Pages

Sunday, November 17, 2013

වීදුරු ගෙවල්වල සිට ගල් නොගැසිය යුතුයි - ජනපති

ශ්‍රී ලංකාවේ  යුද අපරාධ සම්බන්ධයෙන් ඇති වු අමිහිරි කතාවලින් පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෝ සිය තුන් දින සමුළුව අද ( 17) අවසන් කිරීමට නියමිතව සිටිති.

ණය කළමණාකරණය හා  කාලගුණ විපර්යාස වලින්  සිදුවන තර්ජනවලදී බලවත් රටවලින් පුංචි රටවලට උදව් උපකාර කිරීම පිළිබඳව නායකයන් ඒකාබද්ධ නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතය.
එහෙත් තිස්හත් අවුරුදු යුද්ධය 2009 අවසන් කරද්දී යුද අපරාධ සිදු වී යැයි දෝෂාරෝපණ හා ප්‍රති චෝදනා වලින්  වැසී ගිය සමුළු සාකච්ඡාවල  බෙදීම වසන් කිරීමට එක්සත් නිවේදනය සමත් නොවෙතියි කියති.
සමුළුව ඇරැඹිමට පෙර කැනඩා ,ඉන්දියා හා මුරිසි නායකයෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් සමුළුව වර්ජනය කළහ.

බ්‍රිතාන්‍යය අගමැති ඩෙවිඩ් කැමරන් සමුළුව අමතමින් කියා සිටියේ   ශ්‍රී ලංකාව  සිය යුද අපරාධ ගැන පිළිගත හැකි පරික්ෂණයක් නොකළහොත්  ලබන මාර්තුවේදී එක්සත්ජාතින්ගේ සංවිධානයේදි තමා එම ප්‍රශ්නය මතු කරන බවට අනතුරු ඇඟවීය.

සමුළුවේ සත්කාරකවරයා වු මහින්ද රාජපක්ෂ ජනපති දින තුනේදීම  කියා සිටියේ අවසන් යුද්දයේදී සිදු වු දේ ගැන අන්තර් ජාතික පරීක්ෂණයකට ඉඩ දිය නොහැකි බවයි. වීදුරු ගෙවල්වල සිටිනවුන් අනුන්ට  ගල් නොගැසිය යුතු යැයි ජනපති කීවේය.

එක්සත් ජාතීන්ගේ හා මානව හිමිකම් සංවිධාන පවසනුයේ  හතලිස්දහසක් පමණ දෙනා යුද්ධයෙන් අවසන් දින මිය යන්නට ඇති බවයි.
බ්‍රිතාන්‍යය අගමැති නැගු චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ ජනපති මාධ්‍යවේදීන් සමඟ පසුව පැවසුයේ ඔහුගේ අදහස්වලට ගරු කරන නමුත් ශ්‍රී ලංකාව තමන්ගේ පරීක්ෂණ සදහා  තවත් කාලයක් අවශ්‍ය බවයි.

‘ඔවුන් අප විශ්වාස කළ යුතුයි පීඩනය එල්ළ කිරීමෙන් කිසිවක් සිදුවන්නේ නැහැ .බල කිරීමට හෝ අණ කිරීමට වඩා තව ටික කාලයක් ලබා දීමයි කළ යුත්තේ.’ මහින්ද රාජපක්ෂ ජනපති සමග එම පුවත්පත් සාකච්ඡාවට සහභාගී වු පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේශ් ෂර්මා පැවසුයේ සමුළුව ඉතා අර්ථවත් හා සාර්ථක   වු බවයි.

පොදු රාජ්‍යය මණ්ඩලිය සාමාජික රටවල් ගණන 53 කි.නායකයෝ 27 දෙනෙක් ඊට ආහ.

මේ අතර  ශ්‍රී ලංකාවේ ගැටුම ගැන විදේශ පරීක්ෂණයක් පැවැත්වීම ට ඉඩ නොදෙන බව ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේය.
‘ඇයි අන්තර් ජාතික පරීක්ෂයක් ඕනෑ සැබැවින්ම අපි එවැන්නකට ඉඩ නොදෙන්නෙමු.

http://www.lankadeepa.lk/index.php/articles/186206

0 comments: