Pages

Saturday, November 23, 2013

අපේ එළවළු පරිභෝජනය අඩුයි - ආචාර්ය රොහාන්

පුද්ගලයකු දිනකට ආහාරයට ගත යුතු එළවළු හා පලතුරු ප්‍රමාණය ග්‍රෑම් දෙසීයක්‌ වුවත් ශ්‍රී ලංකාවේ වැඩි දෙනකු ආහාරයට ගන්නේ ඉන් අඩක්‌ හෝ ඊට අඩුවෙන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රොහාන් විඡේකෝන් මහතා පැවැසීය.

එළවළු සහ පලතුරු පරිභෝජනය අඩුවීම හේතුවෙන් සිරුරට ලැබිය යුතු විටමින් සහ ඛනිජ ලවණ නොලැබී පෝෂණ ඌනතා ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. ඇතැමුන් කිසිදු පලතුරක්‌ නොගන්නා බව සමීක්‍ෂණයකදී හෙළිවී ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

විශේෂයෙන්ම දරුවන්ගේ අස්‌ථි සහ දත් වර්ධනය සඳහා අවශ්‍ය වන මෙම පෝෂ්‍ය පදාර්ථ ඔවුන්ට ලබාදීම මවුපියන්ගේ වගකීමක්‌ බවද එළවළු සහ පලතුරු අවම භාවිතය අතින් ශ්‍රී ලංකාව කැපී පෙනෙන බවද විඡේකෝන් මහතා තවදුරටත් පැවැසීය.

කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ
http://www.divaina.com/2013/11/23/news18.html

0 comments: