
කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දුරදිගවිහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.
ඒ වීර වික්‍රම විභූෂණ වීරක්‍රියා සම්මානයෙන් දෙවරක්ම ඇගයීමට පාත්‍රවූ ලලිත් ජයසිංහ ඊට අමතරව දේශ පුත්‍ර ,උතුරු නැගෙනහිර සංග්‍රාමික,50 වන යුධ හමුදා සංවත්සර , පූර්ණ භූමි මෙන්ම 56 වන නිදහස් ස්වර්ණ ජයන්ති පදක්කම් වලින් ද ඇගයීමට ලක්විය.අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.
- යටියන ප්‍රදීප් කුමාර
http://lankacnews.com/sinhala/news/105372/
1 comments:
Hats off.................
Post a Comment