Pages

Tuesday, June 24, 2014

ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද?

          සිංහල බෞද්ධයන් සතුව තිබෙන ඉවසීම මෛත්‍රිය කරුණාව ආදිය නිසාම ඔවුහු අද බෙහෙවින්ම පීඩාවට පත්ව සිටිති. ලෝකයේ සුළුතරයක් බැවින් මූල්ධර්මවාදී සංවිධාන විසින් ඔවුහු වටලෑමට යටත්ව සිටිති. පසුගිය කාලයේ දී ඇතිවූ ඊලාම් අක්‍රමණය පිටිපස සිටියේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ය. එම ආක්‍රමණය මර්දනය කිරීමට දේපළ  හා ජීවිත රාශියක් පූජා කිරීමට සිංහලයන්ට සිදු විය. යුධ හමුදාවට බැඳුණු සිංහල භටයන් විසිදහසක් පමණ යුද්ධයේදී මිය ගියේ මේ ආක්‍රමණය මර්දනය කිරීමටයි. එහෙත් මෙම ආක්‍රමණය ත්‍රස්තවාදයක් ලෙසට පමණක් දැකීම නිසා යළිත් එම ප්‍රශ්ණය විවිධ වේශයෙන් රට තුළ මතුව තිබේ. එකක් නම් දෙමළ ඩයස් පෝරාව විසින් ජාත්‍යන්තරය මත බලහත්කාරයෙන් පටවා ඇති ඊළාම් මතවාදය වෙතින් එන පිඩනයයි. අනෙක් නම් මුස්ලිම් මූලධර්මවාදීන් ගෙන් එන පීඩනයයි. පසුගිය පොසොන් පොහොය දින ධර්ගානගරයෙන් මතු වූයේ මුස්ලිම් මූලධර්මවාදීන් ගේ අක්‍රමණික ස්වභාවයයි.

         මීට වසර අනූනවයකට පළමු ගම්පළදී මතු වූ මුස්ලිම් මූලධර්මවාදයද එලෙසම රට තුළ ගිනිදැල් අවිලූවූයේය.සිංහල බෞද්ධයන් විසින් වාර්ෂිකව පැවැත්වු දන්සැල් නිසා මුස්ලිම් වෙළෙන්දන්ට වන හානිය මේ මූලධර්මවාදීන් විසින් එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පල්ලි ඉදිරියෙන් සිංහල බෞද්ධ පෙරහැර පැවත්වීමද බාධාවක් බව ප්‍රකාශ කළහ.  එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පතිව සිටි ඩව්බිගින්  ඇතුළු පොලිස් හමුදාව මගින් දැඩි ලෙස සිංහලයන් මර්දනය කරමින් ඇතෙමෙක් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවා ඝාතනය කළහ. මේ පුසුබිම යටතේ ඇතිවූ භීෂණය විසින් සිංහලයා සිය නිදහස් ව්‍යාපාර දෙසට තව තවත් තල්ලු කරන ලද බව ඉතිහාසය කියයි.

            අළුත්ගම ධර්ගා නගරය මුස්ලිම් අයගේ නගරයක් නොවේ. බෙන්තර ගඟේ තොටුපළ අසන්නයේ සිටි මුස්ලිම් වානිජයන් චීනවත්ත(චීන වෙලෙන්දන් ගැවසුණු තැන ) කාර්දියවත්ත(ගාර්දියවත්ත-security point ) අඹගහහන්දිය ආදී පෙදෙස් වලට කාලාන්තරයක් තිස්සේ පැතිරීමෙන් ඇතිවූ නගරයකි. මේ මුස්ලිම් අය තම ධන බලය නිසා කාලයක් තිස්සේ සිංහලයන් සතුව පැවැති දේපළ මිළදීගනිමින් මේ ව්‍යප්තිය සිදු කරන ලදහ. වර්තමානයේ දී පතිරාජගොඩ කුරුඳුවත්ත ආදී තැන්වල ඇති සිංහල ගම් වල හුදකලාව නිර්මාණය වන්නේ මේ ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. වසර සීයයක් ගත වන විට අද ධර්ගා නගරයේ සිංහලයෙකුට නිදහසේ තමන්ගේ ගමනක් පවා යෑමට නොහැකි තත්ත්වයක් උදාව ඇත.  කුරුදුවත්ත විහාරය ඉදිරිපසට ගවයෙකු ගෙනවුත්  මස් කර ගවයාගේ බෙල්ල සහ ශරීරයේ ඉතිරි කොටස් දමා යෑමට තරම් මුස්ලිම් අය සාහසික වූයේ මාසයකට පමණ ඉහතදීය. මේ පිළිබඳව අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ල තව වෙනතුරු විභාගකර නොමැත. මේ අක්‍රමණය ඔඩු දීවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොසොන් පොහෝ දා කුරුඳුවත්ත විහාරයේ පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් මැරයන් විසි පහර දෙනු ලැබිණි. මුලින් මහ පාරේ දී ඇතිවූ ආරෝව සංසිඳුණු නමුත් පසුව පන්සලට වැඩමවන ස්වාමීන් වහන්සේ හඹා ගොස් පහර දීමට තරම් ඔවුහු සාහාසික වූ බව පැහැදිලිය.අළුත්ගම නගරයේ සිට කුරුඳුවත්ත විහාරයට යෑමට තිබෙන් මග වැටී ඇත්තේ ධර්ගානගරය හරහාය. අළුත්ගම බොදු සමුළුවෙන් පසුව උන්වහන්සේ  ඇරලවීමට ගිය දායකයන්ට හා රථ පෙළට චීන වත්ත පල්ලියේ සිටි මැරයන් පිරිස පහර දුන්හ. මවරලේ සුධම්ම ස්වාමීන් වහන්සේට සිහිසන් නැතිවන සේ පොල්කින් පහර දුන්හ.  එහෙත් පොලිසිය ක්‍රියාකලේ කිසිවක් නුදුටු ලෙසය.

         කාලයක සිට මුස්ලිම් ජන කොටස් මූලධර්මවාදී ලෙසට එක් රොක් ව සිටිති. ඔවුහු පල්ලි ආශ්‍රිතව අවි ආයුධ ද රැස් කරන බවට නොයෙකුත් සාක්ෂි ලැබී ඇත. පසුගිය දා ධර්ගා නගරයෙන් හමුවූ පෙට්රල් බෝම්බ 56 එක් උදාහරණයක් පමණි. නමුත් පොලිසිය උතසාහ දරන ලද්දේ මේ අවිආයුධ පෙන්වූ ස්වාමීන් වහන්සේ සමග ඡායාරූප ගත කෙට උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කරීමයි. නමුත් හමුදාවේ මැදිහත් වීම මත මේ නිහීන ක්‍රියාව වැලකී ගියේය. වැලිපැන්න බෞද්ධ මන්දිරයට පහරදීමට මුස්ලිම් අන්තවාදීන් පැමිණෙන විට පොලිසිය එතැන රැඳී සිට ඇත. නමුත් ඒ ක්‍රියාව නැවැත්වීමට පොලිසිය ක්‍රියා නොකළහ. ඔවුහු බෞද්ධ මන්දිරයට ද පහර දී සිංහල කඩ දාහතරකට පමණ ගිනි තබා ඇත.මුස්ලිම් අයට වෙනම ක්වාසි අධිකරණ විවාහ නීති ආදිය ගෙන ඒම නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයද පීඩිවට පත් සිටිති. ඔවුහු බෞද්ධ සංවිධාන වලට මේ දුක් ගැනවිලි රාශියක් යොමු කර ඇති බවද දැන ගන්නට ඇත.

          මෙවැනි තත්ත්වයක් උදා වූයේ ක්ෂණිකව නොවේ. අමාත්‍ය අශ්රෆ් මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවා ඇති කරන ලද වර්ගවාදය ‍මෙහි ආරම්භයයි. දීඝවාපියේ කට්ටකාඩු ස්ථූපය ඩොසර්කිරීම තුළින් ලොවට පෙන්වූ මූලධර්මවාදය අද රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ ආක්‍රමණයක් බවට පත් වෙමින් ඇත. වරාය අධිකරණය වැනි ප්‍රබල ආයතන වල මුස්ලිම් අන්තවාදීන් ස්ථාන ගත කිරීම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ මුදල් වලින් ඇතැම් සිංහල ඇමතිවරුන් නඩත්තු කිරීම සිංහල ජන සමාජය සහ බෞද්ධ සංවිධාන තුළට සූක්ෂම අන්දමින් අන්තවාදීන්ගේ ඔත්තුකරුවන් ඇතුල් කිරීම මේ මූලධර්මවාදීන්ගේ අක්‍රමණික ස්වභාවයයි. ඒ තුළින් මුස්ලිම් අයගේ නීති විරෝධී ක්‍රියා අනුමත කරන මතයක්  දේශපාලන සමාජයෙහි ඇතිකර ඇත.මුස්ලිම් අයට විරුද්ධව ක්‍රියාකිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් රටවලින් තෙල් නොලැබෙන බවටද උදව් උපකාර නොලැබෙන බවටද මතයක් සිංහල ජන සමාජයට කාන්දු කර ඇත.  මුස්ලිම් මූලධර්මාවාදීන්    විසින් ධර්ගානගරයේ සිද්දිය ඇති කරීමට හේතු වූයේද මේ තත්ත්වය තව දුරටත් තහවුරු කරලීම පිණිසයි. ප්‍රකෝප වූ සිංහලයන් විසින් කඩ කීපයක් ගිනි තැබීමෙන් පසු ඒ බව වහාම ජගත් මාධ්‍යජාලයන් ඔස්සේ ප්‍රකාශ කිරීමට මේ මූලධර්මවාදීන් ක්‍රියා කළහ. වැලිපැන්නේ දී කළ කඩ ගිනි තැබීමෙන් හානි වූයේ මුස්ලිම් අයට පමණක් යයි ඒත්තු ගැන්වීමට මානව හිමිකම් නීතිඥ තුන්පළක් වහාම එහි කැඳවූ ඔවුහු ඒ සිද්දිය ජාත්‍යන්තරයට වාර්තා කළහ. නෝලිමිට් වෙළෙඳ ව්‍යාපාර වල හදවත පවතින්නේ  කොළඹ වුවුද පානදුර නෝලිමිට් ආයතනයට ගිනි තබා ගෙන එයද සිංහලයන් විසින් කරන ලදැයි දැක්වීමට වහාම කටයුතු කළහ. මේ මුස්ලිම් වටලෑම ගැන බබා හුකුන් දක්වන ආණ්ඩුව පොලිස් නිළධාරින් යොදවා ඉතිරි නෝලිමිට් ශාඛා වලටද ආරක්ෂාව සැපයීමෙන් කලේ ජාත්‍යන්තරයට යෑමට අවශ්‍ය තවත් දෘෂ්‍ය කරුණු රාශියක් ලබා දීම පමණි.

     මේ ගැටුම් අවශ්‍ය වන්නේ කාහට දැයි තවමත් සිංහල ජන සමාජයේ බහුතරයක් තේරුම් ගෙන නොමැත. නවසිය පහළොවේ අත්දැකීම් ඔවුහු ඉතිහාසයට සීමා තොට තිබේ. දේශපාලන පොතේ මේ පිළිබඳ කිසිම හැදෑරීමක් නැත.මුස්ලිම් ගැටුමක් අවදි වූ විට ඒවා බෞද්ධ සංවිධාන වල ගිණුමට බැර කොට ප්‍රශ්ණය තාවකාලිකව වසා දැමීමෙන් මුස්ලිම් වැටලෑමට තව තවත් ශක්තීන් එකතු වී තිබේ.මුස්ලිම් මූධර්මවාදයේ අවසාන බලාපොරොත්තුව ලංකාව තවත් ඇෆ්ගිනස්ථානයක් කිරීමයි. ලංකාවේ දේශපාලකයන් මුදලට ගෙන රවටා පසුව ඔවුන් ඝාතනය කිරීම දක්වා මේ තත්ත්වය දුර දිග ගෙනයෑමේ බලාපොරෙත්තුවක් නොමැති විය නොහැකිය. වර්ෂ 1565 දී දකුණු ඉන්දියාවේ දී කලේ මේ ටිකයි. පෘතුගීසීන් ගෝව යටත් නොකරන්නට දකුණු ඉන්දියාවද ලංකාවද එදා මුස්ලිම් රටවල් වීමට හොඳටම ඉඩකඩ තිබුණි. යලිත් මේ මතුව තිබෙන්නේ ඒ මුස්ලිම් ආක්‍රමණය බව සක්සුදක් සේ පැහැදිලිය. එහි එක් පියවරක් වන ජාත්‍යන්තර වටලෑම ට අවශ්‍ය කරුණු රාශියක් ධර්ගා නගරයේ සිද්දිය විසින් ලබා දී තිබේ. වත්මන් රජය මේ භයානක අනතුර තෙරුම් ගෙන නොමැත. මුස්ලිම් දේශපාලනඥයන් හුරතල් කරන තරමට මේ වටලෑම සීඝ්‍රවන බව පැහැදිලිය. ඒ නිසා අප වහාම කළ යුත්තේ අන්තවාදී සංවිධාන වල නිරුවත හෙළිකිරීමට අවශ්‍ය මතවාදය සමාජය තුල නිර්මාණය කිරීමයි.


http://seneviruwan.blogspot.com.au/2014/06/blog-post_21.html

Pic Source

සබැඳි ලිපි -
අලුත්ගමදී සිහලුන්ට මුසලු අන්තවාදී ප්‍රහාර. පිරිස් පහර දුන්නේ පල්ලියේ සිට. සිහලුන් තනිකර වටකර පහර දීලා. හිමිනමක් පල්ලියේදී කපා අසාධ්‍යයි!http://denethharinna.blogspot.com/2014/06/blog-post_7497.htmlපොසොන් පොහෝදා හිමිනමකට පහර දුන් මොහොමඩ් තිදෙනා යළි රිමාන්ඩ්http://denethharinna.blogspot.com/2014/06/blog-post_15.htmlදර්ගා මුසලු නගරයේදී දම් දෙසුමකට වැඩි භික්ෂුවකට පහරදීමෙන් අලුත්ගම නොසන්සුන්http://denethharinna.blogspot.com/2014/06/blog-post_4136.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/04/1915.html'අවිස්වාශ කරන්නවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. අ‍දේවවාදීන් දුටු තැන මරන්න' - කුරණයේ මෙහෙම තියෙනවද? ඔව්. මේ බලන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_9459.html
]

0 comments: