0 comments:
Post a Comment