නව ඡන්ද නාම ලේඛනය සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 50,279 ක් හා වන්නි දිස්‌ත්‍රික්‌කයෙන් 29,846 ක් අලුතින් ලියාපදිංචිය ඉල්ලුම් කර ඇත.
එමෙන්ම ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉකුත් ඔක්‌තෝබර් මාසයේ ලබා දුන් කාල සීමාවේදී යාපනයෙන් 2,880, වවුනියාවෙන් 5,485 ක්, මුලතිව් 1,778 ක් හා මන්නාරමෙන් 4,226 ක් අලුතෙන් ලියාපදිංචිය ඉල්ලුම් කර ඇත.
මේ අතර රට හැර යෑම, මියයැම, ද්විත්ව ලියාපදිංචිය ආදී හේතූන් මත ඉකුත් 2012 ඡන්ද නාම ලේඛනයේ උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 35,196 දෙනෙකුගේ නම් කපා හරිනු ඇත.
2012 ඡන්ද නාම ලේඛනයට අනුව උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව (714,488) හත්ලක්‍ෂ දහහතරදහස් හාරසිය අසූ අටකි.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/11/30/news24.html
0 comments:
Post a Comment