ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් අරාබි ජාතිකයන් පිරිසක් මුහුද අද්දර ප්‍රදේශයකට ගොඩබසින අයුරු දැක්වෙන විඩියෝවක් සමාජජාලාවල සංසරණය වෙමින් පවතී. එම පිරිස පැමිණෙන්නේ බදුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වනවිටත් විනාශ කරමින් පවතින විල්පත්තු රක්ෂිත කළාපයට බව එම වීඩියෝව සමග දැක්වේ.
කෙසේ වෙතත් ඔවුන් පැමිණියේ විල්පත්තු ප්‍රදේශයටද යන්න පැහැදිළි නැතත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් හිදී නව ඉස්ලාමීය ජනපදයක් ගොඩනැගීම සදහා පසුගිය 07 වනදා මුල්ගල් තබා ඇත. ඒ සදහා ශ්‍රී ලංකාවේ අරාබි එක්සත් එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ, ඩුබායිහී (ඩුබායි චැරිටි අසෝෂියේෂන්) නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීන් සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සහ වයඹදිග කළාපයේ නව ඉස්ලාමීය ජනපද ව්‍යාපෘති කිහිපයකට මූල්‍යාධාර සැපයීමට ඔවුන් ඉදිරිපත්වී සිටින අතර, රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත ප්‍රේරණ කළාපයේ මේවන විටත් ඉදිකර ඇති ජනපද ව්‍යාපෘතිය පුළුල් කිරීම සදහාද ඔවුන් දායකත්වය දක්වයි.
http://www.colombotoday.com/38696-26523363/
0 comments:
Post a Comment